Chapter 25

949 225 28
                                    

"තත්ත්වය වෙනස් වෙන්නෙ ඔය කාලෙදි.. යන්ග් මියොන් දෙවෙනියට රඟපාන්න හිටපු ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය හිමි නිළිය හදිසියේම අතුරුදහන් වෙනවා. ඒ හින්දා ඒ චරිතය යන්ග් මියොන්ට හිමිවෙනවා. ඒ වෙද්දි පුංචි ටේයොන්ග්ට වයස අවුරුදු 12යි. ඊටපස්සෙ යන්ග් මියොන් සහ ඒ චිත්‍රපටියෙ producer අතර සම්බන්ධතාවයක් ඇතිවෙනවා. ඒත් අසාමාන්‍ය විදිහට ඒ කෙනත් අතුරුදහන් වෙනවා. ටිකකාලෙකින් යන්ග් මියොන් එයාගෙම කියලා film production company එකක් පටන් ගන්නවා. ඔහොම යද්දි කාලෙන් කාලෙට යන්ග් මියොන් යටතෙ වැඩකරපු අය අතුරුදහන් වෙන්න පටන් අරගෙන තියෙයි. ඒත් එයා යටතෙ වැඩ කරපු සේවකයො බය නිසාම මුකුත් කියලා නෑ. ඔය කාලෙදි තමයි යන්ග් මියොන් නගරාධිපතිනි විදිහට වැඩ භාරගන්නෙ. ඒත් එක්කම අවුරුදු 15ක් උනු ටේයොන්ග්ව සෝල් වලට යවනවා වැඩිදුර අධ්‍යාපන කටයුතු වෙනුවෙන්. මිස්ටර් බෝගම් ටේයොන්ග් සෝල් වල නැවතිලා හිටපු ප්‍රදේශය පරීක්ෂා කරලා බලලා වාර්තාවක් හදලා තිබ්බා. හිතුවා වගේම ඒ ප්‍රදේශයේ ඒ කාලෙ අතුරුදහන් වීම් වාර්තා වෙලා තියෙයි."

"පොඩ්ඩක් මං මෙතනදි බාධා කරන්නම්.." ජිමින් කියද්දි නම්ජුන් එයාට ඉඩදුන්නා.

"ඇත්තටම ටේයොන්ග් කියන්නෙ මගෙ උසස් පාසලේදි හමුවුණු මිතුරෙක්. ටේයොන්ග්ට ඒ කාලෙත් ළමයි බයයි. මොකද ටේයොන්ග් කා එක්කවත් කතා නොකරපු හිනා නොවෙන තනියෙන්ම ඉන්න කෙනෙක්. ඒත් ටේයොන්ග් මාත් එක්ක ඉක්මනට යාලුවුණා. Graduation එකෙන් පස්සෙ මට ආයෙමත් ටේයොන්ග් හම්බවුණේ සෝල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙදි. ඒත් ටේයොන්ග්ට මාව මතක තිබ්බෙ නෑ. ඒ වගේම එයාගෙ නම ටිකක් වෙනස් උනත් මං කතාකරේ ටේ කියලා නිසා මට ඒක එච්චර ගානක් උනේ නෑ. ඒත් මං මෙච්චර කාලයක් හිතුවා වගේ ඒ හිටියෙ ටේයොන්ග් නෙවෙයි. ඒ එයාගෙ නිවුන් සහෝදරයා උනු කිම් ටේහ්‍යුන්ග්. ඒ දෙන්නා සම්පූර්ණයෙන්ම පෙනුමෙන් එක සමානයි. වෙනසකට කියලා තිබ්බෙ ටේහ්‍යුන්ග්ගෙ ඇස් කළු පාට උනු එකත් ටේයොන්ග්ගෙ ඇස් ලා දුඹුරු පාට උනු එකත් විතරයි. හැබැයි ඒ දෙන්නගෙ personality එක නම් ටිකක් වෙනස්. ඒත් දෙන්නම මාර මොළයක් තිබ්බ අය. ආයෙමත් මට ටේයොන්ග්ව හම්බවෙන්නෙ මේ කේස් එක ගැන හොයන්න මං සියොන් පොලිසියට ගියපු දවසෙ. පුදුමෙකට වගේ මතකය අමතක උනු කෙනාට මාව මතකෙ තිබ්බා. ඒත් මං ඒ ගැනත් වැඩිය හිතන්න ගියෙ නෑ. හැබැයි ටේයොන්ග්ගෙ වෙනස මාව පුදුම කරා. ඒ හිටියෙ මට highschool එකේදි හම්බවුණු ටේයොන්ග්වත් සෝල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙදි හම්බුණ ටේහ්‍යුන්ග්වත් නෙවෙයි. ඒ හිටියෙ මගෙ personality එකට ගොඩක් සමාන ටේයොන්ග් කෙනෙක්. මං මේ ගැන psychologist කෙනෙක් එක්ක කතාකරා. ඒ කෙනාගෙ අදහස උනේ කාටවත් ළංනොවුණු ටේයොන්ග් මට ළංවෙන්න එකම හේතුව මගෙ personality එක කියන එක. සාමාන්‍යයෙන් මං ගොඩක් සුහදශීලි කෙනෙක්. ඉතින් හැමෝම මාත් එක්ක කතා කරනවා. ටේයොන්ග්ට ගොදුරු හොයාගන්න වගේම එයාගෙ ඇත්ත ස්වභාවය හංගගන්න ඒක හොඳ උපක්‍රමයක්. ඉතින් ටේයොන්ග් මට ළංවෙලා මගෙ හැසිරීම් නිරීක්ෂණය කරලා එයත් ඒ විදිහට හැසිරෙන්න පුරුදු වෙන්න ඇති කියලා තමයි ඒ ඩොක්ටර් මට කිව්වෙ."

MASK !!Taekook!! [Completed] ✔️✔️Waar verhalen tot leven komen. Ontdek het nu