ඒක හෙනම ලොකු පුදුමයක්
මම දිහාවට දන්න මූනක් පාවෙලා එනවා
කෝනේශ්වර්ම් දේවලේ දෙවියන්ටවත් මම කියපු දේ ඇහිලද
පාවෙලා නෙමයි මම ලගට පීනගෙන ආවේ ඩස්පියා
ඉස්සර තිබුන ඇස් දෙකමයි ඒ හිනවමයි ඒත් මූන ගොඩක් වෙනස් වෙලා
මහත ජබ්බා පෙනුම නෙමයි හොදට පදම් උන හැන්ඩි මූනක්
හරිඅයටම ඩස්පියද නැත්තම් මම වෙනෙකෙනෙක්ට රැවටෙනවද
මටම හිතාගන්න බැරි උනා
""අඩෝ විනෝදයෝ...තෝව දැක්ක කල්....ගල් මූසිලයා....කොහෙද යකෝ තෝ හිටියේ ""
ආආ...කිසිම සැකයක් නෑ ඒ කටහඩමයි ඒ කතාවමයි...මේ ඩස්පිඅයාමයි
""මචන් ඩස්පියා...උබ යකෝ මෙතැන"
මම හෙන දුක් කන්දක හිරවෙලා ඉදලා එකපාරට පොඩි සතුටක් මෝදුවෙනවා වෙගේ දැනුනා
ඩස්පිඅයා වතුරෙම මාව බදාගත්තා
දෙන්නම මූදේ ගිලුනා
මම ලොකු කැස්සකුත් එක්ක වතුරෙන් උඩට ආවා හුස්ම අල්ලහෙන
මෝඩයා ඉස්සර වගේමයි පිස්සුව තාම හොද නෑ
අපි දෙන්නා කරට අතදාගෙන වතුරෙ ඇවිදන් ග්ලූකෝස් පැකට් එකක් වගේ සිහින් වැල්ලට ආවා
ඩස්පියා හිතාගන්න බැරි විදියට වෙනස් වෙලා
ටිකල් රලු පාටයි
ඒත් ෆුල් ෆිට් බොඩිය
එකපාරට ගමකට උනත් ගහයි
මෑන් හන්ට් තරගෙක 100 ඛ්ග් ග්‍රොඋප් එකෙක් ඉන්න කලු යෝදයෙක් වගේ අලී මස් පිඩු
මම ගිහිඔඋ එකම ජිම් එකකවත් හිටියෙ නෑ මේවගේ විශාලෙට මස්පිඩු හදාගත්ත බුවෙක්
"මට කියපන් මෝඩයා ...උබ උබේ නෑයොත් එක්ක මොන මගුලකද ගියේ"
මම ඇගිලි තුඩුවලින් ඉස්සිලා ඩස්පිගේ තෙත ගොන්ඩෙ ඇගිලුවලින් හෙලෙවුව වතුර විදින්න
ඉස්සර අපි ගගේ නාද්දි එහෙම කරනවා
5.10 ක් උස් මම සාම්න්‍යයෙන් උසයි කියන කැටගරියේ හිටියේ
ඒත් 6.3ක් විතර උස ඩස්පිආ ලග මම අගුටු මිට්ටෙක් වගේ මට දෙනුනා
"උන් මාව අරන් ගිහින් මම පැනලා එන්න හදදි උන් මූදුයන බහුදින යාත්‍රාවක දාගෙන මුහුදු අරන්ගියා...මූද මැද්දේ මම කොහොම පැනලා එන්නද...කැමැත්තෙන් හරි අකැමැත්තෙන් හරි බෝට්ටුවෙ ඉන්නම් එපැයි...මාස දෙකක් බෝට්ටුවෙ පන්න කරා (පන්න කරනවා කියන්නේ දීවර බාශාවෙන් මාලු අල්ලනවා) ඒක කසිකබල් බෝට්ටුවක්...අපි ඉන්දියා හරියෙන් එද්දි ...හුලන් කෝඩේ ගැහුවා..අපි දිය වැලකට අහුවෙලා දියබේ ඉදන් ඉන්දියන් බෝඩරේට පාවෙලා හියා....ඉන්දියන් නේවි කාරයෝ අපි බෝඩර් ක්‍රොස් කරා කියලා අලගෙන ගියා...මාස හතක් කේරලේ හෙර ගෙදරක හිටියා...ඒක අමු අපායක්...පස්සේ ලන්කා රජයෙන් අපිව බෙරගෙන මෙහේ ගෙනාවා...ඒත් මට උබලා බලන්න එන්න බැරි උනා ....මම ලග සල්ලි සතyඅක්වත් තිබුනෙ නෑ
ලිදට වැගිච්ච එකා ලිදෙන්නම ගොඩ එන්න ඕනෙ
වෙන රස්සවක් දෑතෙ කර්මාන්තයක් දැනගෙන හිටියෙ නෑ
ඒ නිසා අයෙ බෝට්ටු නැග්ගා
එකක් ගියා මාස එකහමරෛ
ගොඩ ආවා ගමන් තව එකක් ගියා
මාස දෙකකට කිට්ටුයි
අතේ ටිකක් සල්ලි තිබුනා
අවුරුද්දකට පස්සේ ගමට ආවා"

HatharawaramWhere stories live. Discover now