🌬️TIME LEAVES

Start from the beginning
                                    

"හනේ උදේම සීතලේ නාලා" යුන්ගි ඇස් ලොකු කරගෙන ජිමිනා දිහාවට හැරුනා.

"අනේ ඔව් සීතලයි සීතලයි.. මාව වෙව්ලනවා මේ... "

"ඇත්ත ද? හග් එකක් දීලා රස්නෙ කරන්නද?"

ඇහිබැමක් උස්සලා ජිමින්ගෙන් අහපු යුන්ගි හයියෙන් ඒ පාර හිනා වෙනවා. ජිමින්ගෙ රත් වෙලා තිබ්බ කම්මුල් ලැජ්ජාවට තව රතු වෙලා.

"මේ ලෑස්ති වෙන්න ජිමින් අද අපි රස්සාවක් හොයන්න ඕන" මෙන්න එකපාරට සීරියස් මූඩ් එකක් ඇවිත්. යුන්ගි හරි අමුතුයි.

"ආ ආ ඔව්මයි. මට ඒ.. ඒත් කම්මැලි වගේ"

කොල්ලට මොන රස්සා ද, උපුල්, රංජිත් ඕනවටත් වඩා සල්ලි එයාට එවලා ඉවරයි. ඒත් එයා බොරු කිව්ව විදියට නොගිහින් කොහොමද? බොරුවක් කියලා ඉන්න හැදුවත් යුන්ගි නම් නවතින්න දෙන පාටක් නෑ වගේ.

"අනේ මේ.. මෙහෙ ආවෙ සල්ලි හොයන්න නේද? දැන් අපෙන් පින් බත් ගිලින්නද හදන්නෙ? පාඩුවෙ ලෑස්ති වෙනවා" අර හිනා වෙච්ච මනුස්සයා දැන් රවාගෙන බනිනවා. ඒ තමයි යුන්ගිගෙ හැටි.

"හරි හරි ඉතින් තාම ටේහ්‍යුන්ග් ආවෙත් නෑ නෙ. එයා ආවම ලෑස්ති වෙන්නම්" චිම් යන එක මග ඇරලා ඉන්න හැදුවත් ඒ එක්ක ම කාමරේ දොර ඇරගෙන ඇතුලට ආවෙ ටේ.
හපෝ ටිකක් වෙලා ගිහින් ආවෙ නෑ නෙ මෝඩ මූසලයා. ටේට හිතින් බනින ගමන් චිම් තෙත කොණ්ඩෙ අතින් ගස ගසා වෙන ක්‍රමයක් කල්පනා කරනවා.

"එහෙනම් දැන් ටේ ආවා නේ. යන්න දෙන්නම ලෑස්ති වෙන්න. මමත් ඇඳුමක් දා ගන්න ඕන නේ"

යුන්ගි, ටේ කොහොම වුනත් ජිමින්ගෙ හිතට නම් හරි නෑ. කොල්ලා දන්නවා එයාට මහන්සි වෙලා වැඩ කරන්න බැරි බව. Kickboxing ඇරෙන්න ජිමින් කේක් හදන එක විතරයි දැනන් හිටියෙ. අඩුම තරමේ ආත්ම ආරක්ෂාවට වත් kickboxing දැනන් ඉන්න එක හොඳ නිසා කළා මිසක් මුළදි කොහොමත් ජිමින්ට ඇඟ තලා ගන්න ඕන වුනේ නෑ. ඒ නිසයි කේක් හදන්න පටන් ගත්තෙත්.

ටේ සතුටින්. එයා ඊයෙ රෑ ඉඳලා තෝරලා තිබ්බ එයාගෙ හොඳම ඇඳුමක් දාගෙන මූණ පුරා ක්‍රීම් ගොඩක් ගාලා ඉක්මනින් ලෑස්තියි.

You've reached the end of published parts.

⏰ Last updated: May 18, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

Chocolate ChipsWhere stories live. Discover now