ක්‍රිකට් මැච් එකක් තියෙන දාටනම් මේක උත්සන්න වෙන්වා ලෝක් යුද්දයක් තරමටම
මගේ හැසිරීම ගැන හරියටම තේරුම් ගන්න ඕනිනම් උබලගෙ ගෙදර ඉන්න පූසා දිහා බලපන්කො
ඌ හිතන්නේ අපි ඉන්නේ උගේ ගෙදර අපි උගේ වහල්ලු
අනික් හැමෝම ඌට කෑම දෙන්න සැප පහසුකම් සලස්ස්න්න ඉන්න අයවගේ
අන්න එහෙම තමයි මමත්
ගම වටේම කරක් ගහලා කන වෙලාවට ගෙදර එනවා
ගෙදර තියෙන කෑමට ගත හැකි හැමදේම ගිලලා
ආයේ රවුමක් ගහලා එන්වා
ගෙදර උන් එක්ක වචනයක් දෙකක් කතා කරයි
වැඩි වෙලාවක් කාමරේ දොරවහන් නිදි
නැත්තන් වහල දිහා බලන් ඔහේ කල්පනා කරනවා
මම කල්පනා කරන්නේ මොනවද කියලා මමවත් ද්න්නේ නෑ
මම කිසි කෙනෙක්ට වැඩි පුර ඇලිච්ච බැදිච්ච කෙනෙක් නෙමයි
ඒ නිසා යාලු වො නෑයො හිටියත් එකයි නොහොටියත් එකයි
ගෙදර ඇතිකරන බල්ලා කන්න දෙන එකා නැති උනාම දුකෙන් බලන් හිටියට
පූසා එහෙම නෑ ....ඌ ලැබෙන ඕන එකෙක් ගෙන දෙන ඕන දෙයක් කාලා නිදියනවා
මග මහලොකුවට වස්තුව කියලා ගොඩක් දේවල් තිබුනෙ නෑ
මගේම පුටාර් එකයි ෆෝන් එකයි
පුටාර් එක කියන්නේ මගේ පරන ෆුට් බයිසිකල් කට්ට්
අඩෝ ...මේ කාට මොනව කිවුවත් මගේ පුටාර් රාජයට කට්ට බෙට්ට කියලා අපහාස කරන්න එපා
අවුරුදු 5කට වඩා පරන උනත් මම තියන් ඉන්නේ බවන වගේ
ට්‍රාන්ස් ෆෝමර් එකේ බම්බල් බී වගේ පේන්න කහ කලු පාටින් පාට කරලා
වටේට ස්ටිකර් ගහලා ලේඩ්ඩ් බල්බ් වලින් වැඩ දාලා
මම දවසේ බාර දූරම වැඩේ විදියට කරේ නයට ඇපල් කවන් එක
දවසේ පැය 12කටත් වඩා ඒ වැඩේ කරන නිසා මම ඒකට එක්ස්පර්ට්
නයා ඇපල් කාලා කාලා ස්ක්‍රීන් එක පිරෙනකන්ම වල්ගෙ දික් උනාට පස්සේ
උගේ පුක් ඌම කාගෙන මැරෙනවා
එකෙක් මැරුනා කියලා නිකන් ඉන්නෙ නෑ
ක්සනිකව තව නයි පැටියෙක්ට ඇපල් කවනවා
මම හිතන්නේ නෑ ඉන්දියාවෙ සුපිරි නයි පනික්කියෙක් වත් එයාගෙ
නයාට බිත්තර කවනවා ඇති කියලා
කට ඇරන් කල්ප්නා කරන්න එපා මේ නයා ගැන
මම කියුවෙ මගෙ දුප්පත් ෆෝන් එකේ තියෙන එකම ගේම නයි ගේම
අපේ අම්මටයි තාත්තටයි මොනවත් අරන්දෙන්න වැඩිපුර සල්ලි නෑ
මගේ මේ පුටාර් එකයි ෆෝන් එකයිත් ලැබුනෙ රට ඉන්න පොඩි මමගෙන්
එයා බැදලා නෑ මතක ඇති කාලෙ ඉදලාම රට
ඉදලා හිටලා ආපු කාලවලට එයා ලගින් ඉදලා කියන වැඩක් කරලා දීලා
මගේ දහඩිය මහන්සියෙන් මේ දෙකත් උපය ගත්තෙ
රට ඉදන් ආපු දවස් වල හරිම ආදරෙන් ලගට වෙලා ඉන්නවා මොනව හරි ලැබන තෑගකුයි ටොපි චොකලට් ටිමයි ගන්න
පොඩි මම්මා ඇවිත් සති දෙක තුනකින් මහ විසාල මැජික් පෙට්ටිය එනවා නැවේ
ඒ කෙ කෑම ජාති ඉ ලෙක්ට්‍රික් බඩු පිරිලා අපිත් නිදන් හාරනව වගේ සැරින් සැරේ අවුස්සලා අතට අහූන දෙයක් කනාවා
ඇවිත් මාස දෙක යද්දි එයාගෙ අතේ සල්ලි හිදෙන්වා
ඊ ටපස්සේ නම් මම එයාගෙ වැඩගැන හොයන්නෙත් නෑ කතා කරන්න යන්නෙත් නෑ
අබ වාරෙට ගහයටට වෙලා හිටියට අබ ඉවර උනාම ගහ බදන් ඉදලා කොල කන්නැයැ
ආයෙ ගහ මතක් වෙන්නෙ ආය අබ ඉදුන කාලෙක
ඒ වගේ මම්මා අන්තිම සතේට හිදුනම අපේ අම්මයි තාත්තයි එක්කත් වලියක් දාගෙන
අඩ අඩා ආයෙ රට යනවා...ආයෙ සල්ලි තියෙන කාලෙක ලන්කාවට එනවා
ලන්කාවට එනකොට අපි ඔක්කොම පරන තරහවල් අමතක කරලා එයාව බදාගන්නවා
ආයෙ සල්ලි ඉවර උනාම අත අරිනවා
අහල පහල මගේ නෑදෑ අක්කලා ගාමන්ට් පඩි ගන්න දාට හමුදාවෙ පඩි අරන් අයියලා නිවාඩු ආව දාට
කටපුරෝ ලා හිනා වෙලා 100, 50 රීලෝඩ් කෑල්ලක් ඉ ල්ලගන්නවා
පඩි නැති කාලවලට උන්ගෙ මූනවත් නොබලා පුටර් එකේ නැගලා ඉගිලෙන්වා
පොඩි රීලෝඩ් එකක් දැම්මොත් මට රජ මගුල්වගේ
අපේ ෆෝන් කටුවල...ඉනට නෙට් නෑ....ගෙදරටම තියෙන්නේ...නන්ගිගේ කාමරේට දාපු නෙට් එක විතරයි
ඉති ලොකු ලොකු ෆේස් බුක් වැඩ මන්ගාව නෑ
ෆෝන් එකක් තියෙන ඉස්කෝලෙ කොල්ලෙක් එක්ක පොඩි කුනු කුනුහරුප වලියක් යනවා
කාට හරි වැදලා ඉ ල්ල ගත්ත දැකපුවත් නැති කෑල්ලක් පොඩ්ඩක් ලයින් කරන්න වදන් දෙක තුනක් දානවා
රී ලෝඩ් එක ඉවර වෙන්වා....
අස්සය මැරිච්ච කවුබෝයි වගේ ඔලුව නමන් ආයෙ කීයක් හරි කාගෙන් හරි හම්බවෙනකන්
නයාට ඇපල් කවනවා
මම යන්නේ ලමයි 500ක් විතර ඉන්න පොඩි ඉස්කෝලෙකට
අපේ එකේ ඉන්න වැඩ්ඩන්ගෙන් බාගයක් සිස්සත්තෙන් ලොකු ඉස්කෝලවලට යනවා
ඉතිරිඋන් ඕලෙවල් වලින් මැත්ස් බයෝ කරන්න ලොකු ඉස්කෝලවලට යනවා
අපි වගේ මැටි කල ආට් කොමස් කරන්න ඉස්කෝලෙ ඉතුරුවෙනවා
ලොකු ලොකු වැඩ කාරයො ගිය නිසා ඉතුරුවෙන්නේ සිරා ෆන් පොරවල්
ඒ නිසා අපේ ඒලෙවල් පන්ති වල ලොකු ඉස්කෝලවල වගේ ස්ට්‍රෙස් නෑ තියෙන්නේ සොමිය විතරයි
අපේ එක මික්ස් එකක් ඒකියන්නේ කොල්ලෝ කෙල්ලෝ එකට ගැන්සිගහනවා
ගර්ල්ස් බෝයිස් කොලේජ් කියල වෙන් උන ඉස්කෝලවල නැති පට්ට ෆන් අපේ ඉස්කෝලවල එමටයි
එකම පන්තියෙ කෙල්ලො කොල්ලෝ යාලුවො වගේ
ගැනු පිරිමි බේද නෑ...ඔක්කොම වරෙන් මචන්..පයන් හුකපන් කියාගෙන ඉන්නේ
අපේ දුප්පත් ඉස්කෝලෙ බොරුවට ගෑනු කමට ඇබරෙන කෙල්ලෝ නෑ
නිකමට ලගට ගිහින් සත්තමක් දාල බලපන්
කෙලින්ම අම්මගෙ අච්චිවත් මතක් කරලා කලිසමේ චූ යන්න දෙන්නේ
පන්ති පන්ති වලි යද්දි කෙල්ලො තමයි ඉස්සෙල්ලා වලියට එනටර් වෙන්නේ සපත්තු ගලබන් කොසු මිටි කුඩ මිටි දික්කරන්
පන්ති කට් කිරිලි, ශෝට් ලීව් දාලා හොරෙන් ඉස්කෝලෙන් පැනිලි හැමදේටම කෙල්ලොන්ගෙ උපරිම සහය හිමී
විශේශයෙන් පොඩි පන්තිවල කෙල්ලෝ ලයින් කරන්න උපරිම සපෝට් එක අපේ පන්තියෙ කෙල්ලන්ගෙන් ලැබෙනවා ඒකට අපිට උන්දෙන හොර ලියුම් මල් තෑගි ලොකු පන්තිවල අයියලට ගිහින් දෙන්නවෙනවා

මට යාලුවො කියලා බොක්කෙ ෆිට් නෑ...ඔක්කොම යාලුවො ...ඔක්කොම තරහකාරයො
අවස්තාව අනුව යාලුවෙනවා ...නැත්තන් තරහ වෙන්වා
ඒත් එකට ඉන්න උන් තුන්දෙනෙක් ඉන්න්වා
උන් අතේ ඇගිලිවගේ එකෙක් ට එකෙක් වෙනස්
පොඩි කාලෙ ඉදලා එකම ත්‍රීවීල් එකේ අපි හතරම මොන්ටිසෝරි ගියේ
ඉස්කෝලෙ ඒ බී සී කියලා පන්ති නොතිබුන නිසා අපි හැමදාම එකම පන්තියෙ හිටියෙ
එහෙමයි කියලා උන් ගැනත් මගේ ලොකු බැදීමක් තිබුනෙ නෑ
එත් කරුමෙද උරුමෙද මන්දා මගේ කතාව පුරාවටම මුන් හතරදෙනා
මාත් එක්කම ඇමිනි ඇමිනි එනවා ඒ නිසා ඊලග කොටසින් මුන් හතර දෙනාගැන කියන්නම්

HatharawaramWhere stories live. Discover now