chapter 30

1K 183 95
                                    

මාස 6ක්.... හරියම මාස 6 ක්... මට සිහිය නැතුව ඉදලා තියනවා... ඒත් ඇයි ඒ තරම් කාලයක් .... මොකක්ද උනේ.... මම බලාගෙන හිටියේ ... ටේ මගේ ළඟට එනකන්... ඒත් එයා ආවෙ... තනියම නෙවෙයි ..... චූටි ... ලස්සන සුරංගනාවියක් ... එයා අතේ හිටියා... එයාව දැක්කම... මගේ ඇගේ තිබ්බ හැම වේදනාවක්ම නැති වෙලා යනවා වගේ මට දැනුනා... හිමින් සැරේ මගේ කම්මුල්.. මගේ කදුලු වලින් තෙත් වෙද්දී .... මුලින්ම පනක් නොතිබුණ මගේ අත් දෙක... ඉබේටම වගේ ඉස්සුනේ... එයාව මගේ අත් දෙකට ගන්න ඕන නිසයි ...

එයා හරිම ලස්සනයි ... මගේ වගේම දුබුරු පාට ඇස් දෙකක් එයාට තිබ්බා... එයාට තිබ්බෙ... එයාගෙ අප්පගෙ වගේ දිගම දිග ඇගිලි.... ඒ ලොකු බෝල ඇස් වලින්... එයා මා දිහා බලද්දී ... මට මහා වරදකාරී හැගීමක් දැනුනා... එයාට දැන් මාස හයක්... ඒ කියන්නෙ... මගේ චූටි පැටියගෙ මුල් මාස හය... මට මගෑරුනා... හිතට දැනුන වේදනාවට... එයාගෙ මුලු මූනම සිප ගද්දි ... මගෙ චූටි පැටියා ... හරිම ලස්සනට මා දිහා බලලා හිනාවුනා...

" ඔම්මට සමාවෙන්න රත්තරන්... ඔම්මට සමාවෙන්න ... ඔම්මට බැරි උනා ... ඔයාගෙ ළඟින් ඉන්න... "

" මැනික... "

එක මොහොතකට ... මට ටේව අමතක උනා... ඒත්.. එයාගෙ කටහඬ ඇහුන ගමන්ම.... මම එයාව ආදරෙන් සිප ගත්තා... අපේ කදුලු වලින්.. කම්මුල් තෙත් වෙද්දී ... මට දැනුනා.. ආයෙමත් ඉපදුනා වගේ...

" ටේ... මට කියන්න... මාස හයක්.... ඇයි මට සිහිය එන්න එච්චර කාලයක් ගියේ... ඇයි මගේ පපුවට මැහුම් දාලා තියෙන්නේ ... "

" ඒ ඔයාට heart replacement එකක් කරන්න උන නිසයි මැනික... ඔයාගෙ හදවත ... ගොඩාක් දුර්වල වෙලයි තිබ්බෙ... ඒ නිසා... ඔයාව බේරගන්න .. Heart replacement surgery එක කරන්න උනා... ඒ නිසයි මේ තරම් කාලයක් ගත උනේ... "

" ඕ... එහෙමද ... එතකොට දැන් ... මට ගෙදර යන්න පුළුවන් වෙන්නෙ කවද්ද ටේ... "

" ඉක්මනටම පුළුවන් වෙයි මැනික... ඔයාට ඇවිදින්න තාම අමාරු නිසා... මුලින්ම ඔයාට ඒකට පුරුදු වෙන්න වෙයි... ඒකෙන් පස්සේ .. අපිට ගෙදර යන්න පුළුවන් ... "

මට සිහිය ආවට පස්සෙ.. හැමෝම වගේ මාව බලන්න ආවා... සාශා... ඔප්පා... කුකී... මේ හැමෝම ... ඒත් එක්කෙනෙක් ඇරෙන්න ... නම්ජූන් ඔප්පා .... ආයෙමත් සැරයක් .. එයා හිතන් ඉන්නෙ.. මේ හැම දේම එයාගෙ වැරැද්දෙන් උනා කියලද ...

 REBORN 🚫 (By Sash) [ Completed ]Where stories live. Discover now