අලුත් පෙනුමටද පරන පෙනුමට්ද වැඩිපුර කැමති කියලා අහන්න එපා
මම ආදරේ කරේ සූකිරිට මිසක් පෙනුමට නෙමයි
ඌ එතන ඇහැක් නහයක් කනක් නැතුව හිටියත් මගේ හිතේ එයාට තිබුන ආදරේවෙනස් වෙන්නේ නෑ
මූන බර්කරන් අගමැතියා කියන වචන හොදින් දාරනය කරගන්නවා වගේ ලුක් එකක් තිබුනේ
ඉකෝන් වල අමරුම අමාරු ගානක් හදනකොට්ත් පන්තියෙදි බෝඩ් එක දිහා බාලගෙන හිටියෙ ඔහොමමයි
තේරුම් ගන්න ගොඩක් අමාරුනම් මම බෙල්ලකඩාගෙන අහගෙන ඉන්න එක අතැරලා පොතේ මොනවා හරි කුරුටු ගානවා නැත්තන් එකොලහේ කෙල්ලෙක් දිහා බලන් ඉන්නවා...එහෙමත් නැත්තන් ඩස්පියා එක්ක හස්ත මුද්‍රාවෙන් චැට් එකක් දානවා
සර් කියලා දෙනවට වඩා සූකිරියා කියලා දෙද්දි නියමෙට මගේ ඔලුවට යනවා
ඉතින් මම අමාරුවෙන් අහන් ඉන්න එක නවත්තලා සූකිරිගේ බැරෑරුම් මූන දිහා බලන් ඉන්නවා
ඒයි විනෝද් ගලාස් ටික අරන් යනවා ඉක්මනට අරෙහෙ ටේබල් වලට ග්ලාස් මදි
මම ඔලුව කැරකිලා මේ ලෝකෙට ඇවිත් වීදුරු ටික අරන්ගියා
මගේ හිත සතුටෙනුයි දුකෙනුයි දෙකෙන්ම ගැහෙනවා
ගොඩක් කලකින් සූකිරි දැක්කා ඒකට සතුටුයි
ඒත් අගමැති දිවුරන තැනට අච්චර මීඩියා ඉන්න තැනට යන්න පුලුවන් එකා නිකමටවත් මට කෝල් එකක් දුන්නේ නෑනෙ
ඔච්චර දෙයක් කරන්න පුළුවන්නම් ඇයි මට එක කෝල් එකක් දෙන්න බැරි
මූ මාව හිතලම මග අරිනවද?
එහෙමත් නැතුව ඇති ...එයා මට ආදරේයිනේ
මොනව හරි කියාගන්න බැරි ප්‍රශනයක් තියෙනවා ඇති
තව ටික දවසකින් කතා කරයි
නැත්තන් දැන් වීඩියෝ එක අති ඉන්ටෙර්නෙට් එකේ එකෙන් බලාගෙන කොහොම හරි හොයාගන්නවා

එදා මම වැඩ කරත් මගේ ඔලුව හරියට වැඩ කරේ නෑ
කීප සැරයක්ම බීර් වක්කරද්දි වීදුරු උතුරලා යන්න ගියා
කස්ටමස්ලගෙ බයිට් ඕඩරුත් මාරු කරලා ගෙනිහින් පොඩි පොඩි හුට පට ටිකක් උනා
හවස මැනේජර් සර්වු කරන අය ඔක්කොටම එන්න කියුවා
අද හවස ස්පෙශෙල් අමුත්තො කීපදෙනෙක් එනවා එයාලගෙ ප්‍රයිවසි එක රැකෙන විදියට හොදම සර්විස් එකක් දෙන්න ඕනි කියුවා
මමයි තව් එවුන් දෙනෙකුයි සීක්‍රට් චේම්බර් එකට කෑම බීම ගෙනියන්න තෝරගත්තේ අපි පොඩිඋන් වඩිය තැලිල පොඩිවෙලා නැති නිසා වෙන්න ඇති
පරන සේවකයො ගැන මැනේජර්ගේ ලොකු විශ්වාසයක් නෑ
හවසට අදින්න අලුත් උනිෆෝම් සෙට් එකකුත් ලැබුනා

HatharawaramWhere stories live. Discover now