රොශාන්ලා වගේ දැඩි මිනිස්සු අතරෙත් පකශපාතී බව ලෙන්ගතුකම මේතරම් තිබුන එක ගැන මට පුදුම හිතුනා
මට තනිවෙන්න ඕනි වගේ දැනුන නිසා මම ත්‍රිකුණමලේ ටවුමේ බීච් එක ලගින් බැහැලා මූදේ නාන්න ගියා
ඇදුම් ඔක්කොම ගලවලා බොක්ස් ජොකා විතරක් ඇදගෙන
නිකට ගාවටම වතුරෙ ගිලීගෙන මම හිටියේ
ම්ට මතකයෙන් සූකිරිගේ අප්‍රානික ඇස් අමතක කරන්නම බෑ
සූකිරිගෙ විතරක් නෙමයි
තාත්තා වෙඩිවැදිලා වැටිලා ඉද්දි මගෙන් අඩ අඩා උදවු ඉ ල්ලපු හින්නගේ ඇස් දෙක
හොස්පිටල් එකේ අන්තිම මොහොතේ මම එද්දි කැඩිච්ච ඇගිල්ල ගැට ගහගෙන යන්න එපා කියන්න වගේ මම දිහා බලන් හිටපු බෝල්ට්ගෙ ඇස් දෙක
බඩු ටික පැක් කරගෙන දොර වහලා පිටත් උන අන්තිම මොහොතේ දැක්ක ගිහාන් අයියගෙ ඇස් දෙක
ඒ හැම ඇස් දෙකක්ම මම දිහා බලාගෙන මගේ ජීවිතෙන් යන්න ගියා

සූකිරියා ගමටනැවිත් මාව මේ විකාර ජීවිතේට ඇදලා නොදැම්මා නම්
මම තාම ගමේ
මේ වෙනකොට මේසන් වැඩක් හරි කුලී වැඩක් හරිරජයේ පියන් කෙනෙක් හරි වෙලා
සච්නි නන්ගිව බැදලා
මේ වෙනකොට දරුවො දෙන්නෙක් ගෙ තාත්තා කෙනෙක්
පොඩි උන්ගේ බඩ වියත රකින්න උදේ ඉදන් මහපොලොව එක්ක් හැප්පිලා
ඇගේ මහන්සිය අමතක කරන්න
කුණු ලොරියෙ වැඩකරන් ස්ඩස්පියා
ගමේ තොරන් ගහන හින්නා
මනමලියො අන්දන සමනලී
එක්ක පොඩි අඩියක් ගහලා
ගෙදර ගිහින් පොඩි උන්ගේ හුරටහ්ල් වැඩ ටිකක් බල බලා ඉදලා
නිදියනවා
මේ ප්‍රශ්න කිසි එකක් නෑ
සූකිරිට තිබුනා අරමුනක්
රටේ අගමැතිවෙන පස්සේ ජනාධිපතිවෙන්න
ඒක එයාගෙ තාත්තා පොඩි කාලෙම එයාගෙ ඔලුවට දාපු මනස්ගාතයක්
ඒත් පස්සේ එයා ඒ හීනේ මම නිසා සමරිසි ජීවිතේට සම්බන්ද කරා
රටේ නීතිය වෙනස් කරන්න
මාව බදින්න ඕනෙ නිසාම
මට සමාජෙන් ගෞරවයක් ලැබෙන්න ඕනි නිසාම
තාත්තා මරලා පාතාලෙ ඇල්ලුවේ කවද හරි මම එක්ක ඉන්නවා තාත්තා දැනගත්තොත් මාව මරයි කියලා බයට...මගේ ආරක්ශාවට
මගේ ආරක්ශාවට කියලා උබ මාව උබෙන් මොනතරම් ඈත් කරාද
ඒත් මට ආරක්ශාවෙනවට වඩා ඕනෙ උනේ උබේ ආදරේ බව උබ දැනන් හිටියද
ඒ නිසා කොයිතරම් මම විදෙවුවද
උබ නැති තනිකම අමතක කරගන්න මම එක එකා ලගට ගිහින් ආදරේ හෙවුවා
අන්තිමේ ඩීසන්ට් කොල්ලෙක් විදියට හිටපු මම අතින් අතට පාස් වෙන පිරිමි ගණිකාවකගෙ මට්ටමටම වැටුනා
එයා ගෑනී දරුවො අත ඇරලා මම ලගට එන්න හිටියේ...මට තිබුන ආදරේට
මට ආදරෙයි කියලා උබ ආපු පාරනම් හරිම පිලිකුල් සහගතයි
මිනී කීයක් උඩින් ආපු ගමනක්ද
ජීවිත කීයක් විනාශකරලා ගත්තු ජයග්‍රහනයක්ද
ලේ වැකුනු අතකින් ආදර මුද්ද පලදවලා වැඩක් තියෙද
කලබල නොවී අපි දෙන්නා හෙමින් හිතලා මොලෙන් වැඩ කරානම්
මීට වඩා සාධාරන පාරකින් අපිට අපේ ආදරේ දිනාගන්න තිබුනේ නැද්ද?
මැරුනත් කමක් නෑ අඩුම තරෙමෙ දෙන්නනා එක්කා පුලුවන් තරම් හොද මිනිස්සු වගේ ආදරෙන් ජීවත් වෙලා
මේ ඔක්කොම මට සූකිරිට කියන්න ඕනෙවෙලා තිබුන ඒවා
මුදු වතුරෙ බැහැගෙන මට එයාට කියන්න අවස්තාවක් ලැබුනනම් මෙහෙමයි මම කියන්නේ කියලා එක පේලියට හිත ඇතුලේ ගොනුකරගත්තා
ඒත් මට ඒවා එයාට කියන්න ලැබෙන්නේ නෑ කවදාවත්
එයාගෙ හුස්ම ගිහිපු ශරීරෙ අප්‍රාණික ඇස් දෙක වැහුවේ මගේ අතින්මයි
ඒ ඇස් මගේ දිහාට යොමුවෙලා මලානික් වෙලා සදහටම මැරිලා ගිය හැටි මට් කවම දාවත් අමතක කරන්න බෑ
අනේ මේවෙලාවෙ මාලග ඉන්න ඕනි මට ඇත්තටම හිතවත් කවුරු හරි
මගේ ඇගට නෙමයි මගේ හිතට ආදරේ කරන අය
හින්නා ඩසිපියා සමනිල්ල් කවුරුම හරි මාව පොඩි කාලෙ ඉදලාම තේරුම් ගත්ත කවුරු හරි
සූකිරිට කියාගන්න බැරි උන වචන ටික කියලා නිදහස් වෙන්න
සෙක්ස් වලට නැතුව සහෝදරකමෙන් මාව තුරුල් කරන් ඉන්නා
මගේ හිත හදාගන්නකන් මම ලග තනියට ඉන්න
අවුරුදු ගානකට පස්සේ මට ආයෙ මගේ උන් ඕනි උනා
වෙන හැමදාකටම වඩා
සමහරවිට මට උන්ව තදින්ම ඕනි උනේ සූකිරි මැරෙන වෙලාවෙ හින්නාව මතක් කරපු නිසා වෙන්න ඇති
හිත යට හැන්ගුනු යාලුකම් එලිපිට ඕනි කියලා මට දැනෙනවා
දැන් උන් වෙනස් වෙලා ඇති
ඒත් ටිකක් හරි මාව මතක ඇති
මට අයෙ උන් දකින්න තියෙනවනම්

HatharawaramWhere stories live. Discover now