"දැන් ගියොත් හොදයිනේ...මෙයාට ඒතරම් කතාකරන්න හොද නෑ...මම හොද උනාම කැම්පස් එව්qන්න බලන්නම්...ඒත් ඉතින් මේවගේ නම් ළමයින්ට සලකන්නේ...ඔයවගේ තැනකට පොඩිඋන් යවන එකත් මහ බයානකයිනේ" ගිහාන් අයියා කතා කරන්නේ මහ තලතුනා මිනිහෙක් වගේ. ඒකත් හොදයි. එයා කැමති නෑ කාගෙවත් හිත රිද්ද්වන්න.

"මල්ලී ආයේ ඔයාට හොද වීගෙන එනකොට මම එන්නද බලන්න"
"නෑ එහෙම ඕනෙ නෑ...මම අර පැමිනිල්ල ඉ ල්ලා අස්කරගන්නම් ...එතකොට හරිනේ ..දැන් යන්න"

මම තරහෙන් වගේ කියුවත් පස්සේ මගේ හිතට අවුල් වගේ උනා අන්කල් මගේ ඔලුව අතගාලා යනකොට
"පුතාට තුනුරුවන්ගේ පිහිටෙන් ඉක්මනින් හොදවෙයි...මොනව හරි උවමනාවක් උනිත් කියන්නකෝ පුතේ"
තමන්ගෙ පුතා කරපු වැරැද්දට ඒ මනුස්සයා එක්ක තරහාවෙලා වැඩක් නෑ
ඒනිසා...මම කියුවා
"එහෙනම් ....පරිස්සම්න් යන්න මාමේ"

මම පැමිණිල්ල අයින්කරගත්තත්
බෝල්ට් දිගටම අපේ බෝඩිමට ආවා
මම වැඩිය ගන්නගන්නේ නැති නිසා ගිහාන් අයියා එක්ක කතා කර කර ඉදලා යනවා
හැමදාම මට ඉස්සරින්දා දවසේ නෝට්ස් ගෙනත් දෙනවා
අපේ බැච් එකේ උන්ගෙන් අහලා මගේ එසයින්ග්මන්ට් කරලා සබ්මිට් කරනවා
ඌ ඇත්තටම කරපුවාට පසු තැවෙනවා ද මන්දා?
කොයිතරම් එලෙවුවත් ආයෙ ආයෙ එන නිසාම මමත් පස්සේ පස්සෙ ටික ටික කතා කරා

"ඇයි තමුසෙ මගේ පස්සෙන්ම ඇවිත් මට දිගටම රැග්කරේ"
"මම දන්න කෙනෙක් ඉන්නවා උබවගේම ඒකයි"
"මාර මිනිහෙක්නෙ ඕයි තමුසෙනම්....අදුනනවානම් මොකද රැග් කරනේ"
"නෑ ඌත් එක්ක මගේ ඇරියස් එකක් තිබුනා....උබට තියෙනෙත් උගෙ ගුටිකන මූනමයි"
"අනේ හුකේ ...උබේ ඇරියස් ඌක්ක තියාගනින්....මාව ඕවෙට ගාවගන්නෙ නැතුව"
"නෑ මල්ලී උබට තියෙන්නේ උගේ ඩයල් එක උනාට කැරක්ටර්ස් ඌට වඩා ගොඩක් ගෙනස්...උබ හොද එකෙක්...මට වැරදුනා...මූනෙන් මිනිස්සු මනින්න බෑ"
"මූනෙන් බැරිනම් අහවල් එකෙන් මිනිස්සු මැන්නත් මට කමක් නෑ....ආයෙ වතයක් වෙන්න මෙහේ එන්න එපා"
"එහෙම බෑ....ඕයි...තමුසෙ ආයෙ කැම්පස් එනකන්ම මම එනවා දිගටම"
"දැන් මම ආවත් නාවත් ඔයාට ප්‍රශ්නයක් නෑනෙ....ඔයාගෙ සස්පෙන්ඩ් වෝනින් අයින් කරලානෙ....තමුසෙත් හොද මුටිටි කාරයෙක් වෙන්න ඇති ඒකනේ ඇඩ්මින් එක ඔය තරම් ඉක්මනට කේස් එක විසි කරේ"

HatharawaramWhere stories live. Discover now