" ඔප්පා... මට අයිස්ක්‍රීම් කන්න ඕන..."

" ඉන්නකෝ... මං ටක් ගාලා අරගෙන එන්නම්...."

" ආ... මෙන්න.... ඔයා ආසම flavor එක ..."

" Thank you .... ම්ම්.... ඒක නම් මාරයි... ආ....."

" ඇයි .... ඇයි ... මොකද උනේ...."

" අයියෝ... මේ චූටි දගයා නම්.... ඔම්මට අයිස්ක්‍රීම් එකක්වත් කන්න දෙන්නෙ නැද්ද නිදහසේ ආ.... බය වෙන්න එපා ඔප්පා.... මේ මගේ දගයා මගේ බඩට පයින් ගැහුව නෙ... මේ දවස් වල හරිම දගයි මෙයා..."

" ඔය... ඔය ඇත්තමද ... එයා බඩට පයින් ගහනවා.. ඔයාට දැනුනද...."

" හ්ම්ම්ම්... ඔව්... වෙනදට නම් එයා මේ වගේ බඩට පයින් ගහන්නෙ ටේ එයා එක්ක කතා කරනකොට විතරයි ... සමහර වෙලාවට සාශත් කොච්චර කතා කලත් මෙයා පොඩ්ඩක්වත් හෙල්ලෙන්නෑ... එයා නම් බනින්නෙ මෙයාත් එයාගෙ අප්පා වගේම ආඩම්බරකාරියක් වෙයි කියලා 😂.... හැබැයි අද පුදුමයි... මට හිතෙන්නේ... එයා දන්නවා එයයි , ඔම්මයි ජීවත් වෙන්න හේතුව ඔයා කියලා .... "

" ඔය ඇත්තමද .... වා... ඒක හරිම පුදුම දෙයක් නේද ... මං කියන්නෙ.. එහෙම දැනෙන එක ...."

" ම්ම්... ඔව් .. පළවෙනි වතාවට මට එයාව දැනෙනකොට ටේ මගේ ළඟ හිටියා... මට මතකයි... එයා ඒ වෙලාවෙ කෑ ගැහුවෙ පිස්සෙක් වගේ 😂.... "

" වා.... ඒක හරිම ලස්සන හැගීමක් වෙන්න ඇති නේද ...."

නම්ජූන් ඔප්පා එයාගෙ දිලිසෙන ඇස් දෙකෙන් මගේ බඩ දිහා බලාගෙනම හිටියා....

" ඔප්පා.... ඔයා කැමතිද ඒක මොන වගේද කියලා බලන්න..."

" ඔය.. ඔය ඇත්තමද ... කමක් නැද්ද ..."

" කමක් නෑ අනේ... ඔන්න බලන්නකො..."

ඔප්පා මගේ බඩ අල්ලන්න පැකිලුන නිසා මමම එයාගෙ අතින් අල්ලලා , එයාගෙ අත මගේ බඩ උඩින් තිබ්බා....

" ඕ...ඕ.... වා... එයා... එයා පයින් ගැහුවා... එයා පයින් ගැහුවා සාරා... මට ඒක දැනුනා... හොඳටම දැනුනා... වා.... "

එයා උඩ පැනලා කෑ ගැහුවෙ හරියට පොඩි ළමයෙක් වගේ....

" දැක්ක නේ... මං කිව්වෙ... හරිම දගයි මෙයා..."


අපි මුලු හවසක්ම බීච් එකේ හිටියා... කොරියාවට ආවට පස්සෙ මම මේ වගේ දවසක් ගත කරලා තිබ්බෙම නෑ... ටේ එක්ක මම මේ වගේ එළියෙ ඇවිදින්න ගිහිල්ලම නෑ... එයා මං ගැන ගොඩාක් හොයලා බලනවා... ඒත් ඊටත් වඩා... එයා මාව ආරක්ශා කරනවා... සමහර වෙලාවට ඕනවටත් වඩා... මොනව උනත් අද දවස නම් මට කවදාවත් අමතක වෙන එකක් නෑ...


 REBORN 🚫 (By Sash) [ Completed ]Where stories live. Discover now