ලොවි කාලෙට හගයට රතුම රතු පාට ලොවි පිරිලා
සමහරුන්ගේ ගස් යට ලස්ස්නට කපාපු කොටන් කෑලිවලින් පොඩි බන්කු මේස හදලා තිබුනා පාඩම් කරන්න
හැම ලමයෙක්ම තමන්ගෙ ගහට ගොඩක් ආදරේ කරා
ඒනිසා කප්පාදුකරල වටේ සුද්දකරලා අතුගාල තියෙනවා
පන්තිය අති ගන්න කැමති නැති උන් ...හරි උන්න්දුවෙන් ගහ වටේ අතු ගන්නේ
යාලුවෙක් වගේ ගහක් ඉන්නවා කියන්නේ හිතට තනියක් දැන්නේම නෑ
දුකක් කර්දරයක් ආවහම බදාගෙන අඩන්න පුලුවන් දුක යනකන් කතා කරන්න පුලුවන්
හරස් ප්‍රශ්න නෑ...නෝන්ඩි කරනෑ
ඕනෙනම් හුලන් පාරක් යනකොට අතු ටික්ක හොලවලා සිලි සිලි කියලා සින්දුවක් කියයි
මගේ අබ ගහ නියමෙටම මගේ චරිතය නිරූපනය කරනවා
කිසිම විශේශත්වයක් නැතුව ඔහේ හැදනවා...මහ රූස්ස ගහක් වෙනක්ම්ම ...නිකාන් හැදෙනවා
ඒ උනාට මම මගේ ගහට කැමතී ආදරෙයි
ඉතින් සූකිරියාට් ආවෙ අයිඩියා එක මේ ගහ උඩ රුක් නිවසක් හදන්න
වැඩේ ලොකුයි පැය තුනකින් කරන්න බෑ
ඒත් අපි පොඩි අට්ටාලයක් වත් හදමු ....සූකිරිගෙ උනන්දුව නිසා මමයි හිනයි කැමති උනා
සූකිරි ඇන ලනු මිටි කියත් හොයන්න් එනම් කියලා ගියා
හින්නා පාට පින්සල් කැටයම් කපන නියන් හොයන් එන්න ගියා
මම ලෑලි රීප්ප් හොයන්නෙන්න පරන වඩු මඩුවට ගියා
එතැන තිබුන විල්බැරෝවෙන් ඕනදේවල් ගොඩක් දෙසැරෙ තුන් සැරේකට තල්ලු කරන් ආවා
මගේ නම් පන ගිහින් තිබුනෙ කිසිම වැඩක් නොකරන සරීර හොරෙක් නෙ මම
වෙන ටීම් එකක හිටියානම් ..අනික් උන් දෙන්නට ඕනි මගුලක් කරගන්න කියනවා...මොකෝ මේක හරියට කරා කිය්ලා උන් තෑග්ගක් දෙන එකක්ද?
එහෙනම් මේවෙනකොට මම එක එක ටීම් එක් ලගට ගිහින් උන්ගෙ අඩු පඩු බල බල උන්ව චාටර් කරයි
එහෙමත් නැත්තන් කෙල්ලොන්ට විහිලු කරලා උන්ව මල පන්නයි
හුගක් වෙලාවට මම වගේම අපතයො ටිකක් සෙට් කරන් කුනුහරුප කතා ටිකක කිය කිය ඉදී
ඒත් අදනම් මම මෙගේ උපරිමේ දාලා වැඩ කරා සූකිරිට පේන්නත් එක්ක
මිනිහත් සුදු ටී එක ගලවලා කලිසම කොට් වෙන්න නවාගෙන ගෙදරින් ගෙනාපු ටූක් කිට් තියෙන බෙල්ට් එකත් එල්ලන් බරටම වැඩ
එයාගෙ ඇගට දාඩිය දාලා හරිම ලස්ස්නයි
මම ගහ උඩට ලෑලි අදින කොට අයාත් උවමනවෙන්ම වගේ මගේ ඇගේ අතිල්ලෙනවා

HatharawaramWhere stories live. Discover now