Chapter 1

1.9K 269 21
                                    


2021-04-14

"ග්වාන්ග්ජු නගරයේ සියෝන් ප්‍රදේශයම භීතියට පත් කරමින් පැතිර යන ඝාතන රැල්ලට අද දින තවත් මනුශ්‍යය ඝාතනයක් එක්වී තිබෙනවා. අමානුෂික ලෙස සිදුකරන මේ ඝාතන රැල්ලට වගකිවයුතු පුද්ගලයා සොයා සියොන් පොලිසිය දැනටමත් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත. අපරාධකරු පිළිබඳව යම් තොරතුරක් වේ නම් ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස ග්වාන්ග්ජු පොලිස් ස්ථානාධිපතිතුමා දන්වා සිටිනවා. TV1 වෙනුවෙන් මම, සන්ග් මින්හො."

සියොන් පොලිස් ස්ථානාධිපතිතුමා රූපවාහිනිය ක්‍රියා විරහිත කරා.

"අපි පුළුවන් ඉක්මනින්ම මේ අපරාධකාරය අල්ලගන්න ඕනෙ. මේ මිනීමැරුම් වෙන්න අරන් අවුරුද්දකටත් වැඩියි දැන්. ඒත් තාමත් අපිට මිනීමරුවා අල්ලගන්න බැරිවුණා. මෙහෙම ගියොත් අපි ගැන සාමාන්‍යය ජනතාවට තියෙන විශ්වාසය නැතිවෙලා යන්න පුළුවන්. ඒ නිසා අපි කොහොමහරි මේ මිනීමරුවා අල්ල ගන්න ඕනෙ." පොලිස් ස්ථානාධිපතිතුමා කියද්දි එතන හිටපු, සියොන් පොලිසියේ අපරාධ පරීක්ෂණ කණ්ඩායමේ නායකයා ලී ජේහුන්, පොලිස් රෙකෝඩ්ස් භාර නම් යුන්සු, ශින් ජන්ග්වා, පාර්ක් සානා, ජන්ග්කුක් වගේම ටේහ්‍යුන්ග්නුත් ඔලුව වැනුවා.

"අද උදේ මට පොලිස්පතිතුමා කතා කරා.. එයා මේ වෙනුවෙන් සෝල් වලින් අපරාධ පරික්ෂකවරු කීපදෙනෙක් එවනවා කිව්වා. අද හවස් වෙද්දි ඒ ගොල්ලොත් එයි. මේ පාර කොහොමහරි අපි ඒ මිනීමරුවා අල්ලගන්න ඕනෙ."

"ඕකේ සර්." කට්ටියම පිටත් වෙන්න සූදානම් වුණු පොලිස් ස්ථානාධිපතිතුමාට ආචාර කරා.

"මේක නම් මල කරුමයක් උනානෙ.." යුන්සු කිව්වෙ එතන තිබ්බ පුටුවකට වැටෙන ගමන්.

"ඔව් අප්පා.. අපි කොච්චර හෙව්වත් මිනීමරුවව තාමත් අල්ලගන්න බැරිවුණානෙ." ජන්ග්වා කියද්දි අනිත් අයත් ඔලුව වැනුවා.

"බලමුකෝ අපි සෝල් වලින් එන අය මොනා හොයාගනීද කියලා." ටේහ්‍යුන්ග් කිව්වෙ ජන්ග්කුක්ගෙ කර උඩට අතක් දාගෙන එයාව ළං කරගන්න ගමන්.

"ඔන්නි.. මං අද කලින් යනවා.." සානා කියද්දි කට්ටියම එයා දිහාට හැරුණා.

MASK !!Taekook!! [Completed] ✔️✔️Wo Geschichten leben. Entdecke jetzt