මල් පූජා පෝලිමේ රන්ඩුවෙන කොල්ලන්ගේ වැඩිම ඉ ල්ලුම තිබුනේ පහනට පෝලිමේ ඉස්සරහා යන්න
කෙල්ලන්ගේ වැඩිම ඉ ල්ලුම නෙලුම් මල් දාපු ලොකු වාස් එකයි...අන්තිමටම ගෙනියන පැන් කල 7න් එකක් ගන්නයි
පෝලිමේ අයට මල් පහන් මලසුන්ගේ තියලා බෙදා දෙන්නේ ආච්චි
දගල පොඩි උනට මොලේ හිල්වෙන්න පොල් ටොකු අනින්න එක ආච්චිගේ විනෝදාන්ශෙ
ඒනිසා ආච්චි පොඩි උන් අතරෙ ප්‍රසිදයි හොදට ටොකු අනින නපුරු මතර කාරී කියලා
මැරිච්ච් දවසට මිනිස්සුන්ගේ හොදම විතරක් කියන නිසා හාමුදුරුවන්ගේ බන කතාවේ ආච්චිව විශාඛාව ගානටම දාලා වර්ණනා කරා
වෙන බන ගෙවල් වලනම් සෙනග පිරිලා කානිවල් එක වගේ හාමුදුරුවො ගියාට පස්සේ
මඩුවල විවිඳාකාර සෙල්ලම් ඕමි කැරම් දාම් රසකතා ඕපදූප හැමදේම
ලස්සන ගෑනුලමයි අල්ලන සැන්විච් කාලා ගේ පිටිපස්සේ කෑම කන මඩුවෙන් මගුල් ගෙදර කනවා වගේ බෙදාගෙන සුපිරි බ්ත් එකක් ගිලලා...රෑ 11 ට 12 ට දෙන කේක් බිස්කට් කාලා තේ , කෝපි බීලා තමයිගෙදර එන්නේ එලිවෙන ජාමේ
ඒත් අපි ඩස්පිගේ ආච්චි ගේ බන ගෙදර ප්‍රසිද්ද කරේ නෑ...මොකද ගෙදර නිසි බලදාරියෙක් වගකිවයුත්තෙක් නැති නිසා
හීල දානේ පන්සලට ගිහින්දෙන්න තිබුනේ....අපි තුන් හතර දෙනාම එකතුවෙලා තමයි දානේ ඉවුවේ.
හින්නගේ අම්මා පිට්ටුයි ආප්පයි හැදුවා
මමයි සූකිරී ඉදිආප්ප බාරගත්තා සූකිරියා වන්ගෙඩියෙන් වට්ටිවලට ලස්සන ගානට රවුම් වෙන්න ඉදිආප්ප වක්කරා
මම ස්ටීමරේ වට්ටි අඩුක්කරන එකයි ලිපේ තියෙන එකයි ඉදිආප්ප වට්ටියෙන් ගලවලා අඩුක්කරන එකයි කරා

හිනයි එයාගෙ තාත්තයි පොල් ගාන වැඩ හොදිවලට පොල් සම්බල් වලට ලූනු සුද්දකරන වැඩ කරා
ලුනු මිරිස් ගානට තියෙන්න සූකිරි නියම ආටෝපෙට හදපු කිරිහොද්දෙ සුවදට මට දානේ පූජා කරන්න කලින් ඉදිආප්ප කන්න පෙරේතකමක් ආවා
පොල් සම්බලට දෙහි මිරිකද්දි අපිට සමනලීව මතක් උනා....මොකද සමනලී තෙලේ දාලා තෙම්පරාදුකරලා හදන පොල් සම්බෝලේ එක්ක පාන් තැටියක් උනත් කන්න පුලුවන් හොදි නැතුව
ඩස්පියා මේ වෙලාවෙ හිටියානම් අල බැදුමේ අලකෑල්ලක් කටේ දාගෙන මෝඩ විදියට හිනාවෙවී කුස්සිය පුරා ඇවිද ඇවිද ඉදලා සමනලීගෙන් බැනුම් අහවි
මේවගේ දෙයක් අපි හතරදෙනාම ඉන්න තැනකදි කරානම්....කට්ටිය උයනවට වඩා කෑගහවි...රන්ඩුවේවි...හිනාවේවි
මට උන්දෙන්නා නැතුව ලොකුපාලුවක් දැනුනා....උන්දෙන්නා විතරක් නෙමයි ආච්චි නැති පාලුවත්...මේ ගෙදර දෙවනත් වෙන්න කෑගහලා බනින්න වත් කෙනෙක් නෑනෙ...ආච්චිගෙ බැනුම් අපේ හිනා මැද්දේ ගේ පොඩිත්ත ජීවයෙන් ඉතුරුවා....ඒත් අද ගෙදරම පන නැති පබයෙක් වගේ.....අපි ඔක්කොම හිතේ දුක තදකරන් බිම බලන් වැඩ කරේ අවශ්‍ය දේ විතරයි කතා කරේ
සූකිරි මටයි එයාටයි ගෙනාපු කපල් ටී ශර්ට් දෙකක් තියෙනවා සුදුපාට ලන් උනාම අත් දෙක අල්ලගෙන ඉන්නව වගේ පේන...මගේ එකේ තිබුනේ එක අතක් අනිත් අත සූකිරිගේ ශර්ට් එකේ
හින්නගේ අම්මා දන්සෙට් වලට බෙදුවාම අපි එක එක ගත්තා ....පන්සලට් ගොඩක් දුර නැති නිසා පයින් යමු කියලා පිටත් උනා
උදෙන්ම යන්න ඕනි...ලොකු හාමුදුරුවො 8.00ට ඉස්කෝලෙට වඩින්න ඕනි...හාමුදුරුවො තමයි අපේ ඉස්කෝලේ බෞදධ සන්කෘතිය, බුද්ධාගම ඉගැන්නුවේ....මම දහම්පාසල් යන එක නැවැත්තුවා කියලා හාමුදුරුවො ටිකක මාත් එක්ක ඔරොප්පුයි....ඒත් අන්තිම වාරේ විභාගෙ ප්‍රතිපල දැකලානම් ....බොහොම හොදයි කියුවා
එලියට බහිනකොට හුනෙක් ඇඩුවා....එහා ගෙදර කලු බල්ලත් කන්පිට ගැහුවා....හිනගේ අම්මා කියුවා ගමන බාදයි ටිකක් ඉදලා යන්න කියලා...එත් හින්නගෙ තාත්තා "දැන් යමු පරක්කුවෙලා තියෙන්නේ ...හොද වැඩ වලට කොහෙද බදා " කියල කියුවා

HatharawaramWhere stories live. Discover now