Chapter 25

810 181 35
                                    

මට දැනුනෙ... හරියට මගේ හුස්ම හිර වෙන්න ගත්තා වගේ.... ඒ එයාමයි.... ඔව් එයාම තමයි .... මගේ හදගැස්ම වැඩි වෙනවත් එක්කම..... හැම දේම කළුවර වෙලා ගියා... මගේ කකුල් දෙක පණ නැතුව යනවා කියලා මට දැනුනා.... එහෙම්මම , මම බිමට වැටෙන්න හදද්දී ටේ මාව අල්ල ගත්තා කියලා මට දැනුනා...





" ජූන්... මේ හැම දෙයක්ම කරන්නෙ ඔයාගෙ සහෝදරයා.... එයා තමයි මට මේ විදියට කරන්න කිව්වෙ... හොස්පිටල් එකේ හිටිය.. මගේ චූටි දෝනිව මරණවා කියලා එයා මට තර්ජනය කලා.... මුලින් නම් මම බය උනේ නෑ... ඒත් දුවගෙ ඔපරේෂන් එකෙන් පස්සෙ, එයාගෙ ඔක්සිජන් බටේ කවුරුහරි කපලා තිබ්බා... ඒකෙන් මට තේරුනා, මේක එයාගෙ වැඩක් කියලා ... ඔයාගෙ බිස්නස් එක විනාස කරලා දාන්න මං එයාට උදව් කලේ නැත්නම්, මම මගේ දෝනිව මේ ලෝකෙ කොහෙට ගෙනිච්චත්... එයාව අතාරින්නෙ නෑ කියලා එයා මට තර්ජනය කලා... "

" මොනාද මේ කියන්නෙ.... එයා මගේ සහෝදරයා ... ඇයි එයා එහෙම දෙයක් කරන්නෙ... "

" ඇත්තටම ... ඒක මම දන්නෙත් නැහැ... ඒත් එයා සයිකො කෙනෙක් වගේ හරියට හැසිරෙන්නෙ... මං දන්නෙ නෑ මොකද කියන්න... ඒත් මට තවත් මේ දේවල් බලාගෙන ඉන්න බැරි උනා... ඒකයි මං මේක ඔයාට කිව්වෙ.. හෙට උදේම මම මගේ පවුලෙ අය එක්ක ඇමරිකා යනවා... ඒත් යන්න කලින්, ඔයාගෙම හොඳට මේ දේවල් කියන්න ඕන කියලා හිතුනා... මොනා උනත් පරිස්සමෙන් ඉන්න .... "

" අප්පා..... දැන් අපි ගෙදර යනවද ... ටේටේ කොහෙද ඉන්නෙ කිම් අජශ්ශි ... මට එයා එක්ක සෙල්ලම් කරන්නත් බැරි උනා... "

" දෝනී... දැන් රෑ වෙලා නෙ.. අපි ගෙදර යමූ... හෙට අපි එයාව හම්බ වෙන්න එමු..හරිද .... "

" හරී...... "

"  Mr Jung...ඔයා මේ කතා කරන්නෙ.. මගේ එක කුස උපන් සහෝදරයා ගැන... ඔයා හිතනවද , මම මේ දේවල් විස්වාස කරයි කියලා .. එයා මොකටද ... මට මෙහෙම දෙයක් කරන්නෙ... "

" විස්වාස කරන එක.. නැති එක.. ඔයාගෙ දෙයක් ... යාළුවෙක් විදියට , ඔයාට ඇත්ත කියලා ... මගේ යුතුකම , මම ඉශ්ට කලා... දැන් ඉතින් පරිස්සම් වෙලා ඉන්න බලන්න ... දෝනී... එන්න අපි යමු.... දෝනී...... දෝනී.... කොහෙද ඔයා...දෝනී..."

 REBORN 🚫 (By Sash) [ Completed ]Where stories live. Discover now