දොලොස්වෙනි කොටස

Start from the beginning
                                    

"දැන් සැපද දෙන්නට.."

සිතුවිලි උනු උනු තේ පෝච්චියක්ම උස්සන් ආවේ කොල්ලෝ දෙන්නව උනුහුම් කරන්න තේ කෝප්පයක් මදිබව දැනගෙන. බ්ලැන්කට් එක ඇතුලේ හා පැටව් දෙන්නෙක් වගේ ගුලිවෙලා ඔලු ගෙඩි දෙක විතරක් එලියට දාලා කොල්ලො දෙන්නම නෝන්ජල් හිනාවක් දැම්මේ කෙල්ල දෙන්නගේ අතට තේ කෝප්ප දෙක දෙද්දී.

"සිතුවිලි ඇයි ඔයා ඇඩුවේ ..ඇයි ආයේ ආවේ.??"

වන්ෂ් ඇහුවේ කෙල්ල හරි මලානික විදියට හිනාවෙද්දී..

"මං මගේ රූම් එකේ කී එක දාපු බෑග් එක ඔයාගේ ජීප් එකේ අමතක කරලා ගිහින්.. හොස්ටල් එකට ගිහින් දොර අරින්න බලද්දියි මට ඒක නෝට් වුනේ.. ඉතින් මං ආයේ ආවා.. ඔයාලා දෙන්නා කෝ බලද්දී දෙන්නා වොෂ් රූම්..මං ඉතින් ආයෙම යන්න හැරුනත් මට...මට.. ම..ට..ඇහුනා වේද් කතා කරනවා 😢"

සිතුවිලි අඩන්න ගත්තේ එයාට ඩිංගකට කලින් ඇහුනු දේවල් ආයෙ මතක් වෙලා.. කෙල්ල දන්නවනේ එයාගේ පිස්සු යාලුවා වේද් අර නරුමයට ආදරේ කල තරම.. එහෙව් කොල්ලට ඒ මිනිහා දීපු දුක කොල්ලම විස්තර කරලා කියද්දී කොල්ලො දෙන්නා එක්කම බාත් රූම් එකේ දොරගාවට වෙලා කෙල්ලත් අඩා වැටුනේ හිතේ තිබුනු සහෝදර කැක්කුමට.

"මං ඕනකමින් අහන් හිටියා නෙවෙයි.. ඒත් ..ඒත්.. වේද් අඩද්දී මට යන්න හිතුනේ නෑ.. ඔයාලා දෙන්නා නාන ගමන් නිසා මට වොෂ් රූම් එක ඇතුලට එන්න හිතුනෙත් නෑ.. ඉතින් මං..මං..දොර ලගට වෙලා හිටියා අඩ අඩ...😭😭"

කෙල්ල කියාගෙන යනකොට කොල්ලන්ගෙත් ඇස් වල කදුලු අලුත් වෙනවා. පුංචි උන් තුන්දෙනාව තුරුල් කරන් සනසවන්න.. අවවාදයක් දෙන්න.. අඩන්න එපා මං ඉන්නවනේ කියන්න කිසිම වැඩිහිටියෙක් නැති තැන තුන් දෙනා අසරණ කමට උන් උන්ව බදාගෙන අඩන්න ගත්තේ මේ දුක කවදා ඉවරවෙයිද කියලා තුන්දෙනාටම හිතෙනකොට..

"ඔයාලා ගොඩාක් වෙලා වතුරෙ හිටියා වන්ෂ්.. මට බය හිතුනා අසනීප වෙයි කියලා . මං ඒකයි අන්තිමේ දොර ඇරන් ඇතුලට ආවේ.. මට බැහැ ඔයාලට තවත් කරදර වෙනවා බලන්න .. මට බැහැ ඔයාලා දුක් වෙනවා බලන්න..😭"

සිතුවිලි අඩ අඩා කියවන් යද්දී කොල්ලෝ දෙන්නා ආදරෙන් සිතුවිලිව තුරුල් කරගත්තේ කෙල්ලත් ලෝභ කමේ ඒ උනුහුම් නිවුන් පපුවලට තුරුල් වෙද්දී... ටිකක් වෙලා යද්දී සිතුවිලිගේ මෘදු සිරුරෙන් එන උණුහුමත් එක්ක කොල්ලෝ දෙන්නගේ සීතල නැතිවෙලා ගියේ මාන්සික විඩාවයි සිරුරේ තෙහෙට්ටුවයි නිසා තුන් දෙනාටම නොදැනීම නින්ද යද්දී.. ඒ වෙලාවේ කොල්ලො දෙන්නගේ ඇනෙක්ස් එකේ බෙඩ් රූම් වින්ඩෝ එකෙන් කවුරුහරි බැලුවනම් සොෆ්ට් යෙලෝ නයිට් බල්බ් එකකින් එලිය වුනු කාමරේක කින්ග් සයිස් බෙඩ් එකක ලස්සනම ලස්සන නිවුන් කුමාරවරු දෙන්නෙකුට මැදිවෙලා රෝස මලක් වගේ සුරංගනා කුමරියෙක් නිදාගන්න හැටි ලයිව් බලාගන්න තිබුනා..

🔥වේද්🔥 ( Sinhala BL)Where stories live. Discover now