07- මින්ට් සුවඳ 🕷️

Start from the beginning
                                    

මං මොකටද ඒ යකා එක්ක ඒ විදියට හිතෙන් මවාගත්තේ...
කෙවින්............උඹ නටන්න හදන්නේ නම් මෙහෙ පිස්සුවක් නෙවෙයි ඕන්...
මගේ හිතේ ඉන්න අමුතු හඟීම් ඇති කරන කෙවින්ට මම තරවටු කලා....

" ස....සර්.....???"

මගේ දැහැන බිඳුනේ බට්ලර්ගේ හඩට....
ඒත් එක්කම මම එයාගේ පැත්ත හැරුණා....

"ඔව් අංකල්....?"

මොනා වුනත් ඒ වයසක මනුස්සයාගේ තිබ්බේ පිං පාටක්... කොච්චර නාකි වනචරයො මම දැකලා තිබිණත් බට්ලර් අංකල් දැක්කම මට දැනුනේ ඉතාම නිවුණු හාමුදුරු කෙනෙක්ගේ වගේ හැඟීමක්...
කිරි සුදු පාට දත් රැවුල් ගහක් වත් නැතිවෙන්න කපලා පිරිපිදු ඉටි රූපයක් වගේ මූන..
ඒත් ඇස් කට දෙපැත්ත වගේම නළලත් ටිකක් රැලි ගැහිලා තිබුනේ දැන් 60ත් පැනලා කියලා තහවුරු කරන්නවගේ..
ඒ වගේම තට්ට ගෙඩිය... එයාව සීදේවි පාටට පෙනුනේ ඒ නිසා කියලාමයි මට හිතුනේ..
ඒ නිසා මට නිකන් ම බට්ලර් ගාන්න හිතුනේ නෑ...
මට ඕනි උනේ මට ඉන්න ලගම මිනිහා වගේම වැඩිහිටියා එයා වෙන්න...
අනේ මංදා මම මෙහෙට ආවම මට කොහෙවත් නැති ආරක්ෂාවක් දැනෙන්නේ ඇයි කියලා..
හරිනම් මට බයක් හිතෙන්න එපැයි...
ඒත් හිටපු මහ එකාගේ ඉදලා පොඩි එකා දක්වා කාගෙත් ඇස් මම වෙනද දැකපු කිසිම අසහනකාරයෙක්ගේ වගේ උනේ නෑ..

""මේ සේරම කුතුහලයක්....""
මට එච්චරයි හිතුනේ...

" මාව පැහැර ගෙන නේද අංකල්...? "
ඒක ගොං ම ගොං ප්‍රශ්නයක් උනත් මට ඒක එයාගෙන් තහවුරු කරගන්න ඕනි වුනා....

" සර්ට කොහොමද සර් හිතෙන්නේ...??
ප්‍රශ්නයට ප්‍රශ්නයක්......!!!!

ඒ නිසා මම නිහඩ වෙලා එයා ඇරලා දීපු දොරෙන් ඇතුලට ගියා..
මම බට්ලර්ට හිතවත් වෙන්න හැදුව අඩියෙන් ම එයා මාව ඈත් කරලා දැම්මා කියලා මට අවුල් ගියා...
ඒ නිසා මම තවත් මුකුත් කතා කලේ නෑ....

"ආ........ඒත් මට කතා කරන්න නෙවෙයි උනත් කට ඇරුනා බිමට වෙනකං ඒ කාමරේ දැකලා....

🔞 Under The Mask[BL]Rom,Thriller ✔️🔚Where stories live. Discover now