ප්‍රොෆයි අන්කලුයි තව කෲ මෙම්බර්ස්ලා 5ක් දාගෙන ආයෙ ඩස්පිගෙ බෝට්ටුවෙ මූදු ගියා
අපි උන්දෙනට ගෙනියන්න ඕනෙ බඩු බෝට්ටුවට පටවලා දුන්නා
අනෙක් බෝට්ටු මුදලාලිලා කරනවා වගේ ඩස්පියා හැමදාම රේඩියෝ මද්‍යස්තානෙට ගිහින් බෝට්ටුවට අමතලා විස්තර දැනගෙන එනවා
මාලු වැටෙන්න පුලුවන් වේපොයින්ට් වලට යන කෝනය ගැන කියලා දෙනවා
උන්ට හොදට මාලු වැටෙනවලු...ඩස්පියා සතුටින් කියනවා මම අහගෙන හිටියා

විශාල ගෙදර තිබුන මාස්ටර් බෙඩ් රූම් එක ඩස්පියාටයි සමනලීටයි වෙන් කෙරුනා
ඒලග තිබුන සාමාන්‍ය කාමරේට මම ගියා
එහා පැත්තේ තිබුන කාමරේ මඩුවයි කවියයි හිටියා
ආලකම්න්දාවක තනි උනාවගේ හැගීමක් මට දෙනුනා
මුන් කපල් දෙකටම ලොකුවට ලැජ්ජවාවක් බයක් තිබුන උන් නෙමයි
ඒ නිසා උන් හිතුන හිතුන තැන්වල උන්නට ඕනි විදියට හැසිරෙනවා
ඒක මාව ලොකුවට අපහසු තාවට පත්කරා

පුරුදු විදියට මම ආයෙ මගේ තනිකඩ තනිකම පිරුනු ජීවිතේ
හිතේ තිබුන විරහව දන්නේ මගේ කොට්ටේ රෑ කීයක් නිදි නැතුව සූකිරි ගැන හුතවශ
ගතේ තියෙන රාගය ද්නේ මෙට්ටේ උදේට නැගිටිද්දි සූකිරිම්මගේ ලගින් ඉනව කියලා හිතාගෙන මෙටෙටනෙ තද කරන් ඉන්නේ

සීතල රෑක දෙපැත්තෙ කාමර වලින් ආදරේ රාගයේ දැවටිලා ගලාගෙන යද්දි ඇදන් වල චිරි චිරි සද්ද...කෙදිරිලි හඩවල් මගේ නිනදට බාදා කරා
ඒවගේ වෙලාවක මට සූකිරි නැති අඩුව තදේටම දැනිලා මම හීතල රෙද්ද පොරොවගෙන ගුලිවෙලා ඇඩුවා
කාමර දෙකෙන්ම ඕනෙ වෙලාවක මට පාලුව තනිකම නැතිකරගන්න විවෘත ආරාදනා තිබුනා
ඒත් මට තවදුරත් ලින්ගික තෘප්තිය කියන දේ ඕනි උනේ නෑ
ඒක මහ දුකක්
කරනකම් ඇගේ ගිනියමට දගල දගල හිටියත් ඇග හිස් වෙද්දි හිතට එන මූසල තනිකමටයි දුකටයි මම හරි බයයි
ඒ දෙගොලෝම මම තනියෙම ඉන්න එක ගැන දුක් උනා
සැරින් සැරේ ඇවුත් මම නිදිද බලලා මගේ පොරොවන රෙද්දත් හදලා යනවා

හිතේ කාන්සිය මකාගන්න නුතන මානවයා පාවිච්චි කරන් ඖෂධය මූනු පොත
නිකමට බැලුවා මූනු පොත
ඒක මගේ සැනසිල්ල තවත් නැත්තටම නැති කරා
රියල් එකවුන්ට් එකට මම දැන් කොන්වෙච්ච කැස් වටුවෙක්
කැමපස් එකේ උන් තරගෙට වගේ බදිනවා
වෝල් එකම මගුල් සක්වලක්
බදින්න කලින් ෆ්‍රී ශුට්
බදින දවසේ වෙඩින් ශූට්
බැන්දට පස්සේ හනිමුන් ශූට්
ෆස්ට් ඇනවසරි
ෆ්‍රෙග්නට් ෆොටෝ ශූට්
පුන්චි එක්කෙගෙ අතක් කකුලක් එක්ක නිල් රෝස රිබන් අල්ලගෙන ගහපු
බේබි ඩිලිවරි ශුට්
පොඩි එකාගෙ බර්ත් ඩේ ශූට්
පලවෙනි බර්ත් ඩේ ෆොටෝ
මොන්ටි සෝරි කොන්සට්
ස්කූල් ෆස්ට් ඩේ
බේබි හවුස් මීට් ...චිල්ඩ්‍රන් ෆෙයාර්
මට බලන්න කියවන්න ආසා හිතෙන කිසි දෙයක් නෑ
වැරදිලා හරි මම ෆොටෝ එක්ක දැම්මොත්
ඒක හොදයි කියන්න එකෙක් නෑ
ආආඅ...නාකි මනමාලයා රටවටේ ෆොටෝ දාන්නේ බදින අදහසක් නැද්ද
නාකි විසේ හරියයි බැදපන්
සදා තනිකඩ ගොන් වහන්සේ
මොකෝ අර නගිනැති ප්‍රශ්නේ තාම හරිගියේ නැද්ද...හොරිවිල වෙදමහත්තයගෙන් දෙනද අරන් කෙලින් වෙන බෙහෙතක්
වෙඩින් කේක් කෑල්ලක් කනේ කවදාද
ෆයිල් එක උඩට ඇවිත් තියෙන්නේ දැන් උබේ චාන්ස් එක බොස්
උබ බැදපන් ...සපොට් එකට අපි වැඩේ කරලා දෙන්නම්
ඔහොම හිටියොත්න ගෑනියි ළමයි එක්ක ඉන්න වරදට සමාව දෙන්න වෙන පැකේජ් එකක් ගන්නතමයි වෙන්නේ
පහු උනොත් සෙකන්ඩ් හෑන්ඩ් බඩුත් නැතිවෙයි
රියල් එකේ තවදුරටත් පොරක් වෙන්න ශෙයා කරන්න කිසිදෙයක් මට නෑ
ගෑනොයෙක් දරුවෙක්
ගෙවදින්න අලුත හදපු ගෙයක්
කැරකෙන පුටුවක වාඩිවෙලා ඉන්න ඒසී ඔෆිස් රූම් එකක් තියෙන ජොබ් එකක්
අලුත ගත්ත පොශ් වන්ඩියක් ( ලස්සන කාර් එකක්).
කොටින්ම රියල් එකේ ඉද්දි මට දැන්නේ මම හෙන ලූසර් කෙනෙක් වැඩකට නැති නිකමෙක්
මගේ හැගීම් තේරුම් ගන්න
හිතට සහනයක් දෙන චැට් එකකට
ඉස්සරකාලෙ මතක් කරලා විහිලුවක් කරන්න කිසිම එකෙක් නෑ
ඒක දිගේ උඩග පහලට ගියාම මානසික සන්කුල තාවයි ඉච්චාභන්ගත්වයයි විතරයි ඉතිරි වෙන්නේ.
එහෙමත් නැතත් නාකි ඇන්ටිලා ඉන්බොක්ස් එවනවා මගුල් යෝජනා එයාලගෙ දුවලට
හතර වටේ ගිහින් ටිම් එක ඇදාවුන අපේ බැච් වල කෙල්ලෝ උන්ගෙ ජිබිත අදුරේ ,අට ඇවිත් ඒවා ආලෝකමත්න්කරන්නලු
ඒ වගේ අයට මම වයරින් කරන බාස් කෙනෙක්ගෙ නම්බර් එක යවනවා
ගේ වටේටමයි අහවල් එකටයි බල්බ් එකක් එලගෙන
අදුර දුරලන්න කියලා
ෆේස් බුක් එකෙන් මිනිස්සු කොයිතරම් ආත්මවන්චාකාරයො වෙලාද කියලා හිතෙනකොට
සකර්බර්ග් අයියා හොයගෙන ඇමරිකාවට ගිහින් වෙඩි තියලා එන්න හිතෙනවා
තුන්සිය හැට හතරයි තවත් වේල් දෙකක්ම පරිප්පුයි බතුයි කන එකා
එකවේලකට පීසා හට් ගිහින් හැමදාම හට් එකෙන් කනවා වගේ ස්ටේට්ස් තියෙන ෆොටෝ දානවා
හද්ද කැත කෙල්ලෙක් එක දවසක් මගුලක යන්න සැලුන් ගිහින් මේකප් පවුඩර් ටොන් එකකඉන් විතර මූනෙ තියෙන අලි නාවන වලවල් ෆොටෝ ගහලා ගිරා නාගෙ අකුලගෙන කට උල් කරලා ෆොටෝ එකක් අමරුවෙන් ගහගෙන..එක්කෙත් තියෙන මුසල කෑලි බියුටිෆේස් එඩිටින් දාලා හදලා අයිස්චර්‍යඝෙ පස්ස පැත්ත වගේ ෆොටෝදාලා තමන්ගෙ ලස්සනයි කියලා අනුන් රවට්ටවන්න අහදනවා
තුන්සිය හැටපස් දවසෙම හොර ගෑනු හොර මිනිස්සු පස්සේ ගිහින් රන්ඩුවෙන කපල් එකපාරක් අවුරුද්දටම මූන ඉමත් එක දානවා රෝමියෝ ජුලියට් වගේ කියලා
වර්ටුවල් තිරයමත මවාගත්ත මිරිගුන්ලෝකෙක හැමෝම සතුට විකුනනවා
කොටින්ම් මැරෙනකන් ආච්චි බලන්න ආවේ නැතිඋන් වැඩිහිටි නිවාසෙන් ආච්චිගෙ මිනීය සුපිරි මල්ශාලාවකට ගෙනිහින් ෆීලින් අවුසම් විත් මැරිච්ච ආච්චී කියලා සෙල්ෆි දානවා
සතුට හොයන වීදියක
සතුට විකුනන වෙලෙන්දෝ
උන් උන් පරදා වැඩිපුර සතුටුවෙන බව ලොවට හඩගා කියන තරගකාරී සතුටු පොලේ සතුට කේවල් කරන වෙලෙන්දෝ
උන්ගේ සතුට උතුරන ෆොටෝ වලට ලන්සු තියන වෙන්දේසියෙ අපිත් සතුට සමරන කමෙන්ට් දානවා
ඇත්ත මූනදගෙන බොරුන් කියන රියල් එකට වඩා
බොරු මූනකට මුවා වෙලා හදවතින් ඇත්ත ජීවිතේ ගැන කතා කරන ෆේක් එකවුන්ට් එකට මම කැමතී
මගේ ජාතියේ උන් සතුටුවෙන දුක්වෙන සිල්ගන්න සිල් බිදින ෆේක් එකේ
කමෙන්ට් එකක් බලල
කවියක් කතාවක් කියවලා
හිත හදාගන්නවා
අත්තටම අපේ රටේ උන් හිතන්නේ බැන්දෙ නැත්ත ඒ මිනිහා මහා පරාජිතයෙක් කියලයි
උන් ඒක කියන්ව විතරක් නෙමයි නොබැද ඉන්න එකගෙ ඔලුවටත් ඒක දාලා ඌටම හිතෙන්නනරිනවා ඌ මහා කාලකන්නියෙක් කියලා
ඇත්තටම බැදපු උන් දෙනෙක්ගෙ නිදියහනට ගිහින් උන්ගෙ වෙන වෙනම ගැහෙන හදවත් වලට කන්දීලා බැලුවොත් දැනෙයි උන් ඉන්නේ මොනතරම් අසහනයකින්ද පීඩනයකින්ද ප්‍රශ්න ගොඩක් මැද්දෙද කියලා
කොහේ හරි රස්තියාදුවක් ගහා ෆිල්ම් එකක් කතාවක් බලලා බොන එකෙක් නම් බියර් එකක් බීලා තමන්ගෙ තනිකඩ කාමරේට ඇවිත් නිදියන එකාගෙ තියෙන නිදහසට උන් කියන්නේ කාලකන්නි කම
"උබ නාකි උන කාලෙක උබව බලාගන්නේ කවුද ...දරුවෙක් නෑ ගෑනියෙක් නෑ...නිකන් කාලකනිනියෙක්"
ඒත් නාහේ මූනෙ තියගෙන හදන දරුවො වයසට ගිය දෙමවුපියො බලාගනිද
බලාගනී කියලා ශුවර්ද?
එහෙනම් ඇයි රටේ වැඩිහිටි නිවාස වැඩිවෙන්නේ ඒවයෙ ඉන්නේ ඔක්කොම තනිකඩ ජීවිත ගෙවපු උන්මද
ඉඩම් බෙදාගන්න බැරුව...බිසී ලයිෆ් 3ක නිසා දෙමවුපියො බලාගන්න බැරුව අම්මා තාත්තා කුකුල් කූඩුවට දාන සමාජෙ කොහෙද ගැරන්ටියක් කසාද බැදලා දරුවො හැදුවාම සැනසිල්ලේ මැරෙන්න පුලුවන්න්කියල
මගේ හිතේ ගොඩක් දේවල් නලියනවා
ඒත් මම ඒවා බදින්න බදින්න කියන උන්ගෙ මූනට කියන්න ගියේ නෑ
මොකද මිනිස්සුන්ට කිසිදෙයක් තේරුම් කරලා වැඩක් නෑ
උන් තේරුම් ගන්නේ උන්ට වාසි ටික විතරයි
කොහොම උනත් මම කැමති නෑ වගකීම් වලින් කොටු ගහපු විවාහයක හිරවෙන්න
අනික් උන් මොනව කියුව්ත් මට ඕනි සූකිරිගෙ මතකයත් එක්ක තනිඋන ජීවිතේ හීන්සැරේ ගෙවලා දාන්නන
ෆේක් එකත් වෙලාවකට එපා වෙලා යනවා
ඒක හරියට ඉ රිදා ලන්කාදීපෙ මන්ගල කින්කිනි වගේ
කෙට්ටු උස ලස්සන මල්ලිලා මසල්ස් තියෙන බොඩි බිල්ඩින් අයියලා හොයනවා
තග් ලුකින් අයියලා විස්සට අඩු කියුට් මල්ලිලා හොයනවා
කැත මහත අයියලා මල්ලිලා රගමඩල හිමි නැතුව කොනකට වෙලා කොන්වෙලා අනික් උන්ගෙ රැගුම් බලන් ඉන්නවා
තව වෙලාවකට ඒක කීල්ස් සුපර්මර්කට් එකේ කුකුල් මස් දාපු ෆ්‍රිජ් එක වගේ
හොදම ලෙග්ස්, හොදම බ්‍රෙස්ට්. හොදම වින්ග් හොදම ෆ්‍රෙලෙශ් , ලිවර් ගිසාඩ්
හොදම ඒවා වෙන වෙනම විකුනනවා
ඒවගේ මේකෙත් ලස්ස්න කකුල් ලස්ස්න කොන්ඩ බෝල පුක රෝස තොල් අහින්සක් ඇස් දිලිසෙන නියපොතු
වල ගැහෙන කම්මෞල් හැඩේට වවලා කට් කපපු ලොකු රැවුල්
හැම කෑල්ලම වෙන වෙනම විකුන්නවා
ඒවා මාකට් කරන එකෙන් මොනවද බලාපොරොත්තුවෙන්නේ
එක්ක්කෝ හු..කන්න හරි හු...කාගන්න හරි එකෙක් සෙට් කරගන්න
නැත්ටන් ඇගේ කෑල්ලක් පෙන්නල පොරක් වෙන්න
අනික් උන්ගෙන් ලැබෙන
ලවු යූ
ලස්ස්නයි
ඔයා මගේ
නියමයි
මාරයි
අකුරු ටිකක් ටයිප් කරවගන්න
සමහර වෙලාවට ඒක ගනිකා නිවාසයක් ..ප්ලේස් තියෙනවා..වෙලාව තියෙනවා...සුදුසුකම් තියෙනවා
හැබැයි නෑ
ආදරේ
නෑ
යාලුකම
නෑ
සහෝදරකම
විනාඩි 15 ෆන් එකෙන් පස්සේ මත්වෙන තෙහෙට්ටුවයි
හොරාටම ඇගට රින්ගන සමාජරෝග ටිකයි විතරයි ඉතුරුවෙන්නේ
වැස්සකාලෙට ගමේ කමතේ පිදුරු ගොල්ලේ ඉද්ලොලු පිපෙනවා
ආ...උබලා ඉදලොලු දන්නේ නැති පොශ් පීපල්ස් ලානේ
ඉදලොලු කියන්නේ හත්තක්...ආ...හරි මශ් රූම් කියනේ ඒව තමයි
යායට පිපෙන ඉදලොලු කොහෙන් එනවද දන්නේ නෑ කොහේ යනවද දන්නේ නෑ
එකපාර මහ ගොඩක් පිරිලා හැමතැන ආක්ක්‍රමනය කරලා
එකපාර නැතිවෙලා යනවා
අන්න ඒව ගේ ෆේස් බුක් බක පන්ඩිතයො හිටපු ගමන් ෆේක් එකේ මතුවෙනවා
උන්ගෙ ෆෝස්ට් ..අනුගාමිකයන්ගෙ කමෙන්ට් වලින් බුකිය පිරෙනවා
ඒ කමෙන්ට වල තියෙන පන්ඩිත ආත්මාර්තකාමී ගතිය දැක්කම
හොයාගෙන ගිහින් හොම්බට ඇනලා එන්න හිතෙන තරම් සුන්දරයි..ආකර්ශනීයයි
ටික දවසක් රගලා උන් නැත්තටම නැති වෙලා යනවා
ඉදලොල්ලො
මගේ හිතේ තියෙන දුක පොඩ්ඩක් අමතක කරලා හිත ටිකක් නිදහස් වෙන්න චැට් එකක දාන්න ගියාම
ඒකෙ උන්ට මට වඩා ප්‍රශන
හිතේ දුක නිවාගන්න රේඩියෝ එක ඇහුවා වගේ තමයි විරහ ගී විතරයි මොරාල් අප් වෙන හිත සැහැලුවෙන මුකුත් නෑ
ඒවයෙ කොල්ලෝ අඩන්නේ වැලපෙනේ මීහරක් වගේ
ටිකවෙලාවක් උන්ගෙ ප්‍රශ්න ඇහුවම මටත් හිතෙනවා ශරෙයා කරලා ග්‍රැමක්සෝන් බෝතලයක් අරගෙන හැමෝටම ශොට් එක එක දීලා ඉතිරි හරිය මමත් ගහලා එක තැන වැලලෙන්න
අනෙ අම්මපා එකම එක සක්සසි ලයිෆ් ස්ටෝරියක් නෑ ෆේක් එකේ හිතලා සතුටුවෙන්න
සමහරවිට හොද ජීවුත තියෙන ගේ අයට ෆේක් එකවුන්ට් ඕනෙ නැතුවනැති
උන් රියල් එකවුන්ට් එකෙන්ම ජීවිතේ විදිනව ඇති
ආදරේ සෙක්ස් වලින් තොර ගේ ලයිෆ් එකක් ඇත්තෙම නැද්ද
හැම එකාම
ආලය
රාගය
කාමය
විරාගය
හතරට පැටලිලා සූස්ති ගැහුවා වගේ...ඇට පිටින් ගන්ජා කෑවා වගේ...මෝදක ගිලපු අබරන් වගේ
ඒකමනෙ කියවන්නේ
රෙද්ද රියල් එකේවත් ෆේක් එකේවත් මගෙ ජීවිතේ නෑ
මගේ ජීවිතේ තියෙන්නේ මැරිච්ච සූකිරිගෙ මතක අතරෙ විතරයි
සකර්බර්ක් ගෙ අම්මා බුදුවේවා කියලා හිතලා
ෆේස් බුක් එක අන් ඉන්ස්ටෝල් කරලා
ෆෝන් එක ඕෆ් කරා
ජීවිතෙර් ලස්සන සමබන්දතා නැති උනාම
ෆෝන් එක නිකම්ම චොපින් බෝඩ් එකක් ලී කෑල්ලක් විතරයි
හිතට සතුටක් එන්න
කතාකරන්න චැට් කරන්න කෙනෙක් නැතුව
අපිට මොන ෆෝන්ද මහතයෝ
බැදපු උන් දරුවො වෙනුවෙන් ආයෝජනය කරනවා මොකද වයසට ගියාම උන් තමන්ව බලාගනී කියලා හිතලා
ඒත් ඒක අවදානම් සහිත ආයෝජනයක් පොඩි එකා වැරදි පාරක ගිහින් ජීවිතේ වරද්දගතොත්...හදිසි අනතුරකින් නැති උනොත්...දුශ්ට ලේලියෙක් බෑනෙක් ලැබිලා උන්ගෙ බහට නටන රූකඩයක් වෙලා අපිව එලියට විසිකරොත්....අපේ දේපල වලින්ම යැපෙන නිකමෙක් උනොත්...හුස්මගන්න තරම් බිසී වෙලා උන්ගෙදරුවොත් අපිටම බලාගන්න වෙලා නාකි කාලෙත් ගෙදරක වැඩ කාරයෙක් වගේ බැලමෙහෙවරකන් කරන්න උනොත්...පොඩ්ඩ බැරි වෙනකොට බැනුම් අහ අහා...ලෙඩට දුකට බෙහෙතක් අරන්දෙන එකත් මල වදයක් උන තැනක හිරකාරයෙක් වගේ ඉන්න උනොත්...තමන් හමබකරපු දේපල බෙදලා දෙන්නන්කියලා තමන් එක්කම ර්න්ඩුවෙවී තමන්ට අපහාස කරන මාරදූවරු සෙට් එකක් ලැබුනොත්
ඒ අතින් තනිකඩයට මොලේ කල්ප්නා කරලා ලැබෙන ආදායම ඉතුරුකරොත් ...සල්ලි ගෙවලා සැපට ඉන්න ඕල් කෙයාර් හවුස් එකකට යන්නන්පුලුවන්
ලන්කාව අව්ගේ පාලු කොදෙවුවක තවම නැතත් දියුනු රටවල් වල තියෙන ජාතියෙ මේ වගේ තැනක අවසාන කාලෙ සතුටෙන් කාටවත් යටහ් නොවී ඉන්න පුලුවන්නම්
ඒ ජීබිතේ සතුටක් නැද්ද?
සතුට කියන්නේ මහ පුදුම් දයක්
උබේ සතුට නෙමයි මගේ සතුට
ඒ නිසා මිනිස්සු උන් බැදලා සතුටෙන් ඉන්නේ කියලා ඒ සතුටම මගේ ඔලුවෙ නවන්න එනකොට මට මල පනිනවා
මම ගෙවන මගේ තනිකඩ ජීවිතේ මම සතුටෙන් ඉන්නවා කියලා දැනෙනනවනම්
අනික් උන්ගෙ චරිත සහතික වල වැදගත් කම මොකද්ද?
සමහරවිට මේක කියවන එකෙක්ට හිතෙයි නොබැද වයසට ගිහිපු නිකමෙක් බැදපු උන්ට ඉරිසියාවෙන් ගහපු පෙස්සමක්...කාලකන්නි හිත නිවන කතාවක් කියලා...ඒත් මම ඉන්නෙ මට හිතෙනන්විදියට ඒක ගැන මම තෘප්තිමත් බලෙන් මේ බදිනවා කියන එක මගේ ඔලුවට පටවන්න එද්දී මට මල පනින්නේ.

HatharawaramWhere stories live. Discover now