මම් රොශන්ට කියුවෙ මම මැරිච්ච ගමන් ඔයාව ආරක්ශිත තැනකට ගෙනිහින් ...පස්සේ අගමැතිටයි අනෙක් අයටයි දැනුම් දෙන්න
ඒත් මම මැරුනා කියලා දැනගන්න හරියටම උබලා දොස්තරලද
මම මැරිලා නෑ සිහි නැතිවෙලා විතරයි
ඒකට කියන්නේ හයිබනේශන් කියලලු...හාට් එක ගොඩක්ම ඩැමේජ් උනාම කාඩියැක් මසල්ස් බලඩ් සප්ලයි එක අවම කරනවා ශරීරයට අත්‍යවශ්‍ය අවයව වලට විතරක්
ඒවෙලාවට ඇග දර්දඩුවෙලා ප්‍රදාන ක්‍රියා ඔක්කොම නතර උනාට මොලේ වැඩ
උන මෝඩයා වගේ මගේ ඇස් දෙක වහලා... හරකෙක් වගේ අඩ අඩ ඉන්නේ නැතුව... මගේ ඇස් දෙකට උබේ ෆෝන් එක ඇල්ලුවන්ම් පෙනෙයි මගේ කනීනිකාව පුන්චි වෙලා යනවා
වෙලාවට ඩොකා ආවා රොශානයා වෙඩිල්ල පත්තු කරන්න කලින්
මිනිහා දැනගත්තා මම මැරිලා නෑ කිය්ලා

මට තිබුනෙ ඩබල් ත්‍රිබල් වාසනාවක්
ඩොකා ඇවිත් තිබුනෙ එයාගෙ බෙස්ට් ෆ්‍රෙඩෙක් එක්ක
මිනිහා වැකේශන් එකට ලන්කාවට ආපු ගමන්
වැඩ කරන්නේ කෙලෙවර් ලෑන්ඩ් එකේ ...ඒක ඇමරිකාවෙ තියෙන හොස්පිට්ල් එකක් ...ලෝකෙ හොදම කාඩිලොජික් ට්‍රීට්මන්ට් යන්නේ ඒකේ
මිනිහා ඩො කාට කියලා ඉක්මනටම බේසික් සර්ජරි එකක් මෙහේ හොස්පිටල් එකක කරලා ඇමරිකාවට අරන් යමු කියලා
ඔක්කොම ඉක්මනට සිද්ද උනා...මට සති එකහමාරකින් සිහිය ආවා...සති තුනක් යනකොට ෆුල් රිකව උනා
මුල දවස් වල හාට් සිමියුලේශන් මැශින් එකකින් ජීවිතේ දිවුවේ
ඒත් මගේ හාට් එකේ සෙල්ස් මැරෙනවට වඩා හයිබනේට් වෙලා තිබිකා තියෙන්නේ
ස්ටිමුකේශන් එකෙන් පස්සේ ගොඩක් හරිය නෝමල් විදියට වැඩ කරනවා
උන්ඩෙත් අයින් කරා
කරපු සර්ජරි වල විස්තරයි වෛද්‍ය විද්‍යත්මක පැහැදිලි කිරීම් ඕනෙනම් ඩොකාට කෝල් එක්ක අරන් දෙනම් උබම අහගනින

මම මාසෙකින් වගේ ලන්කාවට ආවා
ගලේ ගැහුවත් මැරෙන්නේ නැති මම මාස එකහමාරෙන් ගොඩක්ම රික්වර් උනා
ලන්කාවට ආව ගමන් කලේ හොයන්න පුලුවන් හැම තැනම උබව හොයපු එක
ඒත් උබ මයිල් ගහක්වත් සාක්ශියක් ඉතුරු නොකර අතුරුදහන් වෙලා
හොද වෙලාවට මම හදවතට ඉඩ නොදී මොලෙන් වැඩ කරා ඉවසීමෙන් නැත්තන් වෙන්නේ රෝමොයෝ ජුලියට් කතාවෙ වගේ දුක්කිත අවසානයක් තමයි
ජුලියට් පැරිස් කුමාරයට බන්දලා දෙන නිසා මගුල ටිකක් පරක්කු කරන්න ජුලියට් ඇග පොඩි වෙලාවකට කෝමා කරන බේතක් බොනවා. එයාට ඕනි සොහොනෙදි සිහිය ආවාම රෝමියෝ එක්ක පැනලා යන්න. මැරුනෙ බොරුවට කියලා යවපු පනිවිඩේ ලැබුනේ නැති නිසා රෝමියෝ ඇත්තටම තමන්ගෙ කෙල්ල මැරිලා කියලා වහ බොනවා ජුලියට්ට සිහිය ඇවිත් බලනකොට රෝමියෝ මැරිලා...ජුලියට් වහ බීලා ඇත්තටම මැරෙනවා තමන්ගෙ ඔඑම්වතා ලගම.

HatharawaramWhere stories live. Discover now