කාමරේ දොරත් හිමීට වහගෙන පහළට ගියපු මම ඉක්මනට කෑම ටික රත් කරලා උඩට ගියේ ටේට කතා කරන්න ...

ඇත්තමයි ඇගපතිනුයි කටිනුයි තමයි මෙයා ලොකු.... බලන්නකෝ පොඩි එකෙක් වගේ ලොකු කොට්ටයක් බදාගෙන නිදාගෙන ඉන්න හැටි....

" ටේ... දැන් ඇති ... නැගිටින්න... බඩගිනි නැද්ද ඔයාට..."

මම එයාට නහයට හාදුවක් දීලා එයාගෙ කොන්ඩෙ ආදරෙන් පිරිමදිනකොට ටේ මාව ළඟට අරගෙන ආයෙමත් මගේ පපුවට තුරුලු උනා....





දවස් කීපයක්ම අපි හරිම ආදරෙන් ගෙවලා දැම්මා... ටේ මට දීපු කාමරෙන් මාව එයාගෙ කාමරේට එක්කගෙන ආවා... හැම රෑකම වගේ ටේ මාව එයාගෙම කර ගත්තෙ හරි පරිස්සමින් මට වේදනාවක් නොදැනෙන්න.... ඒ ගෙවුන දවස් මගේ ජීවිතේ ලස්සනම දවස් විදියට සලකුණු වෙද්දි අපේ කාමරේ, අපේ ආදරේ ලස්සන මතක වලින් පිරිලා ගියා... ටේගෙ ආදරේ පහස නිසාම මට අනිත් හැමදේම අමතක වුණා ... මගේ ලෝකෙ මට මතක් උනේ ටේ විතරමයි... අනිත් හැම දේකින්ම මිදිලා මට අපි දෙන්නා විතරක් තනි වෙන්න ඕන උනා....

ඒත්.....මම ආයෙත් පියවි ලෝකෙට ආවෙ දවස් කීපයකට පස්සෙ මට නම්ජූන් ඔප්පගෙන් ආව කෝල් එකත් එක්ක..

" සාරා.... ඔයා හොදින් නේද ... ඇයි මට කතා කලේ නැත්තෙ... "

" ඕ... දෙයියනේ .. ඇත්තටම .... ඇත්තටම මට පොඩ්ඩක් මේ දේවල් නිසා ඒක අමතකම වෙලා ගියා... කොහොමද මම මෙහෙම නොසැලකිලිමත් උනේ...."

" මේ දේවල් කිව්වෙ... ඇයි මොකක්හරි ප්‍රශ්නයක් ද...."

" නෑ... නෑ.. අයියෝ කිසිම ප්‍රශ්නයක් නෑ ... ඒක .. ඒක අමතක කරන්නකො... ඔප්පා මුකුත් විශේෂ දෙයක් එහෙම දනගත්තද..."

" ආ.. ඔව් ඒක ගැන කියන්න තමයි මම කතා කලේ... එදා ඒ සිද්ධිය වෙන වෙලාවෙ එතන ආරක්ශාවට ගාඩ් කෙනෙක් ඉදලා තියනවා.. හැබැයි සිද්ධියෙන් පස්සෙ එයා ගෙවල් දොරවල් අතෑරලා සෝල් වලින් ගිහින්.. ඒත් මම දැන් එයා ඉන්නෙ කොහේද කියලා හොයාගත්තා.. මට හිතෙනවා අපිට එයාගෙන් මොනාහරි වැදගත් දෙයක් දැනගන්න පුළුවන් වෙයි කියලා ... ඉතින් ඔයා හෙට free නම් අපිට පුළුවන් එයාව හම්බ වෙන්න යන්න...."

 REBORN 🚫 (By Sash) [ Completed ]Where stories live. Discover now