ඒකයි දකුණු ආසියාවෙ අපෙයි සුද්දන්ගෙයි වෙනස
අපේ ෆිල්ම් හින්දි ෆිල්ම් වල උනත් කවුරු හරි මැරුනොත් ...කෙල්ල පැනලා ගියොත් මුලු ෆිල්ම් එක පුරාම කොල්ලා හොටු පෙර පෙරා අඩ අඩා මල්ගස් වටෙයි ලොකු ගල් වටෙයි කැරකි කැරකි දුක කියලාම ෆිල්ම් එක ඉවර වෙනවා...කන්නේ නෑ බොන්නේ නෑ ජොබ් එකක කරන්නේ නෑ...අදෝනාවම විතරයි
ඒත් ඉන්ග්ලිශ් වල ගෑනි දාලා ගියානම් මිනිහා බාර් එකකට ගිහින් බීලා කල්බ් එකකට ගිහින් නටලා ගෑනු දෙතුන් දෙනෙක් එක්ක නිදාගෙන ඉදලා පහුවෙනිදා ජොබ් එකටත් යනවා...සතියකින් තව එකෙක් එක්ක ආයෙ ජිව්ජ්තෙත් පටන්ගන්නවා
බෝල්ට් ටිකක් බටහිර ආරෙට හැඩ ගැහිලා හිටියෙ හැගීම වලට වඩා වැඩ වලට මුල්තැන

අපි දෙන්නා ගොඩක් රෑවෙනකන් දත්ත විශ්ලේශනය කරා
මම ගණන් වලට බයයි
ඒනිසා සන්ක්‍යනය වහකදුරු වගේ
මට බෝල්ට් කියලා දුන්නා අන්ක එකතු වෙලා කතන්දර කියන්නේ කොහොමද කියලා
ඒක මට රසවත් උනා
මම එකතු කරපු දත්ත කම්පුටරේ තියෙන සොෆ්ට් වෙයාර් එක ඇතුලෙදි එකෙනෙකා එක්ක එකතු වෙලා වෙන් වෙලා ලස්ස්න කතන්දර කියනවා....ඒවට බය නැතුව ඇහුන්කන් දෙනවනම් එයාලා අපි එක්ක යාලු වෙනවා....
ලොකූ බයිඩ් පැකට් ගෙනත් එලිවෙනකන් කාකා වැඩ කරේ නිදිමත එනනිසා
හිතල හිතලා හිතාගන්න බැරිම උන තැන අපි දෙන්නා ඇදන් දෙකේ බිත්ති වලට කකුල් තියන් ඔලුවෙන් ඉදගෙනත් හිතුවා
රිසර්ච් පේපර්ගොඩක් කියවලා අපිට ඕනි දේ හරියට හොයාගත්තාම එන සතුට දවස් ගානක් පතලක් හාරපු එකෙක්ටමැණිකක් අහූනාම දැනෙන සතුට වගේ
බෝල්ට් එයාගෙ අනික් ඔක්කොම වැඩ අතපසු කරගෙන මගේ රිසර්ච් එකේ වැඩමයි කරේ
මිනිහා එක්ක වැඩ කරන්න මම කැමතී...සන්කීර්න ගැටලු පුන්චි කෑලි වලට කඩලා සරළ විදියට තේරුම් ගන්න එයාට හොද හැකියාවක් තිබුනේ...මමත් ඒ ආට් එක ටික ටික ඉගන ගනිමින් හිටියේ

අන්තිම ප්‍රසන්ටේශන් එක තිබුනා දවසට කලින් දවසෙ රෑ අපි නිදා ගත්තෙම නෑ
එක දිගට සලයිඩ් හැදුවා මැකුවා ආයෙ වෙනස් කරා
"ඌරා මේක තමයි ප්‍රසන්ටේශන් එකේ කලෛමැක්ස් එක...කන්ෆිඩන්ස් පිට ප්‍රසන්ට් කරපන්...හරියටම ප්‍රනවුන්ස් කරපිය"
"අනේ මේ කලෛමැක්ස් එකක් එන්න මේක ෆකින් ගේමක් නෙමයිනෙ"
"අපෝ උබ දැන් කරන විදියනම් හරියට අර නාකි මිනිහා එක්ක උබ නිදියනකොට එන කලෛමැක්ස් එක වගේනෙ...එහෙම නැතුව හොද විසේ තියෙන කොල්ලෙක් එක්ක ඉදලා එන කලෛමැක්ස් එක වගේ කරපිය"
මට සූකිරිව මතක් උනා...එයත් එක්ක ඉද්දි මම විදපු සතුට
"අන්න අහරි ඒ විදිය තමයි...උබට එක පාර ආච්චි වැහුනද...ඒ සැරේනම් නියමෙට කරා"
නෑ මට සූකිරි වැහුනා ...අවුරුදු 4ක් ගිහිලත් එයාගෙ මතකය මාව ගිනියම් කරනවා

HatharawaramWhere stories live. Discover now