"පිස්සු කියවන්න එපා...හුට්ටෝ...ඕවා කරලා අන්තිමට බොලාගෙ අම්මා තට්ටෙ පලන්නේ මගේ"
"අනේ බන් අන්තිම පාරට මේ උදවුව කරපන්කෝ....මම ආයේ උබට කරදර කරන්නේ නෑ...හෙට සූකිරියගේ බත් ඩේ එක ...එයා මට රෑ කෑමකට එන්න කියුවා...."
"අනේ මන්ද....උබලගෙ මල විකාර....එක ප්‍රශ්නයක් හරියට ඉවර උනෙත් නෑ...තව එකක් පටලවාගන්නද යන්නේ"
"ප්‍රශ්න දාගන්නේ නෑ...පැයෙන් දෙකෙන් ආයෙ ගෙදර"
"මේ මාව උබලගෙ මගුල් වලට පටලවා ගන්න එපා...මම තියනෝ"
හින්නා ෆෝන් එක කට් කරා....සූකිරිගෙ ඉ ල්ලීම මට ඉටුකරන්න බැරි වෙයිද? මට මේ ජරා දොර කඩලා දාන්න හිතෙනවා...වහලෙන් පැනලා යන්න පුලුවන්ද බලන්න ඕනි....ඒත් අපේ වහලේ පරාල දිරලා එකක් හරි කඩන් වැටුනොත් අම්මා එතැනම මාව මරයි....ටොයිලට් යනවා කියලා එලියට ඇවිත් පෙරලගෙන දුවනවා....ඒක හරියන්නේ නෑ...අයේ ගෙදර එන්න වෙන්නේ නෑ එහෙම කරොත්
ශික් හොද අයිඩියා එකක් එන්නේ නෑනේ මගුල...මම තරහයි වේදනවයි එක්ක කොට්ටේ කොන වික වික ඉදලා නින්ද ගියා

ඇහැ ඇරෙනකොට මගේ මේසෙ උඩ පාර්සලයක්
ඒක උඩ දෙකට නවපු කොලයක්
ඒක දිග ඇරලා බැලුවා
මම ආවා
උබ නිදි
මම උබලගෙ අම්මාට කියුවා පන්තියෙ එක්ක ගෙ ගෙදරක පිරිතක් තියෙනවා...අපේ උන් එහේ සිවිලින් ඉටිකොල ගහනවා ඒකට පොඩ්ඩක් උදවුවෙන්න උබව එවන්න කියුවා....උබලාගෙ අම්මා කියුවා 7 ඉදලා 10 වෙනකන් විතරක් ඕකේ කියලා
අපේ ගෙදර එනවා කියලා 7ට ගෙදරින් වරෙන්
බර්ත් ඩේ පාර්ටි එකක් නේ හොදට යන්න ඕනි නිසා
මම අලුතින් ගත්ත ශෝටයි ටී එකයි පටි සෙරෙප්පු දෙකයි ගෙනාවා
ඔය බෑගෙ එකේ ඇති
ඒවා ගෙදරදි ඇදන් එන්න එපා...අම්මා බලයි උබ හැඩේට ඇදන් සිවිලින් ගහන්න යනවද මගුලක යනවද කියලා
උබ ලග සල්ලි නෑ නේ
මම සූකිරියට තෑග්ගක් ගත්තා ඒකත් ඕකෙම ඔතලා ඇති
උබේ බයික්කෙත් හදාගෙන ආවා ඒක උබලගේ ගේ පිටිපස්සේ වෙනද උබ බයික්කේ ගහන තැනම ඇති
මට කෝල් කරන්න එපා මම චිත්‍රයක් අදිනවා ...ඒකට කරදරයි කෝල් එන එක
මම ගෙදර නෙමයි ඉන්නේ
දෙවියන්ගේ නාමෙන් උබ කිසිම කරදරයක් ඔලුවෙ දාගන්නේ නැතුව 10 වෙනකොට ගෙදර වරෙන් නැත්තන් මටයි බැනුම් අහන්න වෙන්නේ
අම්බෝ...හින්නනම්... දෙයියෙක් නෙමයි දේවාලයක්
හැමදේම ගැන හිතලා වැඩ කරලා
ඌනම් පතාගෙන ආපු යාලුවෙක්...ලග හිටියනම් දෙනවා උම්මා එකක්
හින්න ගෙනාපු බෑග් එක බැලුවා
අලුත් අත් කොට ඇගට ෆිට් වෙන කලු ශර්ට් එකේ සුදුපාට චූටි ඩොට් තියෙනවා
දුබුරු පාට ශෝටත් මගේ ඇගටම තිබ්බා වගේ
මේවා නම් හිනගේ ඒවා වෙන්න බෑ
මටම අරන් වගේ
ඇදලා බැලුවා බිදිච්ච කන්නාඩියෙන්
අඩේ මම මාර හැන්ඩීනේ මේ ඇදුමට...මට කවදාවත් මේතරම් හොදට මට ගැලපෙන ඇදුම් තෝරන්න තේරෙන්නේ නෑ...,මම ගියානම් කිසිම ගැල පීමක් නැති ඇදුම් කෑල්ලක් උස්සගෙන එයි

HatharawaramWhere stories live. Discover now