ගිහාන් අයියා බලෙන් මාව බෝඩිමට ගෙනත් වදෙන් කෑම ටිකක් කව්ලා ස්ලීපින් ටැබ්ලට් එකකුත් දුන්නා
ඊට පස්සේ පුටු සැටියේ වාඩි වෙලා කොට්ටයක් එයාගෙ උකුලෙ තියන් මට සැටියේ ඇලවෙන්න කියුවා
දැන් එයා මගේ ඔලුවට ඕඩි කොලොන්දාලා මසාජ් කරනවා
"මල්ලී මම උබේ විස්තර මුකුත්ම උබට බල කරලා ඇහුවේ නෑ මීට කලින්....ඒ මම ඔයාගෙ පෞද්ගලිකත්වයට ගරු කරන නිසා....ඒත් උබ මට අද ඔක්කෝම දේවල් කියන්න ඕන...ඔහ හිත ඇතුලේ නලියන ගිනිකන්ද පුපුරන්න ඉඩ දීපන්...ඒකෙන් ගලන පිච්චෙන උණුකරලා දිහකරන ලාවා පෙරලපන් වචන වලට...කියපන් හිතේ තියෙන හැමදේම...හන්ගන් ඉන්න එපා...හැමදෙයක්ම එලියට දාපන්...මම මේක කරන්නේ උබේම හොදට"
මම සූකිරිව මුලින් දැකපු දවසේ ඉදන් අදවෙනකන් උන ඔක්කෝම දේවල් ගිහාන් අයියට කියුවා
එයා එකම තැනකවත් මට බාදා කරේ නෑ ..හරස් ප්‍රශ්න ඇහුවෙත් නෑ...එයාට හිතෙන දේවල් කියලා මාත් එක්ක වාද කරෙත් නෑ නිකම්ම අහගෙන හිටියා විතරයි
මම එක සෙරේකට හිනාවෙවී තව සැරේකට අඩ අඩා
පරන මතක සොහොන් වලෙන් හොඩදැම්මා
වෙලාවකට සූකියා දක්ශ හිතහොද වීරයෙක් වගේ විස්තර කරා
තවත් වෙලාවක කපටි කෛරාටික වනචරයෙක් වගෙත් විස්තර කරා
ඒ එකම වෙලාවකවත් ගිහාන් අයියා සූකිරි හොදයි කියුවෙත් නෑ නරකයි කියුවෙත් නෑ නිකන්ම අහගෙන හිටියා
මම ඔක්කොම කියල දැම්මාට පස්සේ හිත හිස් උනා වගේ දැනුනා
ලොකු සැහල්ලුවක් හිතට ආවා
අඩුම ගානේ ගිහාන් අයියවත් ඉන්නවානේ යාලුවෙක් වගේ
නෙගටිවු සිතුවිලි මැශ්දෙන් පොඩි පොසිටිවෙ සිතුවිලි මෝදුවෙන්වා
මට ගිහාන් අයියගේ උකුල උඩම නින්ද ගිහින්

මම් නැගිට්ටේ උදේ එකොලහත් පහුවෙලා සෙටි එක උඩම නිද ගිහින්
ගිහාන් අයියා මාව බිමට වැටෙයි කියලා වෙන්න ඇති පුටු දෙක්කුත් තියාල
රෙඩ්දත් පොරවලා
ගිහාන් අයියා වැඩට යන්න ඇති
මම කුස්සියට යද්දි ගිහාන් අයියා කෑම උයනවා දවල්ට
"ආ නැගිට්ටද නිදිකුබස්..කොහොමද දැන්...අවුලක් නෑ නෙ"
"ඇයි අයියෙ අද වැඩ නැද්ද"
"වැඩනම් තියෙනවා ...මම් ගියේ නෑ...මල්ලිත් ගෙදරනේ අපි ගෙදර ටිකක් අස් කරමු...හැමදාම උදේ යනවා හවස එනවා ...මේක නිකන් අපාය වගේ නේ....හවස වෝකින් ට්‍රැක් එකේ ටිකක් දුවලා මුහුදේ පීනලා එමු"
ගිහාන් අයියා මට එදා දවසේ පොඩ්ඩක්වත් නිකන් ඉන්න දුන්නේ නෑ...මගෙන් වැඩ ගොඩක් ගත්තා
එක විනාඩියක් මට කල්පනා කරන්න දුන්නෙත් නෑ මොනවා හරිම දෙයක් කතා කරනවා
ටීවී රේඩියෝ කිසි දෙයක් දැම්මෙත් නෑ
හවස මහන්සිවෙන්න දුවලා මූදේත් පීනලා ඇවිත් රෑට උයන් කාලා ෆිල්ම් එකක බලල නිදාගත්තා
පස්සේ මට හුතුනේ...
එදා සූකිරිගේ වෙඩිම හැම මාද්‍යකම දවස තිස්සේම ඕකමයි
ගිහාන් අයියා හිතන්න ඇති මම ඔය නිවුස් බලලා හිත රිදව ගනී කියලා
ඒනිසා මට වෙඩින් එක අරවා මේවා මතක් නොවෙන්න මාවා ෆුල් බිසී කරලා තියා ගත්තා
පහුවෙනිදාත් ටීවී පත්තර වල වෙඩින් එක ගැනමයි කතාව
සූකිරි ගෙ වෙඩින් ෆොටෝ හැම තැනම
මම ඒවයේ සූකිරිගේ මූන බැලුවේ ඒවයෙ තියෙන හැගීම් මොනවා හරි මට කියවා ගන්න පුලුවන්ද බලන්න

HatharawaramWhere stories live. Discover now