දහතුන්වෙනි කොටස

1.3K 259 98
                                    

  ❤️🔥 වෛරයේ ගින්නට හසුවූ අහිංසක ආදරයේ කතාව 🔥❤️

_______________________________________

                            වේද් බයික් එක නතර කලේ හුරු පුරුදු ස්ටීවන් බැරියර් එක ලග... වේද් ස්ටීවන්ගෙන් ඈත් වෙනවා කියලා එයාටම පොරොන්දු උන දවසේ ඉදන් වේද් කොච්චර හිත හදාගන්න ට්‍රයි කලත් ඒ වැඩේ හරියන පාටක් පෙන්න තිබුනේ නෑ.. මොකද වේද් ස්ටීවන් පස්සේ යන එක නැවැත්තුව දා ඉදලා ස්ටීවන් වේද්ගේ පස්සෙන් එන්න ගත්තා.. වේද් උදේට කොලේජ් යන ටයිම් එක බලලා ස්ටීවන් හැමදාම වේද්ගේ පාර හරස් කරලා වෙහිකල් බැරියර් එකක් දාන්නේ දැන් වේද් දුටුව තැන ස්ටීවන්ව මගඇරලා යන නිසා..

"අර්ර්ර්ර්ර්ර්ර්ර්ර්හ්හ්හ්හ්.....මේ මිනිහා නන්.."

වේද්ට ස්ටීවන් එක්ක මලපැන්නේ කොල්ලා උන්නේ කොලේජ් එකට යන්න හදිසියෙන් නිසා. කොල්ලගේ  ඉන්ඩිවිජුවල් ප්‍රොජෙක්ට් එකට අදාල ප්‍රසන්ටේෂන් එක දෙන්න තව ඉතුරු වෙලා තිබ්බේ විනාඩි කීපයක් විතරයි.. වන්ෂ් දැනටමත් කොල්ලට කෝල්ස් දෙක තුනක්ම අරන් වෝර්න් කරේ ඉක්මණට එන්න කොල්ලගේ නම්බර් එක ලං වෙනවා කියලා.. වන්ෂ්ට ලැබිලා තිබුනේ ප්‍රසන්ටේෂන් ලිස්ට් එකෙ මුල් නම්බරයක් හින්දා කොල්ලා වේද්ට වඩා වේලාසනින් කොලේජ් එකට ගියේ වේද්ට තව ටිකක් ප්‍රසන්ටේෂන් එකට රෙඩි වෙන්න ඉඩදීලා.. වේද් හයියෙන් බයික් එකේ හෝර්න් එක ගැහුවේ ස්ටීවන්ගේ වාහන දිගටම පාර බ්ලොක් කරගෙන ඉද්දී..

"මොන කරදරයක්ද මන්දා ..."

කොල්ලා එයාටම මුමුණ ගත්තේ ස්ටීවන්ගේ ගාර්ඩ් කෙනෙක් පාර හරස් කරගෙන තිබුනු ඩිෆෙන්ඩර් එකෙන් බැහැලා වේද් දිහාට එනවා බලාගෙන..

"මිස්ටර් වේද්.."

ඒ ගාර්ඩ් වේද්ගේ ලගට ඇවිත් කවසකියේ ඔයිල් ටෑන්ක් එක උඩට අතක් තියලා වේද්ගේ දිහාට බරවුනේ වේද්ගේ ෆුල් ෆේස් හෙල්මට් එකට අනිත් අතින් චූටි තට්ටුවක් දානගමන්.. මිනිහා බලන් උන්නේ වේද් හෙල්මට් එක ගලවනකම් උනත් වේද් ඒ මිනිහව සතපහකට ගණන් ගන්නේ නැතුව බයික් එක එක තැන රේස් කරන්න ගත්තේ ගාර්ඩ් ගේ ඇස් දෙක හීනි වෙලා යනකොට..

🔥වේද්🔥 ( Sinhala BL)Where stories live. Discover now