ඉස්කෝලෙ කවුරුත් දන්නවා මේක මගේ බයික්කෙ ගහන තැන....ඉස්සර ඉදලාම මම බයික්කෙ නැවැත්තුවෙ මෙතන
අපේ ඉස්කෝලෙ වත්ත හොඩක් විසායි ....ඒ නිසා අපි හැමෝටම ඉස්කෝලෙ ගහක් අයිතී
එක වසරට එන දව්සේ අම්මයි තාත්තයි එක්ක ඇවිත් මේ අබ ගහ හිටෙවුවේ රුක් රෝපනේදි
පොඩි කාලෙන් හරිම ආසාවෙන් ගහවටේ කෝටු ගහනවා වතුර දානවා බලාගන්නවා
දැන් මමත් ලොකුයි ගහත් ලොකුයි මේ කට තවත් වතුර ඕනි නෑ
දැන් මම ගහලගට එන්නේ...හවස කවුරුත් නැතිවෙලාවට චූ පාරක් දාල යන්න හරි නැත්තන් බයික් එක නවත්තන්න හරි විතරයි
මේ ගහත් හරියට අපේ තාත්තගෙ අනික් වැඩ වගේමයි...මෙලෝ ප්‍රයෝජනයක් නෑ...නොකන් ලොකුවට හැදුනට මේ අවුරුදු 12ටම එක ගෙඩියක් හැදුනේ නෑ
මගේ අබ ගහ යට මගේ පුටාර් එක ලග අරූගෙ නිල් පිලිහුඩුවා ඉතින් මල පනින්නේ නැද්ද?....හා
මගේ පුටාර් එකේ ෆ්‍රේම් එකට හයි කරපු ටූල් බොක්ස් එකක් තියෙන්වා
නිතරම මම ස්කුරුප්පු අඩු කටරඩු ඕකේ දාන් ඉන්නේ
එකපාරට මට පට්ට ජරා අදහසක් ආවා
වටපිට බැලුවා
සූකිරියගෙ බයික් එකේ බ්‍රේක් පලු දෙකයි ඇක්සල් එක ලගින් රෝදෙ රිම් එකයි බුරුල් කරා
මගේ පුටාර් එකත් තියන් පොඩ්ඩක් ඈතට වෙන්න හිටියා
අපේ ඉස්කෝලේ බයික් වලින් එන උන් ඇරිලා යනකොට අනික් උන්ට අබියෝග කරන එක සාමාන්‍ය දෙයක්
එකෙට්ට් කෑගහලා....පුලුවන්නම් අල්ලපිය මයේ නැට්ට කියලා අබියොගකරනවා...ඊට පස්සේ ෆුල් වේගෙන් බයික් එක පදිනවා
මේ වෙලාවට අනෙක් එකා පුලුවන් උපරිමෙන් ඉස්සරහින් යන එකාව එලවන් ගිහින් ඌව පහු කරන්න ඕන
සූකිරියා බයික් එකලගට ගියගමන් මම කෑගැහුවා....එහෙම කරාම ඌට බයික් එක චෙක් කරකර ඉන්න වෙලාවක් නෑ එක පිම්මේ මාව එලවන් එන්න වෙනවා
"ඕයි...සූකිරිබටිලා....පුලුවන්නම් අල්ලපන් ,මගේ වල්ගේ.....පිත්තෙන් දාපු වැඩ...සයිකලෙන් බෑ මල්ලී....උබේ ඔය හුචක්කුවට මගේ පුටාර් එක ලගටවත් එන්න බෑ....අල්ලපිය මගෙ මේක"
පැඩල් එක උඩ නැගලා නැගිටලා බයික් එක පදින ගමන් බෙල්ට් නොදපු හැලෙන සුදුකලිසම පාත් කරලා මගේ හම ගිහිපු රතු ජොකාව සූකිරියට පෙන්නුවා
"මම උබව අල්ලනවා....හිටපිය....මම දිනුවොත් උන දැන් පෙන්නපු රතු ජොකාවත් ගලවලා පෙන්නනවා මුලු පන්තියටම"
"ආස අති නේ කොල්ලන්ගෙ පුක බලන්න වනචරයා....මාව අල්ලන්න කලින් අයෙමත් අම්මගෙන් කිරි බීල වරෙන් "
මම කෑ ගහ ගහ බයික් එක පදිනවා ෆුල් ස්පීඩ් එකෙන්
ඉස් කෝලෙ පහූඅනගමන් මීටර දෙසීයක විතර පත පල්ලමක් ....පල්ලම මැද හරියේ වේගෙ අඩු කරන්න දාපු බම්පර් දෙකක් තියෙන්වා
බයික් එකේයද්දි හරියට නොගියොත් බයික එක උඩ විසිවෙන්නත් පුලුවන්
මම උපන් දවසේ ඉදලා යන පාර නිසා හරියටම බම්පර් තියෙන තැන් මීටර්.
බයික් එක වේගෙන් ආවත් බම්පර් එක ලගදි බ්‍රේක් ගහලා පස්සට නැමිලා ගානට රෝදෙ උස්සලා බම්පර් එකේ නොවැදිදිගටම ගියා
සූකිරියා පලවෙනි බම්පර් එකේ හැපුනා
වැදුන තද පාර නිසා ඉස්සරහා රෝදේ හොදටම බුරුල් උනා
බයික් එක ක්න්ට්‍රෝල් නැතුව වෙරි කාරයා වගේ දෙපැත්තට වැනෙනවා
දෙවැනි බම්පර් එකේදි බ්‍රේක් පලු ගැලවිලා විසිවෙලා
සූකිරියා ගෙ නිල් පිලිහුඩුවා පාරෙ කොනේ තිබුන මායිම් ගල්ලෙ හැපුනා
ඇක්ශ්න් ෆිල්ම් එක්ක වගේ අඩි ගානක් උඩින් විසිබෙලා ගිය සූකිරියා පාර අයිනෙ තිබුන පල්ලමට වැටිලා රෝල් වෙලා ගිහින් වැටිලා තිබුන කදක ඔලුව හැපුනා
මම පාරෙ අයිනෙ මගෙ පුටාර් එක දාලා පාර අයිනෙ පල්ලමට එබුනා
නිල් පිලිහුඩුවා තැලිලා චප්ප්වෙලා
සූකිරියාගෙ කිරිසුදු ඇදුම මඩ දූවිලිවලින් වැහිලා
තේ නලලෙ තුවාල වලින් ලේ එන්වා
මොකද කරන්නේ හැරිලා යනවද? නිකන් මේ ජල්තර කේස් වලට අත්දාලා චාටර් වෙන්න ඕනි නෑ
ඒත් මේක උනේ මම නිසා....මට ජීවිතේ පලවෙනි වතාවට ලොකු වරදකාරී හැගීමක් ඇති උනා
මම හොද එකෙක් නෙමයී....ඒත් මම කවදාවත් නරක එකෙක් වෙලත් නෑ මේ තරම්
සූකිරිය නැගිටින්න හැදුවා ඒත් ඌට කෙලින් වෙන්න බෑ වැටුනා
උගේ පෙදපාසි වගේ තිබුන ලස්සන කලු කොන්ඩෙ අතරින් දිග ලේ බින්දවක් පහලට රූටන් වැටෙනවා
මොනවා කරන්නද මන්දා?
"විනෝද් මට උදවු කරපන්,.....මම මැරෙයි"
සූකිරි කලන්තෙවෙන්න ඔන්නමෙන්න තියලා කියපු වචන
අම්මා ලෙඩ වෙලා ඇදේ කෙදිරිගගා ඉද්දිත් ....මම බලන්නේ මොකටද නන්ගී හරි තාත්තා හරි බලයිනෙ කියලා අනික් පැත්ත හැරිලා නිදාගන්න මට...මොකක් හරි හේතුවක් නිසා හිතුනෙ නෑ සූකිරියා පාරෙ අයිනෙ මැරෙන්න දාලා යන්න
මම පාරෙ යන ත්‍රීවීල් එකක් නැවැත්තුවා
සුදු සීයලගේ රන් අයියා....ඌවත් කතාකරන් පල්ලමට බැස්සා
සූකිරියාට පන නැ උගේ අත පය කඩා වැටෙනවා
මම ඇඟේ උඩ හරියෙන් උස්සුවා ...ර්න් අයියා කකුල් දෙකෙන් ඉස්සුවා
වේදනාව නිසා ටිකක් විතර අමුතුවෙලා තිබුනත් සූකිරි ලස්සනයි
උගේ මූනෙ එකම කුරුලෑවක්වත් නෑ
දැන් සිද්ද උන හීරීම් නැත්තන් එක ලපයක් නෑ
ලේසි නෑ මම කෙට්ටු පෙන්දාවගේ යාන්තන් කිලෝ 45ක් බර ඇති සූකිරියගේ උසත් එක්ක ඌනම් 55ක් වත් බර ඇති
හතිදාගෙන දාඩියපෙරන් සූකිරිව ගෙනත් වීල් එකට ඔබා ගත්තා
මම පිටිපස්සේ ශීට් එකේ වාඩි වෙලා සූකිරිගෙ ඔලුව මගේ උකුල උඩ තියාගත්තා
උගේ නලලිනුයි කට කොනෙනුයි එන ලේ වලින් මගේ සුදුකලිසම තෙමෙන්වා
අම්මාගෙන් නම් බැනුම් කෝටියයි ...ලේවල මලකඩ පැලලම් යන්නෙ නැති නිසා කලිසම ආයෙ අදින්න බැරි වෙයි
ඇත්තටම මට ඒ වෙලාවෙ හිතුනෙ පිස්සු විකාර
කලිසම ජරාවෙයි
පාර අයිනෙ දාලා ආපු බෑග් එකයි පුටාර් එකයි හොරු ගනී
වැරදිලා හරි කවුරුවත් දැක්කද මම බයික්කෙ නට් බුරුල් කරනවා...
මුගේ ගෙදරට පනිවිඩේ යවන්නේ කොහොමද?
මුන්ගෙ ගෙදරින් අහ්නකොට මම මොකද්ද කියන්නේ
උබලට අනුවනම් මට තියෙන්නේ හෙන තුප්පහි හිතක් කිසිම කරුනාවක් නැති
මොකද වෙන කතාවල වගේනම් මම දැන් අඩන්නෙ ඕනි මීහරකා වගේ
රත්තරන් ඔයා මාව දාලායන්න එපා
මම නිසා නේද මේක ඔයාට උනේ
මට සමාවෙන්න පැටියෝ ජාති ජාතිත් මම ඔයාට රිදවනේ නෑ
උබලට පිස්සු....මට ඒතරම් කැහිල්ලක් තිබුනෙ නෑ මූව බදන් වැලපෙන්න
මැරෙන්න කලින් ඉස්පිරිතාලෙට දාලා,  උන්ගෙ ගෙදරින්  ආපු ගමන් මාරුවෙන්න මට ඕනි උනේ
සූකිරියා ඉස්පිරිතාලෙට ගිහින් දැම්මාම හෙන ප්‍රශ්න
ඇතුල් කරන කෙනා, ලෙඩාගෙ බාරකාරයා අනමන්න් ප්‍රශ්න
රෝහල් පොලීසියෙනුත් ඇවිත් මගෙනුයි රන් අයියගෙනුයි ප්‍රශන අහනවා
රන් අයියටනම් මාත් එක්ක යකා නැගලා ඌට හයර් එකට දෙන්න සල්ලිත් මා ලග නෑ
අද දවසෙ වෙන හයර් එකක් යන්න විදියකුත් නෑ දැන්
කොයිතරම් බැන්නත් හැම වෙලේම ඕනි වෙන හින්නට කෝල් එකක් දීලාමගේ පුටර් එකයි බෑග් එකයි උනගෙ ගෙදර ගෙනියන්න කියුවා
සූකිරියට ඕනි ප්‍රතිකාර නර්ස්ලා ඩොකටර්ස්ලා කරනවා
ඌව ඔපෙරශන් තියෙටර් එකට අරන් ගියා
ඒ වෙලාවෙ මම සිද්දිය අම්මාට කියුවා එයාට මේක විස්තර කරන එක දෙවැනිලීක යුද්දෙ පැහැදිලි කරනවටත් වඩා අමාරුයි
සූකිරියගේ අතපය ඔලුව බැන්ඩේජ් වලින් වෙලලා
මේකා ස්කුබිඩූ එකේ මිනී පෙට්ටිවලඉන් නැගිටල එන ඊජිප්ති මමියක් වගේ
ඌට තාම සිහිය නෑ
පැයකට විතර පස්සේ සූකිරිගෙ අම්මා ආවා
අවුරුදු පනස් ගනන්වල විතර ගැහැනු කෙනෙක්
කාලයක් තිස්සේ හොදට බලාගත්ත මල් වත්තක් හිටපු ගමන් අත ඇරලාදාලා වල් බිහි උනා වගේ පෙනුමක් තිබුනෙ
වගේ පෙනුමක් තිබුනේ
ඉස්සර ගොඩක් මේකප් උලලා ක්‍රීම් ගාපු මූනක් ලගදිනම් සැලුන් එකක් දැකලවත් නෑ
අඩ හද වගේ ඇහිබැම කාලෙකින් හදපු නැති නිසා එහෙන් මෙහෙන් දික් උන ඇහිබැම් කෙදි නිසා නයා ගියා වගේ ඇදවෙලා
මූනෙත් සමහර තැන් සුදුවට තිබුනා තව සමගර තැන් වල දුබුරු පාට තද හම මතුවෙමින් තිබුනා
සූකිරිගෙ අම්මාට මම නැන්දා කියලා කියුවා....අපි හැමෝම ඉස්කෝලෙ අනික් ලමයින්ගෙ අම්මලට කියන්නේ කොහොමත් නැනදා කියලා නේ
එයාටත් වෙච්ච් සිද්දිය කියුවා
හැබැයි කතාව වෙනස්
ඉස්කෝලෙ ඇරිලා එනකොට සූකිරි මට ඉස්සරහින් යනවා දැක්කා
එකපාර බයික් එක පාරෙ කොනක තිබිච්ච ගලක හැපිලා පල්ලමට පෙරලුනා
මම රන්කිරා එක්ක එකතුවෙලා එයා ඉස්පිරිතාලෙ ගෙනාවා
මේ කතාව ඇතුලෙ මම කරපු කුමන්ත්‍රනේ ගැන කිසිම දෙයක් තිබුනේ නෑ
මම තනිකරම අහින්සක ජීවිතයක් බේරගත්ත වීරයෙක් වගේ තමයි විස්තර කරේ

HatharawaramWhere stories live. Discover now