ම්ම රොකට් එන්ජිමක් හයිකරා වගේ තප්පරේට දෙකට රෙඩි වෙලා ඉස්කෝලෙට දිවුවා
පටන් ගන්න පැයකට කලින් මීට් වෙමු කියුව්ට
පටන් ගන්න විනාඩි 20ක් විතරයි වෙලාව තිබුනේ
සූකිරියා කොයිවෙලේද මන්ද ආවේ
මම යනකොට ඒකා ඉන්නවා පන්තියේ වාඩි වෙලා පොතක් බල බල
"සමාවෙයන්....අනේ...මචන් සමාවෙයන් ....ඇහැ ඇරුනේ නෑ බන්...රෑ වෙනක්න් උබත් එක්ක එස් එම් එස් කරානෙ...නොදැනීම ගොඩක් නින්ද ගියා....උබ ඇවිත් ගොඩක් වෙලාද?"
"නෑ ...මචන් ඒක අවුලක් නෑ....මම ටිකක් කලින් ආවා...."
"බලන් ඉදලා එපා උනාද?"
"නෑ එහෙමත් නෑ...උබේ ඩෙස් එක යට සින්හල ලියන පොතක් තිබුනා....මම පහුගිය දවස් වල මට මිස් උන නෝට්ස් බල බල හිටපු නිසා පරක්කු උන වෙලාව කියල දැනුනේ නෑ"

අයියෝ...ඕවා පන්තියෙදි නිදිමත විකාරෙන් ලියපුවා...නිදිකිරා වැටි වැටි මොනවා ලියුවද මන්දා?
මේ ඒක නෙමයි මේ පොත ඇතුලේ ලස්ස්න චිත්‍රයක් තියෙනවා
ඔය පොත හින්නට දීලා තිබුනේ...ඊයෙ හරි අද හරි ඕකා පොත මගේ ලාච්චුවට දාන්න ඇති...කොහොමත් ඒකා මගේ පොත් ඉ ල්ලා ගත්තාම චිත්‍රයක් ඇදලා ඒකට දාලා එවනවා
"මේ බලපන්කො මේ චිත්‍රෙ අමුතුයි"
චිත්‍රෙ මැද ලස්ස්න මොනරෙක් වම් තටුව උස්සගෙන ඉන්නවා...
ඒ තටුව උඩ වහපු ලස්ස්න සුදු පරවියෙක්
උන්දෙන්නා ආදරෙන් එකිනෙකා දිහා බලන් ඉන්නවා කිස් එකක් දෙන්න වගේ#
මොනරාගේ කකුලට පෑගිලා පපුව පැලිච්ච කලු කපුටෙක් මැරිලා වැටිලා ඉන්නවා
සූකිරියා චිත්‍රෙ විචාරය කරන්න ගත්තා

මම නම් කියනේ මේ චිත්‍රෙන් කියනේ යහපත් දේ දිනනවා අයහපත් දේ පරදිනවා
සුදු පරවියා හොද ගුනදර්ම...මොනරා මොලේ කල්පනා කරලා යාලු උනේ හොද ගුණධර්ම එක්ක...ඒකෙන් එයාගෙ තිබුන නරක ගති ඉවත් උනා මේ මැරිච්ච කපුටගෙන් පෙන්වනේ....මොනරාගෙන් ඉවත් වෙලා ගිය නරක ගත්"
"අනේ මන්දා බන් මට ඕකගෙ චිත්‍රවත් අර්තෙවත් තේරෙන්නේ නෑ....මෙච්ච්‍ර කල් එකට ඉදලාත් මට හින්නා කියන්නේ මට විසදන්න බැරි ප්‍රේහේලිකාවක්.....මේ දැන් අපි ආවේ චිත්‍රයක් ගැන කතා කරන්න නෙමයිනේ....අපි කතා කරමුද? අපි ගැන"
"ම්ම්ම්ම් අපි ගැන කතා කරමු කිවුවාම මතක් උනේ...මම අද අපි දෙන්නටම පාන් ටෝස්ට් කරා...ඒක බයික් එක පිටිපස්සේ බැදගෙන ආවේ වෙනම බෑග් එකක...මට අමතක උනා ඒකා ගන්න....හිටපන් මම ටාර් ගාලා ඒක අරන් එන්නම්"
හැබැයි ඉතින් මේක උබටයි මටයි හොරා තමයි කන්න වෙන්නේ....අපේ අනික් පෝරිසාදයෝ දැක්කොත් වහල්ලක්වත් ඉතුරු කරන්නේ නෑ අපි දෙන්නට
සූකිරි එලියට ගියාට පස්සේ මම ආයේ චිත්‍රෙ දිහා බැලුවා....ඒක් හරි අමුතු චිත්‍රයක්...හින්නා ඒක ඇදලා තියෙන්නෙ ගොඩාක් දුකෙන් වගේ
චිත්‍රෙ වැඩි හරියක් ලස්ස්න මොනරයි පටවියයි අත්කරගෙන තිබුනට කෙලින්ම ඇහැ යන්නේ බිම වැටිලා පපුව පැලිලා මැරිච්ච කපුටට...ඒ සතා ගොඩක් දුක් විදලා ...අන්තිමේ දුක ඉවසන්න බැරුව පපුව පැලිලා මැරිලා වගේ පේන්නේ
මම චිත්‍රෙ අනික් පැත්ත හැරෙවුවාම ...හින්නාගේ ලස්සන කලාත්මක අකුරුවලින් ලියපු නිසැදසක් තිබුනා

HatharawaramWhere stories live. Discover now