දෙවන දිගහැරුම🍁

1K 216 82
                                    

Promise.......

🍁කතාවට vote,comment කරන හැමෝටම ස්තූතී 💚❤️........අතීත කතාව ඉස්සරහට දෙන්නම් බබාලා 😘.....කතාව පට්ට බෝරිං නේද 🥱🥱......
.
.
ජින්ටයි ලින්ටයි කතා කරලා ශාන් chanel එකේ වාහනෙන්ම බීජිං වලට පිටත් වුණා.....ශාන් chanel එකේ  ප්‍රධාන නිවේදකයෙක් වුණාට වැදගත් මාධ්‍ය සාකච්චා ආවරණය කරන්න manager එයාව තමයි යවන්නෙ....මොකද managerට විශ්වාසවන්තම සේවකයා තමයි ශාන්....ශානුත් මේ ආයතනයට ගොඩාක් පක්ෂපාතීව තමන්ගෙ සේවය හරිම පිළිවෙලට පාඩුවෙ කරගෙන යන නිසා අනික් හැමෝගෙමත් ආදරේ ශාන්ට නොඅඩුවම ලැබුණා.....

"ශාන්......"

"ඇයි ජින්...?"

"අද අපිට වැඩ ගොඩක් තියෙයි නේද....?"

"මටත් එහෙම හිතුනා ජින්....අපි ගිහින් බලමුකො....ලින්ට නින්ද ගිහින් නේද...?"

"මේකා කොහොමත් නිදිකුම්බරයෙක් ශාන් college කාලෙ ඉදන්ම ඔහොම්මමයි....."

"ඒකනෙ දැන් ඇහැරවන්න .....තව විනාඩි 10න් විතර අපි බීජිං වල....."

"හරි ශාන්...."

ශාන් කිව්ව නිසාම ජින් නිදාගෙන ඉන්න ලින්ව ඇහැරෙව්වා........

"ඒයි මෝඩ ලින්....නැගිටිනවා කම්මැලියෝ...."

"හෑහ් කවුද කෝ....මොකද්ද.....අපි කොහේද....කවුද මාව ගෙනියන්නෙ🥺........"(මේ යකා නින්දෙන් බය වෙලා කියාම්කො😂😂😂)

"මොකද යකෝව් මේ .....🙄......"(කම්පියුස් උංගා බංගා වෙලා....😂)

"ඈහ් මං මොකද්ද මෙතන කරන්නෙ 🙄......මේ කොහෙද 🥱🥱🥱......?"

"අනේ මෝඩ රිලවෝ ටෝ හීනෙන් බය උනාද😂😂.....අපි මේ බීජිං යන ගමන්...."

"බීජිං🥱.....ඈ ඒ මොකටද එහේ කවුද ඉන්නෙ මගේ 🙄....."(මේකා තාම නිදිමතේ😂.....)

"අනේ ශාන් මට තඩි පොල්ලක් අරන් ඔලුවට ගහන්නකො...මූ නිසා මට පිස්සු හැදෙන්න එනවා 😒......"

ශාන්ටත් හිනා මේ දෙන්නගෙ වැඩ වලට ....දැන් බහින්නත් කිට්ටු නිසා ශාන් ලින්ට කතා කළා...ඔන්න එතකොට තමා ලින් නින්දෙන් හරියටම ඇහැරුණේ.....ජින් නම් ඉදගෙන ලින්ට හොඳටම රවනවා....ලින් ඕවට සැලෙනවද ....නෑනෙ නෑනෙ....කොහොම හරි නිදිමත එනවට කන්න ගෙනාපු චොකලට් බාර් එකක් දීලා ලින්ව යාලු කරගත්තා...කොහොමත් ජින්ට ලින්ව නැතුව බෑ....(අනේ මන්දා ඕවා 🤧).....දෙන්නට දෙන්නා නැතුවම බැරි වුණාට ළඟ හිටියොත් මරාගන්න එක තමා දෙන්නගෙ වැඩේ....කොහොම හරි හැමදාම මේ ඩබලගෙ රණ්ඩු බේරන්න වෙන්නෙ ශාන්ට තමයි....රණ්ඩු වෙලා විනාඩි 5ක් යන්නත් කලින් ආයෙම දෙන්නම යාලුයි😁.....ශාන්ට නම් මේ දෙන්නගෙ යාලුකමට එහා දෙයක් දැනිලා තිබ්බෙ....ඒත් තාම ඒ දෙන්නට ඒ ගැන තේරුමක් නෑ......
.
.
.
කොහොම හරි හැමෝම 11.30 වෙද්දි meeting එක තියන hall එකට ඇතුල් වෙලා එයාලට අදාල ස්ථානයේ අසුන් ගත්තා.....පැය බාගෙකට පස්සෙ හරියටම 12ට meeting එක ආරම්භ වුණා...අලුත් රජයක් විදියට  රටේ  ආර්ථික තත්වෙ එයාලා ගොඩනගන්න හිතන් ඉන්න විදිය ගැන තමා එදා ප්‍රධාන මාතෘකාව වුණේ.....චීන සමූහාණ්ඩුව වශයෙන් ගන්න වැදගත්ම තීරණ කීපයක් එදා සාකච්ඡාවට බඳුන් වුණා.....ජිනුයි ලිනුයි ඔක්කොම note down කරගනිද්දි ශාන් ඒ හැමදේම ගානට කැමරාකරණය කරගත්තා.....ඊටපස්සෙ හැමෝම ආයෙමත් ගුඩුක් යන්න පිටත් වුණේ දවල් කෑමත් restaurant  එකකින් කාලා.....
.
.
.
.
යීබෝ වෙනදා වගේ නැතුව කලින් කෑම මේසෙට ආව නිසා අද යන්තම් බෙල්ට් පාරවල් නොකා බේරිලා වැඩට ගියා....Hotel එකට ගියපු ගමන්ම යීබෝ එයාගෙ office room එකට ගියේ ඊයෙ දවසෙ cctv check කරන්න.....ඕක තමයි හැමදාම යීබෝගෙ පළවෙනි වැඩේ....cctv check කරලා ඉවර වෙලා ඊයෙ දවසෙ බිල් ඔක්කොමත් balance කරලා hotel පුරාම තියන cctv check කරන්න පටන් ගත්තා....ඕවා යීබෝ හැමදාම කරන දේවල්....මොකද එයාට හැමදේම පිළිවෙළකට තියෙන්න ඕන.....මුලු hotel එක වටේම search කරපු යීබෝ බැලුවෙ හැම තැනක්ම පිළිවෙළට තියනවද කියලා......සේවකයොත් එයාගෙ හැටි දන්න නිසාම උදෙන්ම ඇවිල්ලා හැමදේම පිළිවෙළ කරනවා....office room එකේ ඉඳන් හැමදේම check කරන නිසා යීබෝට අත්‍යාවශ්‍ය කරුණකදි ඇරෙන්න සේවකයන්ව හමුවෙන්නෙ නෑ....හැමෝම හිතං ඉන්නෙ යීබෝ හරිම සැර පරුෂ චරිතයක් කියලා.....ඒත් යීබෝ ඇතුලතින් කොච්චර සංවේදී දුර්වල චරිතයක්ද කියලා දන්නෙ ඇනි අම්මා විතරයි ......

ℙ𝕣𝕠𝕞𝕚𝕤𝕖(completed )Where stories live. Discover now