" ඔයාලා ඔක්කොම එකට මම තනියම " මම කීවේ කටත් ඇද කර කර.

" මේ මැක්ස් නේද? මට ඔයාව එක්කගෙන එන්න කීවා. ජිමින් හොබී දෙන්නම් පන්තිවලට යන්න. මේ පොඩි එවුන් ගෘහනිර්මාණ පන්තිය කොහොම හරි කට් කරනවනේ " අළුත් හඩක් ඇහුණා.

" අපි කැපුණෝ " කියපු ජිමින් හොබීවත් ඇදගෙනම දීවා.

*********************

කට හඩේ අයිති කාරයා කොරියන් ජපන් මික්ස් පෙණුමක් තිබුණු cute boy කෙනෙක්. එයාට gummy smile එකක් තිබුණා. මට එයාව දැක්ක ගමන් මතක් වුණේ චූටි පූස් පැටියෙක්.  ඒත් එයාට තිබුණෙ හෙන සීරියස් පෙනුමක්. ඒත් කොහෙද, මගෙ කටට බ්‍රේක් නෑනේ.

" ඔයා හරි cute අනේ " කාලා හමාරයි. පැන්න නේද එළියට. මම එයා දිහා බැලුවෙ බයවෙලා. පුදුමයෙන් වගේ මං දිහා බලාගෙන හිටපු එයා හිනාවුණා. ( එයාට හේඩිස්ගෙ සම්බන්ධයක් තියෙන්නම ඕනි ) පෙනුමට නම් එයා වැඩිය හිනාවෙන කෙනෙක් නෙවේ වගේ

" ඔයාගෙ ගතිගුණ නම් ගෑණු ළමයෙක්ගෙ වගේ නෙවෙ. කටට බ්‍රේක් නෑ නේද? " එයා කතා කළේ හිනාවෙවීමයි.

" ඔයත් දන්නවද ඒක? මොකක්ද අප්ප මේ විහිළුව. බලාගෙන යද්දී හැමෝවම දන්නවනේ. අහුවෙයිනෙ අර ඇපලෝ කියන එකාව. මම ඔලුව පලනවා. මගෙ ලස්සන් කොණ්ඩෙත් කැපුවා " මට ආපහු තරහ ගියා.

" මේක නම් පුදුම කටක් තමයි. පරිස්සමෙන් කතා කරන්න. නැත්තම ඊලග අකුණ වදින්නෙ ඔයාට  " එයා තවත් හිනාවෙනවා " හැමෝම දන්නේ නෑ. මම, ජින් හ්‍යන්ග්, නම්ජුන් විතරයි "

" ඒකනෙවේ. ඔප්පා කවුද? අර දෙන්න ඔයාව දැකපු ගමන් දීවනේ. ඔයා සැරයි වගේ. " මම කීවේ ඔෆිස් එක ලග නතර වෙද්දී.

" මම මින් යුන්ගි. පළවෙනි සේනාංකයෙ ප්‍රධානියා. නම්ජුන්ගෙ දෙවෙනියා. ඔව් මම සැරයි තමයි. පස්සෙ කතා කරමු. මම යනවා එහෙනම්. " මාව දොර ළග තනිකරලා එයා ගියා. මම දොරත් ඇරගෙන කෑ ගහගෙනම ඇතුළට ගියා. " නම්ජුන් ඔප්- " මම කියන්න ආපු එක නතර කරේ ඔෆිස් එක ඇතුළෙ ජන්කුක් එක්ක පොඩි කිම් හිටපු නිසා. ඇත්තට අර වෙලාවෙ එය කියපු නැති දෙයක් මට ඇහුණෙ කොහොමද ? මම එයා දිහා කෙලින් බැලුවත් එයා මගෙ ඇස් මගෑරියා.

" නම්ජුන් හ්‍යන්ග්, ඔයා මට කතා කරාද? "

" ඔව් මැක්ස්වෙල් එනකම් තමයි බලාගෙන හිටියේ. ජන්කුක්ට දැන් යන්න පුළුවන්. මම ඔයාගෙ යාළුවව එවන්නම් " මෙ වෙලාවෙ නම් එතන හිටියෙ ඔප්පා නෙවේ. හෙඩ්මාස්ටර්

" අපි දැන් කතාවට එමු. ඔයා ගැන නම් කතා කරලා වැඩක් නෑනේ පොඩි මල්ලි.  මැක්ස්වෙල් මොකටද පැටලෙන්න ගියේ ? හරියට පොඩි ළමයි වගේ . මම මැදිහත් වෙනවට අකමැති නම් මේ වැඩ ආයේ කරන්න එපා. ඒ වෙලාවට මම ඔයාල්ගෙ හ්‍යන්ග් නෙවේ. මැක්ස්ගෙ පළවෙනි දවස නිසා සමාව දෙනවා. පොඩි මල්ලිට දන් යන්න පුළුවන්"
නම්ජුන් ඔප්පගෙ අවසරයෙන් පොඩි කිම් එතනින් ගියා. එයා මට රවන්න නම් අමතක කළේ නෑ හැබැයි. එයා දොරත් වහනකම් ඉදලා මම කතා කළා

" මට සමාවෙන්න ඔප්පා " මම කීවෙ අවංකවම

" සමාව ගන්න ඕනි නෑ. මම ඉෂ්ට කරේ මගෙ වගකීම. මෙතන මරා ගන්නකම් නොදක්කා වගෙ ඉන්න බෑනෙ. ඒත් මට සතුටුයි මියා , අර යක් පැටියව ආම්බාන් කරන්න පුළුවන් කෙනෙක් ඉන්න එක ගැන " එයා කීවේ ටිකක් දුකින් වගේ

" ජින් ඔප්පත් ඔහොම ම කීවා. මොකක් හරි කතාවක් තියෙනව නේද? " මම ඇහුවෙ කුතුහලයෙන්

" ඒක ඔයාම ගිහින් හොයා ගන්නකො. දැන් පන්තියට යන්න ආපහු මට තරහ යන්න කලින් "

*******************

𝑫𝑨𝑼𝑮𝑯𝑻𝑬𝑹 𝑶𝑭 𝑨𝑹𝑻𝑬𝑴𝑰𝑺 || ✔Where stories live. Discover now