" ඔයාවත් කියන්නකො මම මෙහෙම ඉන්න ඕනි ඇයි කියලා. මේ කෑම්ප් එකේ ගෑණු ළමයි ගොඩක් ඉන්නවනේ "

" මට ඔයාට බොරු කියන්න බෑනෙ පැටියො. එහෙම කියල ඇත්ත කියල ඔයාව අමාරුවෙ දාන්නත් බෑනේ. කාල ආවම ඔයාට දැනගන්න ලැබෙයි. "

" ඇයි අනේ කාටවත් මේක තේරුම් කරල දෙන්න බැරි? ඇත්තටම මම කවුද? මම කාගෙ පරම්පරාවටද අයිති? මට ලොකු තනිකමක් දැනෙනවා. මගෙ යාලුවා කියල හිතපු කෙනත් මට බොරු කරේ" මම ලේසියෙන් අඩන කෙනෙක් නෙවේ. ඒත් මට මගෙ කදුළු නවත්තගන්න පුළුවන් වුණේ නෑ.
ඒත් හෙඩ් මාසටර් මගෙ ඔලුව අතගෑවා. අනෙ මටත් සහෝදරයෙක් හිටිය නම්. මම කදුළු පිහදගත්තා.

" දොරත් කඩාගෙන ආපු චණ්ඩි කෙල්ල නේද මේ? කෝ පරණ චරිතෙට ආයෙ එන්නකො. අපි බලමු ඔයාගෙ විස්තර " හෙඩ් මාස්ටර් ෆයිල් එකක් අතට ගත්තා. " අපි බලමූ...........ඔයා මැක්ස්වෙල්.  ඔයා දැනට පස්වෙනි සේනාංකෙ. ඔයාගේ රූම් එක 18 දැනට.ඔයාගෙ මොනිටර් දැන් ඇවිත් ඇති. " ඒත් එක්ක්ම දොරට තට්ටු කරනවා ඇහුණා " ඕහ් කොල්ලා වෙලාවටම ඇවිත්. ඔයාට ඉන්න වෙන්නෙ boys hostel එකේ. මෙහෙ නරක ළමයි නම් නෑ. හැබැයි පරිස්සම් වෙන්න. "

" පිරිමි ළමයි එක්ක !!!! ඒක විතරයි අඩු වුණේ. මරු හැබැයි. smlie in pain boys edition "

" ඔයාගේ මේ ගතිගුණ එක්ක එහෙම ඉන්න එක හොද වෙයි. " එය කීවෙ හිනාවෙවී " මුලින් කදවුරේ තැනක් හදා ගන්න. ඒක තමයි අන්තිම උපදෙස. දැන් යන්න පුළුවන් " මම ඔරවගෙනම යන්න හැරුණා.

" ආහ් තව දෙයක්. මොනව හරි ප්‍රශ්නයක් වුණොත් මෙහාට එන්න. මම ඔයාගෙ සහෝදරය කියලා හිතන්නකෝ " ඒකට නම් මට හිනාවක් ඇදුණා.

" ප්‍රශ්නයක් නැතත මම ඔප්පව බලන්න එන්නම්කෝ " මම කීවේ විරිත්තන ගමන්.

" ආහ් බටර් ගාන්න්ද යන්නේ? මතක තියාගන්න ඔයා කොල්ලෙක්"

" තේරුණා නම්ජුන් හ්‍යන්ග් " කියපු මම දොරත් ඇරගෙනම එළියට පැන්නා. එතන හිටපු කෙනාව දැක්කම මට ආයේ පිස්සු හැදුණා.

**********************

අම්මෝහ්!!! එයාගෙ ලස්සන. හිනාවකින් මූණ පුරවගෙන හිටිය එයා හරියට Angel කෙනෙක් වගේ. තව ටිකෙන් අමතක වෙනව මම කොල්ලෙක් කියන එකත් . මම ටික වෙලාවක් එයා දිහා බලාගෙන හිටියා.

𝑫𝑨𝑼𝑮𝑯𝑻𝑬𝑹 𝑶𝑭 𝑨𝑹𝑻𝑬𝑴𝑰𝑺 || ✔Where stories live. Discover now