ඒත් දෙන්නටම තියෙන වැඩ රාජකාරි නිසා හම්බෙන්න බැරි වුණත් හැමදාම වගේ කෝල් කරලා එකිනෙකා ගැන හොයලා බලන්න දෙන්නා පුරුදු වෙලයි හිටියේ.

දෙන්නම කොච්චර බිසීද කිව්වොත් නම්ජුන්ගේ වෙඩින් එකෙන් පස්සේ හරියකට මීට් වෙච්ච පලවෙනි වතාව මේක. ඒකටත් හේතුවක් තිබ්බා.  SJ Project එකට අවුරුදු 10 ක් වෙන නිසා අද තියෙන ගෙට් ටුගෙදර් එක.

අද , දෙසැම්බර් 4.

හරියටම අවුරුදු 10 කට කලින් අද වගේ දවසක තමයි   මේ SJ Project  එක ආරම්භ වුණේ. මේ දවසේ ලොකු වැදගත්කමක් ජන්කුක්ට තිබ්බා.

දෙසැම්බර් 4 , ජින්ගේ බර්ත්ඩේ එක. 

ජින්ගේ අන්තිම කැමැත්ත නිසා තමයි ජන්කුක් මේ ප්‍රොජෙක්ට් එක පටන් ගත්තේ. මොහොතකට ජින් ගැන මතකයන් ඇස් ඉස්සරහා මැවෙද්දි ජන්කුක් පියවි සිහියට ආවේ කවුරුහරි කෙනෙක් එයාගේ අතේ එල්ලෙනවා වගේ දැනුණ නිසා.

හරි සිහියට ආව ජන්කුක් ඔලුව හරවලා පහල බැලුවේ කවුද මේ අතේ එල්ලුනේ කියලා බලාගන්න.

ජන්කුක් හොල්මනක් දැකලා වගේ බලන් හිටියේ එයාගේ අතේ එල්ලිලා එයත් එක්ක හුරතලේට හිනා වෙවී ඉන්න කොලු පැටියා දිහා.

"ජිනී!! අන්කල්ව බය කරා නේද? මෙහෙ එන්න මගේ හොර කොටියා!"

මෙච්චර වෙලා ජන්කුක්ගේ අතේ එල්ලිලා හිටපු චූටි කොලු පැටියාව නම්ජුන් ලගට අරන් වඩාගෙන කිචි කවන්න ගත්තේ පොඩි දරුවා කෑගගහා හිනා වෙන්න ගන්නවත් එක්කම.

"ඩැඩීඊඊඊඊඉ..... කිචීඊ.... ජිනීට කිචී... නවත්ත්න්නකෝ!!!! අප්පා.... මාව බේරගන්නෝඕඔ...." කොලු පැටියා මහ සද්දෙ හිනා වෙවී නම්ජුන්ගෙන් ගැලවෙන්න දගලන හැටි දැක්කම ජන්කුක්ගේ මුලු මූණටම හිනාවක් ආවේ මේ චූටි පැටියාගේ ලස්සන හිනාව දැකලා.

"අම්මෝ මෙයාගේ හිනාව!" නම්ජුන්නුයි එයාගේ පුතයි දිහා බලාගෙන හිනා වෙවී හිටපු ජන්කුක් අඩුම තරමේ මෙච්චර වෙලා ඒ ලගින්ම හිටගෙන හිටපු ජිමින්ව දැක්කෙවත් නෑ.

"ජිමින් හ්‍යුන්ග්!! මම බය වුණත් එක්ක!" ජන්කුක් පපුවට අතකුත් තියාගෙන් කිව්වේ එක පාරටම ජිමින් එයාගේ කනගාවට කරලා කතාකරපු පාරට ගැස්සිලා ගිහිල්ලා.

Contract | Jinkook || SinhalaOpowieści tętniące życiem. Odkryj je teraz