" විකාර නැතුව.. මාව මෙහාට එක්කගෙන ආවෙ ඇයි කියන්න.. ඔයාට ඕන , අනිත් හැමෝම මැරුවා වගේ.. මාවත් මරල දාන්නද.. ඒකටද මාව එක්කගෙන ආවෙ.."

" ඔන්න බලන්න ඉතින් ... මම මේ සුහදව කතා කරද්දී ... ඔය දරුවා මැරෙන එකක් ගැනම කියවන්නෙ ඇයි..."

" සුහදව... මේකටද සුහදව කතා කරනවා කියන්නෙ... මාව මේ විදියට පුටුවක ගැටගහලා... එහෙමද ඔයා සුහදව කතා කරන්නෙ... තමුන්ගෙ සහෝදරයවත් මරලා.. දැන් නිකං බොරුවට හොඳ කෙනෙක් වගේ රගපාන්න එපා... ඒක හරිම අප්‍රසන්නයි ..."

" මේක අහගන්නවා දරුවෝ... මම නරක කෙනෙක් නෙවෙයි ... හ්‍යුන් මැරුනෙ එයාගෙ වැරදි නිසාමයි... "

" හ්... ඇත්තට... එතකොට මගේ අප්පා... අර ගාඩ්... එයාලා මොකක්ද කරපු වැරැද්ද... තමුන් ජරාවක්... අප්‍රසන්න මනුස්සයෙක්... මොන වගේ හේතුවක් නිසාද .. කෙනෙක් තමගෙම සහෝදරයව මරලා දාන්නෙ... "

" ඔව් ... ඇත්ත ... ගාඩ් මැරුනේ ඇත්ත කියන්න ගිහින් ... එතකොට ඔයාවයි ඔයාගෙ අප්පවයි මරන්න හැදුවෙත්.. ඒ ඇත්ත .. එළියට නොයන්න... හැබැයි හ්‍යුන්... එයා මැරුනෙ එයාගෙම වැරදි නිසා..."

" මාවයි.. අප්පවයි මරන්න ... ඒ කියන්නෙ .. අර accident එක... ඒකත් එතකොට ඔයාගෙ වැඩක්ද ... "

" ආ.. ඔව් නෙ.. අයියෝ ... ඔයා ඒක දැනගෙන හිටියෙ නැද්ද දරුවෝ... ඔහොම නම් බෑ... ඔයාලට මාව වැරදිකාරයා කියලා ඔප්පු  කරන්න ඕන නම්.. මීට වඩා මං ගැන හොයන්න තිබ්බා... අයියෝ ... කමක් නෑ.. දැන් මන්වත් කියන්නම්කො... එදා ඔයාගෙ අප්පා ඔයාවත් අරගෙන පැනලා ගියාට පස්සෙ.. මං තමයි සල්ලි දීලා ලොරියක් එව්වෙ.. ඔයාලව හප්පලා මරන්න.... ඒත් ඉතින් මොනවා කරන්නද .. ඔයාලගෙ වාසනාවට ඔයාලා බේරුනා.. ඔයාට නම් හැමදේම වගේ අමතක උනා නෙ.. ඔයාගෙ අප්පත් අතුරුදහන් උනා.. ඉතින් මං.. ඔයාලව අතෑරලා දැම්මා... ඒත් ඉතින් .. මොනව කරන්නද .. ඔයාම තමයි මාව හොයාගෙන ආවෙ.. දැන් ඉතින් .. මට නිදහසේ ජීවත් වෙන්න නම්.. ඔයාව මගේ පාරෙන් අයින් කරන්න වෙනවා... අකමැත්තෙන් උනත්... "

" තමුන් මහ නරුමයෙක්... දන්නවද .. තමුන් මේ කරන කියන දේවල් නිසා.. තමුන්ගෙම පුතා තමුන්ට වෛර කරනවා... තමුන් මේ කරන පවුකාර වැඩ නිසා තමුන් අපායටමයි යන්නෙ... "

 REBORN 🚫 (By Sash) [ Completed ]Tahanan ng mga kuwento. Tumuklas ngayon