දෙවන දිගහැරුම🍁

Start from the beginning
                                    

කවදාවත් තාත්තගෙ ආදරේ නොලබපු.....අම්මගෙ උණුසුමක් වැඩි කාලයක් නොලබපු යීබෝගෙ ජීවිතේ අම්මයි තාත්තයි දෙන්නම වුණේ ඇනි අම්මා.....එයා යීබෝට පුදුම විදියට ආදරේ කළා....සමහර විට ඒ හේතුව නිසා වෙන්නැති එයා තාත්තා වගේ දරුණු චරිතයක් නොවුණෙ කියලා යීබෝ නිතරම කල්පනා කළා.......කොච්චර සල්ලි තිබුණත් වැඩක් තියනවද අම්මා තාත්තගෙ ආදරේ ලැබෙන්නෙ නැතුව....එහෙම වුණා කියලා යීබෝ කවදාවත් වෙන තැන්වලින් ආදරේ හොයන්න ගියෙත් නෑ.....නරක දේවල් වලට ඇබ්බැහි වුණේ නෑ.....ඒ හැමදේම ඇනි අම්මගෙ ආදරේ නිසා....පොඩි කාලෙ ඉදන්ම ඇනි අම්මා යීබෝට කියලා දුන්නෙ හොද දේවල් විතරමයි.....ඒ නිසා යීබෝ ගොඩාක් හොදින් හැදුනා....College එකේ හොදම management degree එකකුත් එයා ගත්තා....ඒත් තනියම company එකකට join වෙලා වැඩ කරන්න අවස්ථාවක් තාත්තගෙන් නොලැබුණු නිසා අකමැත්තෙන් වුණත් මේ Hotel එකේ manager වෙන්න යීබෝට සිද්ධ වුණා.....ඒත් එක්කම ජීවිතේ යාලුවො එක්ක ගතකරපු ලස්සන කාලෙට යීබෝට තිත තියන්න වුණා...සමාජෙන් ඈත් වෙලා යීබෝ තනිකරම නිහඬ චරිතයක් වුණා...තාත්තා එයාට පුදුම මානසික පීඩනයක් තමයි දුන්නෙ....ඇනි අම්මා තමයි යන්තම් හරි හිත හදලා යීබෝව මේ තත්වෙන් තියාගෙන ඉන්නෙ.....ඇනී අම්මා ළඟ හුරතල් වුණාට පිට ලෝකෙට එයා තනිකරම හැඟීම් දැනීම් නැති රොබෝ කෙනෙක් වුණා....කෙල්ලෙක් එක්ක වත් කිසිම සම්බන්ධයක් ඇති කරගන්න යීබෝට උවමනාවක් තිබ්බෙ නෑ....මෙයාගෙ හැටි දන්න නිසාම කෙල්ලොත් මෙයාගෙ පස්සෙන් ආවෙ නෑ එක්කෙනෙක් හැර 😒.......(එයා ගැන පස්සෙ කියන්නම් 😌)
.
.
.
.
වැඩ ඔක්කොම කරගෙන හවස 4 විතර වෙද්දි ශාන්ලා ගුඩුක් වලට ආවා.....ශාන්ලා ආව ගමන් manager එයාල එක්ක කතා කරලා අද කරපු ටික check කළා....හැමෝම එක්ක එකතු වෙලා රෑට දාන්න ඕන news එක ඒකෙන්ම එයාලා හදාගත්තා....හවස 6 විතර වෙද්දි එයාලට වැඩේ ඉවර කරගන්න පුලුවන් වුණා.....

"Good job Zhan,Jin and Lin...ඔයාලා වැඩේ හොඳටම කරා...."

"ඕක මොකද්ද සර් ....අපි හැමෝගෙම වැඩක්නෙ මේක....."

"ඔව් ශාන් මං දන්නවා....අපි හැමෝම එකට ඉන්නකම් හැමදාමත් අපේ chanel එක තමා best...."

"ඔව් සර් අපි එක පවුලක්නෙ......"

"ඒකනෙ ශාන්.....ආහ් දැන් හැමෝම යන්න .....ගිහින් ටිකක් rest කරන්න ....රෑ 8 වෙද්දි news එක දාමු......."

"හරි සර්......"

"ආහ් ශාන් ටිකක් ඉන්න.....අනික් අය යන්න...."

අනිත් අයව යවලා ශාන්ව සර් නවත්තගත්තා.....(manager ශින් )

To be continued

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

To be continued.........

🍁මොකටද ශාන්ව සර් නවත්තගත්තෙ🙄.....can you guess?

🍁මට මේක ලියන්න පස්ට කම්මැලී අෆ්ෆා 🥱🥱🥱.....මොනාහරි කොටන් යන්න ....තුන්වෙනි කොටසෙන් හම්බවෙමු.......

🚫මෙය සම්පූර්ණයෙන්ම මගේ උපකල්පනයක් වන අතර චරිත සදහා කිසිදු සම්බන්ධයක් නොමැත🚫

🚫උපුටා ගැනීම සපුරා තහනම්....🚫

✍️තිසූ✨️✨️✨️

ℙ𝕣𝕠𝕞𝕚𝕤𝕖(completed )Where stories live. Discover now