Contract

464 105 36
                                    


"මං තමුසෙට කී පාරක් නම් කියලා තියෙනවද හරියට ගෙදර අස්පස් කරලා පිලිවෙලකට තියාගන්න කියලා. තමුසේ මෙතන පිනට බත් කකා ඉන්න එකේ ඒ දේවත් හරියට කරන්න බැරිද?"

ජියොන් ජන්කුක්ගෙ දවසේ පටන්ගැන්ම. හැමදාම වගේ ඔය විදිය තමයි. උදේට ගෙදර බඩුවක් මුට්ටුවක් බිදෙන සද්දේ ඇහෙන්නේ නෑ කියන්නේ හරිම කලාතුරකින් වෙන දෙයක්.

ජියොන් සොක්ජින්, එහෙමත් නැත්නම් ජින්, ජන්කුක්ගේ හස්බන්ඩ් උදෙන්ම නැගිටලා මහන්සි වෙලා හදපු කෑම එකත් පොළොවේ ගහලා ජන්කුක් කම්පැනි එකට යන්න ගත්තේ මීට මාසයකට විතර කලින් එයා කම්පැනි එකේ වැඩ බාරගත්ත නිසා.

මැරේජ් එකෙන් මාස 3කට පස්සෙත් තාමත් ජින් එක්ක එක වචනයක් තරහ ගන්නේ නැතුව කතා කරන්න ජන්කුක්ට බැරි වුණා.

තමන්ගේ නිදහසට සීමා වැටුණ එකට ජින් පලි නෑ කියලා ජන්කුක්ගේ යටි හිත නිතර නිතර කිව්වත් ජන්කුක් කවදත් ඇහුවේ එයාගේ උඩුහිත කියපු දේවල් විතරයි.

අද උදේ වුණත් එයා හරියට ගේ අස් කරලා නෑ කියලා ජින්ට කෑගැහුවේ ජින්ට ඇතුල් වෙන්න අවසර නැති තමන්ගේ කාමරේම තිබ්බ අපාය නිසා. 'ඉතින් ඒකට ජින් පලිද?' යටි හිත ප්‍රශ්න කරත් ජන්කුක් හරි ඉක්මනට ඒ ප්‍රශ්නේ මගහැරියා.

ගෙවිලා ගිය මාස තුනට ජන්කුක් ජින් ගැන එක දෙය තේරුම් ගත්තා.

ඒ ජින් කියන්නේ හැගීම් දැනීම් නැති ගලක් කියලා.

මෙච්චර බැනලා අපහාස කරලත් මුකුත් නොවුණ ගානට ආයෙම ජන්කුක් එක්ක හිනා වෙලා එයාගේ හැම දේම කරලා දෙන්න තරම් එයාගේ හිත හයියයි.

 ගෙදර කොච්චර හිස් කාමර තිබ්බත් නිදාගන්න කාමරයකට යන්න අවසර නොදීපු නිසා ලිවින්ග් රූම් එකේ සීතල පොළවේ කොට්ටයක් බ්ලැන්කට් එකක්වත් නැතුව නිදාගෙන ඊට පස්සේ දවසේ උදෙන්ම නැගිටලා බ්‍රෙක්ෆස්ට් ලෑස්තිකරලා ගෙදර එක දූවිලි පොදක් නැති වෙන්න අස් කරන්න තරම් එයා ශක්තිමත්.

ඔක්කොටමත් වඩා ජන්කුක් ගෙදරින් ගියාට පස්සේ පොඩි පොඩි පාර්ට් ටයිම් ජොබ් වලට ගිහින් වැඩ කරලා ඒ මහන්සිය ගෙට ගොඩ වෙනකොට එළියෙන් තියලා ඇවිත් ආයෙමත් හිනා වෙවී ජන්කුක්ට ඩිනර් එක රෙඩි කරලා අනිත් ගෙදර දොරේ වැඩ ටිකත් හරි ලස්සනට ඉවර කරලා තියන්න තරම් එය දක්ශයි.

කොච්ච‍ර කෙනෙහෙලිකම් කරත් ඒ මූණේ තිබ්බ ප්‍රසන්න  හිනාව දශමෙකින්වත් අඩු නොවී තියාගන්න පුලුවන් වෙන්න තරම් එයා පුදුමාකාරයි. 

ඒත් ඒ ඔක්කොටමත් වඩා උඩින් තමන් වෙනුවෙන් කතා කරගන්න බැරි තරමට එයා අවාසනාවන්තයි. මොකද උපතින්ම එයාට කටහඩක් උරුම නොවෙච්ච නිසා.


Thoughts



මේවා කතාවට සම්බන්ධ නම් නෑ. මම අහම්බෙන් වගේ අද දැක්කේ. ඔයාලානම් මීට කලින් දැකලාත් ඇති.

 ඔයාලානම් මීට කලින් දැකලාත් ඇති

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

Look at this gummy smile!!!😳😳😳

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

Look at this gummy smile!!!😳😳😳

Why so cute !!!!

Contract | Jinkook || SinhalaTempat cerita menjadi hidup. Temukan sekarang