25 කොටස

1.2K 415 39
                                    

-" ඔම්මා.. "

මම ඇහෙන නෑහෙන ගානට මිමිණුවා.. ඔම්මත් හිටියේ ගල් වෙලා වගේ මගේ දිහා බලාගෙන.. අවුරුදු 5කට කලින් පැක් එක දෙකට බෙදුනු වෙලාවේ නෝර්ත් බ්ලැකීලත් එක්ක ඔම්මා ගියාට පස්සේ අපි දෙන්නා මූණට මූණ හම්බ උනු පලවෙනි වතාව..  මම එයාගේ ඇස් වලින් මගේ ඇස් අයින් කරගෙන බිම බැලුවේ මට අපහසුතාවයක් දැනුනු නිසා..  එයාගේ අතෙත් මගේ වගේම ෆයිල් මිටියක් දැක්කේ ඒ වෙලාවේ.. ඒ කියන්නේ..

මට තව දුරටත් හිතන්න දෙයක් තිබුනේ නෑ.. ඔම්මගේ පිටිපස්සෙන් ඇවිත් හිටගත්ත කෙනා දැක්කම මට අග මුල ගලපගන්න පුලුවන් උනා..

ගන් ටේ..

එයා ඇස් චූටි කරගෙන ටිකක් වෙලා මගේ උඩටයි පහලටයි බැලුවේ මාව අදුරගන්න අපහසුවෙන් වගේ.. ඒත් එයාගේ කට කොනකට එක පාර ඇදුනු හිනාව නිසා එයා මන් කවුද කියන එක අදුරගත්ත බව මට තේරුනා..

-" ඔහ්හ්හ්... කව්ද මේ.. කන්ජ් ජියා.. එහෙම නැත්නම් බ්ලැක් වුල්ෆ්ලගේ අලුත්ම හෙඩ් ඇල්ෆා කියලා කියන්නද මම.. "

ගන් ටේ එහෙම කියන ගමන් අඩියක් ඉස්සරහට ගත්තා.. මට නොදැනුවත්වම වගේ මගේ කටින් ලාවට ගෙරවිල්ලක් පිටවෙන ගමන් මම අඩියක් පස්සට තිබ්බා.. වෙන පැක් එකක ඇල්ෆා කෙනෙකුට බය පෙන්නන එක එච්චර හොද දෙයක් නොවුනත් පොඩි කාලේ ඉදන් දැකපු දේවල් එක්ක ගන් ටේගේ අබොජිට තිබුනු බය මගේ හිතේ තාමත් තියන බව මට තේරුනා..

මගේ බය ගන් ටේට තේරුනා වෙන්න ඕන. එයාගේ කටේ තිබුනු හිනාව තව ටිකක් වැඩි කරන ගමන් එයා මගේ ලගට තව අඩියක් තිබ්බා.. ඒත් එක පාරටම ඔම්මා අපි දෙන්නගේ මැදට එන ගමන් එයාගේ අතේ තිබුනු ෆයිල් ටික ගන් ටේගේ අතට දුන්නා..

-" මේ ටික ගිහින් දෙන්න.. මම කතා කරන්නම්.. "

ඔම්මා කිව්වත් ගන් ටේගේ මූණේ එච්චර සතුටු පෙනුමක් තිබුනේ නෑ..
එයා ටිකක් වෙලා රවාගෙන වගේ ඔම්මා දිහා බලාගෙන හිටියා..

-" මායාකාරි.. මම කියලා තියනවා මට අණදෙන්න එන්න එපා කියලා.." 

එයා කිව්වේ යන්තම් ගොරවන ගමන්.. ඒත් ඔම්මාගේ මූණේ බය පෙනුමක් තිබුනේ නෑ.. ගන් ටේ ටිකක් වෙලා රවාගෙන ඔම්මා දිහා බලාගෙන ඉදලා ෆයිල් ටිකත් අරගෙන ඔෆිස් එක පැත්තට යන්න පටන් ගත්තා.. ඔම්මා ගන් ටේගෙන් ඇස් අරගෙන මගේ දිහා බැලුවා..

 ♡ 🅲🅷🅾🅲🅾🅻🅰🆃🅴 🆂🅲🅴🅽🆃 ♡Where stories live. Discover now