අලුත් මිතුරෙක්

Start from the beginning
                                    

ටිම් වටපිට බැලුවේය. ඇල්ෆ්‍රඩ් ගේ තොරතෝංචියක් නැති කතාව අසාගෙනම ඔහු එම කුළුනේ උඩම තට්ටුවටම පැමිණ ඇත. ඔවුහු එහි ඇතුල් වූහ.

" මේ දොරෙන් යමු." ඇල්ෆ්‍රඩ් කීවේය.

ඔවුහු එයට ඇත්ල් වූහ. එහි ඇදන් හයක් විය. නමුත් කාමරයේ ඔවුන් හැරෙන්නට කිසිවෙක් නොසිටියහ. එවිට ඇල්ෆ්‍රඩ් කතා කළේය.

" අහන්නකෝ ටිම් , මට ඇල්ෆ්‍රඩ් කියන්න උවමනා නෑ. මට ඇල් කියලා කතා කරන්න. මම ඒ නමට ආසයි. ආ ඒක නෙවෙයි, ජනේලයෙන් බලන්නකෝ. මෙතන තමයි පාසලේ උසම තැන. "

එය ඇසූ ටිම් ජනේලයකින් එබී බැලුවේය. අංශක 180 ක පමණ වපසරියක් ඔහුට දිස් විය. අඩි සියයක් පමණ පහළින් ඔහුට විශාල ගංගාවක් දක්නට ලැබුණි. අවට සුන්දරත්වය ඔහුට කියාගත නොහැකි විය.

"ෂා...මෙහෙ හරිම ලස්සනයි නේද?"

"අනිවාරෙන් ම!මෙතනට තමයි පාසලේ ලස්සනම දසුන පේන්නේ" යි ඇල්ෆ්‍රඩ් දීප්තිමත් මුහුණින් යුතුව කීවේය.

ඔවුන් මද වේලාවක් එදෙස වශී වී බලා සිටියහ.පසුව ඇල් නැවත හැරී "මේ බලන්න.ඔයාගේ ඇද තියෙන්නෙත් මගෙ ඇදට එහා පැත්තෙමයි.ඒක නම් නියමයි.මම ත් මෙහෙට අලුත් හින්දා මටත් එච්චර යාළුවෝ නැහැ.ඉතින් ඔයා මගෙ යාළුවෙක් වෙන්න කැමතිද?" ඔහුගේ අත දිගු කරමින් ඇසුවේය.

මද වේලාවක් ටිම් කල්පනා කළේය. මොහු වැනි යහපත් විනෝදකාමී මිතුරෙකු ලැබීම වාසනාවකි.

"ඔව් මම කැමතියි. හැමදාටම හොදම යාළුවෝ වෙමු."ඔහු ඇල්ෆ්‍රඩ් ගේ අත අල්ලා සොලවමින් සතුටින් කීවේය.

"හොදයි එහෙනම් ඔයාගේ බඩු අර කබඩ් එකේ අහුරන්න."යි තම දීප්තිමත් ඇස් දල්වමින් ඔහු කීවේය.

"ඒත්...ම්..ඇල් , මේක මායා පාසලක්නේ.ඒත් මම තාම මෙහෙ ශිෂ්‍යයෝ මායාවන් කරනවා දැක්කේ නැහැනේ." යි ටිම් කුතුහලයෙන් යුතුව කීවේය.

"ආහ්! මේකනේ,අපිට පාසල් වාරය පටන් ගන්නකන් මායාව කරන්න අවසර නැහැ. සමහරු හොරෙන් මායාකර්ම කරලා ඔවුන්ට දඩුවම් ලැබිලත් තියෙනවලු. පාසල් වාරය හෙටයි පටන්ගන්නේ. ඔයා නම් ගොඩක් වාසනාවන්තයි නේ ටිම්! ඔයා බඩු අහුරලා ඉවරනම් අපි පොදු කාමරයට යමු නේද?" යි ඔහු ඇසුවේය.

"ආහ්! ඉන්න තව ටිකක් තියෙනවා" ටිම් ඒවා අසුරා නිම කරමින් කීවේය.

"හරි එහෙනම් දැන් යමු."

ඔවුහු නිදන කාමරයෙන් පිටවී තරප්පු පෙළ බසිමින් පහළට පැමිණියහ. 

______________________
හලෝ…😊

මට කියන්න කිසිම දෙයක් නෑ මේ වෙලාවෙනම්🤧😌

පුළුවන් වුණොත් අද හවසට මේකෙන් තව එකකුයි අනිත් කතාවෙන් තව චැපියකුයි දෙන්නම්🙃🤭

කතාව කියවන වෝට් කමෙන්ට් කරන හැමෝටම තෑන්ක්ස්🥰

බායි…

Adventures In The Magical World✔︎ ⁿᵒᵗ ᵃ ᶠᵃⁿᶠⁱᶜᵗⁱᵒⁿWhere stories live. Discover now