(2)

915 167 3
                                    


1 year Ago

"දන්නවද...ජීවිතය ගැන කලකිරීමකින් ඉදපු මට ජීවත් වෙන්න ආසාවක් ඇති කලේ ඔයා.එදා ඔයාව දැක්ක දවසෙම මට ඇතිවුන සුපුරුදු හැගීම අද ආදරයක් වෙලා...මම ඔයාට ආදරෙයි ජිමින්...."

නොසිතූ දවසක නොසිතූ මොහොතක නොසිතූ ආකාරයට නොසිතූ කෙනෙක්ගෙන් ලැබුන යෝජනාව දෙස ජිමින් පුදුමයෙන් විශාල වූ දෑස් සහිතව බලාගෙන සිටින අතරේ ඔහු සිටින්නේ කුමක් කිරීමට ද යන්න සිතාගත නොහැකිව ලත වෙනගමන් බව මට වැටහී ගියේ කලබලයෙන් එකට පටලවමින් ඉන්න ඔහුගේ ඇගිලි වෙතට මගේ නෙත් යොමු වීමෙන් අනතුරුවයි.

යුන්ගි හ්‍යුන්ග්... පෙරදී මට ඔහු පිළිබඳව එතරම් පැහැදීමක් නොතිබුණි. ඔහුගේ දරදඬු බවත්, අහංකාර හැසිරීමත්,නපුරු ගතිගුණත් සහ සිනා පොදක්වත් නොමැති ඔහුගේ මුහුණ වැනි දේ නිසාවෙන් මා හට ඔහු පිළිබඳව එතරම් ප්‍රසාදයක් නොවුනි.

නමුත් ඔහු තුළ වූ ලාමක දරුවාව හදුනාගැනීමට ජිමින්ට හැකි විය. නපුරු කඩවසම් තරුණයා ජිමින් ඉදිරියේ සිනා සීමට පටන් ගත්තා. මා හට මෙන් ඔහුටත් කුඩා කළ සිටම තම දෙමාපියන්ගේ ආදරය අහිමි වූ හෙයින් ඔහුට අවශ්‍ය වුනේ කෙනෙක්ගෙන් ලැබෙන ආදරයයි.ඒ ආදරය දෙන්න ජිමින් හට හැකිවුනා.අදුරු ආගාධයක තනි වී විනාශ වීමට ගිය යොවුන් ජීවිතයකට ඔහු එළිය ගෙන ආවා. හුන්ගි හ්‍යුන්ග් හැමවෙලේම ජිමින් පිළිබඳව පවසන දේවල් මගින් මට වැටහී ගියේ ජිමින් යනු යුන්ගි හ්‍යුන්ගේ ජීවිතයට පැමිණි සුර දූතයෙකු බවයි.

එවැනි තද හිතක් ඇති අයෙක් ජිමින් සමග පොඩි එකකු මෙන් හුරතල් වන බව දැකීම කෙනෙක්ට පුදුමයට කරුණක් වෙන්න පුලුවන්.නමුත් පෙර සිටම මා තේරුම් ගත් දෙයක් තමයි ඒ ආදරය බව. කෙනෙක්ව වෙනස් කරන්න ආදරයට පුලුවන් කියලා මම එයාලගෙන් දැනගත්තා.

මෙතරම් කාලයක් ඒ දෙදෙනා අතර තිබූ යාලුකමට තිත තබමින් යුන්ගි හ්‍යුන්ග් දැනටමත් ජිමින්ට තම හැගීම් පාපොච්චාරණය කර අවසන් ය. මා දැන සිටියා ජිමින් මෙයට එක පයින් කැමති වන බව....ඒ දවසක් මගේ හොදම යාලුවා ජිමින් මට කිව්ව දේ ඒ වෙලාවේ සිහි වීම නිසයි....


"ඇත්තටම මම යුන්ගි හ්‍යුන්ග්ට ආදරය කරන්න පටන් අරන් ටේ...."

🥀°•°ENDLESS__LOVE°•°🍁 Short Story(Completed)Where stories live. Discover now