ඒත් දැකපු දේ නිසා ජන්කුක්ගේ මුලු ඇගම පණ නැති වෙලා ගියේ ඉබේටම බිම ඉන්දවෙන ගමන්.

"ජ්-ජින්!" වෙවුලන කටහඩින් ජන්කුක් ජින්ට කතා කරේ ජින් උත්තරයක් දෙයි කියලා බලාපොරොත්තුවෙන්.

ඒත් හිතුව දේ සිද්ද නොවෙච්ච නිසා ජන්කුක් තප්පරයක්වත් පරක්කු නොවී ජින්ව තමන්ගේ දෝතට අරන් ඉක්මනට ගිහින් පරිස්සමින් කාර් එකේ බැක් සීට් එකේ හාන්සි කෙරෙව්වේ හොස්පිටල් එකට යන්න.

' ඉවසන්න ජින්!! ඔයාට මුකුත් වෙන්නේ නෑ!!' ජන්කුක් ජින් ඇහෙන්න කිව්වත් එයා ඒක කියාගත්තේ  එයාගේ හිත සනසගන්නමයි.

පුලුවන් උපරිම වේගෙන් හොස්පිටල් එකට ආව ජන්කුක් ජින්ව ඕ.ආර්. එකට ඇතුල් කරනකන්ම ජින්ගේ සීතල වෙලා තිබ්බ අත මොහොතකටවත් අතඇරියේ නෑ.

ජින් ගැන තොරතුරක් ලැබෙනකල් ඕ.ආර්. එක ඉස්සරහා වාඩි වෙලා හිටපු ජන්කුක්ගේ ඇස් ඉබේම ගියේ එයාගේ අත් දෙකට.

ලේ!!

ජින්ගේ ලේ!!!

ඒත් එක්කම වගේ ජන්කුක්ගේ මතකෙට ආවේ ගෙදරදි දැකපු දේ.

සතියකට කලින් එයා ජින්ගේ බ්ලැන්කට් එක උඩින් තිබ්බ කොට්ටේ පැත්තක් පිරෙන්න තිබ්බ ලොකුම ලොකු ලේ පැල්ලම. ඒ වගේම ජින්ගේ කට කොනේ තිබ්බ ලේ පාර.

ජන්කුක්ගේ අතේ ගෑවිලා තිබ්බෙ ජින්ගේ අත් දෙකේ තිබ්බ ලේ.

'මොකද්ද මේ එකපාරටම සිද්ද වුණේ?' ජන්කුක් කොණ්ඩේ අතින් අදින ගමන් හිතුවේ ජින්ට එක පාරටම ඇතීවෙච්ච අසනීපේ මොකද්ද කියලා. ඒ වගේම ඒ වෙලාවේ එයා පහලට ආවේ නැත්නම් ජින්ට මොනවා වෙයිද කියලා හිතනකොටත් ජන්කුක්ගේ මුලු ඇගම හිරි වැටිලා ගියා.

' මට සමාවෙන්න ජින්! ඔයාට මුකුත් වෙන්නේ නෑ. මගේ අතින් ඔයාට ලොකු අසාධාරණයක් වුණේ. මම ඒක පිලිගන්නවා. මට මගේ වැරදි නිවැරදි කරගන්න ඕන. ඔයාට මගේ හස්බන්ඩ්ට වගේ සලකන්න ඕන. ප්ලීස්! මට තව එකම එක අවස්තාවක් දෙන්න. ඔයාට පුලුවන් නේද? ආහ්හ්..' ජන්කුක් හිතින් ඇහුවේ එයාගේ ෆෝන් එකේ වෝල් පේපර් එකේ දාගෙන ඉන්න ජින්ගේ ෆොටෝ එකෙන්.

පාපොච්ඡාරනයක්!!

ඔව්!! අන්තිමට ජන්කුක්ගේ මුරණ්ඩු උඩු හිත පරද්දලා එයාගේ යටි හිත ජයගත්තා.

ඒත් නිකන්ම නෙවෙයි!

ජන්කුක්ට ජීවිත කාලෙටම විදවන්න සලස්වලා!!



Thoughts


Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.
Contract | Jinkook || SinhalaOnde histórias criam vida. Descubra agora