" ට්..ටේ... එ..එයා.. මොනාද ඒ.. කිව්වෙ... කාගෙ බබෙක්ද... මට... මුකුත් තේරෙන්නෑ ...."

" එයා කිව්වෙ අපේ බබා ගැන මැනික...🥺 ඔයාගෙ කුසේ ඉන්න අපේ චූටි පැටියා ගැන... "

"ම්.. මොකක්...."

" ඔව් මැනික... මම තාත්තා කෙනෙක් වෙන්නයි යන්නෙ...🥺 එතකොට ... එතකොට ඔයා අම්මා කෙනෙක් ...."








Flashback ....

Taehyung's poov :

ලිලීව නම්ජූන් එක්ක යැව්වත් මගේ හිතට ලොකු බයක් දැනුනා... එයාට මොකක්හරි කරදරයක් වෙයිද ... ඇයි මගේ හිතට අමුත්තක් දැනෙන්නෙ... මට හිත හදාගෙන වැඩක් කරන්න පුළුවන් කමක් තිබ්බෙ නෑ... ඒ නිසා මම මාරුවෙන් මාරුවට ඒ දෙන්නගෙම phone වලට call කලා.. ඒත් එක්කෙනෙක්වත් answer කලේ නැහැ...

" ආ...shit... මොකද මේ... ඇයි answer කරන්නෙ මැත්තෙ...."

ඒත් එක්කම නොදන්න number එකකින් මට කෝල් එකක් ආවා...

" හෙලෝ... මිස්ටර් ටේහ්‍යුන් ... "

" ඔව්.. මම තමයි ..."

" මම මේ කතා කරන්නෙ busan city hospital එකෙන් .... ඔයාගෙ wife ව මෙහේ ඇතුලත් කරලා තියනවා... එයාට ටිකක් අසාද්‍යයි .. ඔයාට පුළුවන් තරම් ඉක්මනට මෙහාට ආවොත් හොඳයි ..."






ඒක ඇහුවට පස්සෙ මගේ මුලු ඇගම සීතල වෙලා ගියා... එයාට මොනාහරි උනොත් මට දරාගන්න බැරි වෙයි... ඉක්මනට කාර් එකේ යතුරත් අරගෙන ඒකට නැග්ගා...drive කරන අතරමග එක එක විකාර දේවල් මගේ ඔලුවට ආපු නිසා දෙපාරක්ම මගේ වාහනේ හැප්පෙන්න ගියත් කොහොමහරි පැය තුනක් ඇතුලත මට බුසන් වලට එන්න පුළුවන් වුනා...

පිස්සෙක් වගේ ලිලී ඉන්න තැන හොය හොය මම ඇවිදිනකොට ICU වෝඩ් එක ළඟ නම්ජූන් ඉන්නවා මම දැක්කා... ආපු කේන්තියට එක පාරම නම්ජූන්ගෙ ඇගට කඩාපැන්න මම එයාගෙ මූනට ගැහුව පාර නිසා එයාගෙ තොල පැලිලා ලේ එන්න ගත්තා...

" තමුසෙ මොකක්ද මගේ ලිලීට කලේ ආ... මං තමුසෙව අතාරින්නෑ... මම අද තමුසෙව මෙතනම මරල දානවා..."

නම්ජූන්ගෙ කොලර් එකෙන් අල්ලගෙන එයාගෙ මූනටම ගහන්න ගත්තත් එක්කම වෝඩ් එකේ හිටපු male nurse ලා කීප දෙනෙක් මගේ අතින් අල්ල ගත්තා...

 REBORN 🚫 (By Sash) [ Completed ]Tahanan ng mga kuwento. Tumuklas ngayon