" ටේ... අනේ දැන්ම wash එකක් දාන්න ඕනද.... මට කම්මැලියි අප්පා.... "

" ආ... එහෙම කියලා බෑ... කෝ එන්නකෝ... අපි ගිහින් ඉක්මනට wash එකක් දාගමු.."

"ඔය ඉතින් ... ටේ ... මට ඇවිදින්න පුළුවන් .... 😂... අතාරින්න .... මෝඩයා.. බිමින් තියන්න...."

ටේ මාව එයාගෙ අත් දෙකට අරගෙන බාත් ටබ් එකෙන් හාන්සි කෙරෙව්වා... එයාගෙ අත් දෙකෙන්ම මගේ ඇදුම් අයින් කරන ගමන්ම එයා ටබ් එක උනු වතුරින් පිරෙව්වෙ මට සීතල නොදැනෙන්න...

ලූෆා එකේ සබන් පෙනත් එක්ක පරිස්සමට මගේ තුවාලය නොතෙමෙන්න මගේ මුලු ඇගම පිරිසිදු කරනවත් එක්කම ටේ මගේ බෙල්ලට හාදුවක් දෙද්දි මට නිකන්ම කිතිකැවුනා...

සම්පූර්ණයෙන්ම මාව පිරිසිදු කරලා ඉවර වෙලා මගේ තොල් විනාඩි කීපයකට සිප ගත්ත ටේ , බාත් ටබ් එකෙන් මාව එළියට අරගෙන මගේ ඇගේ තිබ්බ වතුර බින්දු ඔක්කොම තුවායකින් පිහිදාලා එයාගෙ අතින්ම මට පිජාමා එකක් ඇන්දුවා...

පරිස්සමෙන් මාව ඇදේ හාන්සි කරවපු එයා මගේ කකුල් මසාජ් කරන්න ගත්තා...

" කොහොමද ... දැන් සනීපයක් දැනෙනවද මැනික.."

" ම්ම්.... දැන් නම් ගොඩාක් සනීපයි ... හා.... මට නිදිමතකුත් එනවා..."

" හරි එහෙනම් .. ඔයා නිදාගන්නකො.. මට ජිමින්ට කෝල් එකක් ගන්න තියනවා.. මං ටක් ගාලා එන්නම් හරිද.. මොනාහරි ඕන උනොත් ඉක්මනට මට කතා කරන්න ...."

එහෙම කියලා ටේ මගේ නලලට හාදුවක් දීලා බ්ලැන්කට් එකෙනුත් මාව පොරවලා පහළට ගියා.....



"මට තේරෙන්නෑ මිනිහට මොනවද කරන්නෙ කියලා ... ඇයි මෙහෙම කරන්නෙ.. මං කියන්නෙ මේක මම මහන්සියෙන් ගොඩනගාගත්ත බිස්නස් එක.. එහෙම මේ එක එකාට ඕන විදියට මට වැඩ කරන්න බෑ නේ .... අනික අපේ ප්‍රශ්න වලට ඇයි මගේ දෝනිව ගාවගන්නෙ.. මිනිහ නම් මහ තිරිසනෙක්ටත් වඩා හපන්.."

" මට නම් බයයි අපෙ මහත්තයා.. අපිට නම් මොනා උනත් කමක් නැහැ.. බිස්නස් එකත් යකාට ගියාවෙ.. ඒත් මගෙ දෝනිට මොනාහරි උනොත් ඇත්තමයි මං තව එක මොහොතක්වත් ජීවත් වෙන්නෙ නෑ... හැබැයි මං කියන්නෙ මේවා කිම් ජූන්ට කියන්න ඕන.. එයත් මේවා දැනගන්න එපැයි .. අනික මෙච්චර මේ ළඟින් ඉන්න මනුස්සයා ඔහොම දෙයක් කරනව කියලා ඔයා එයාට කියන්න..."

 REBORN 🚫 (By Sash) [ Completed ]Where stories live. Discover now