තවත් එක්කෙනෙක් .... එයාලා ඔක්කොම මරල තියෙන්නේ එකම විදියට ... සමහරවිට මෙහෙම වෙන්නත් පුළුවන් .... එයාලා එකතු වෙලා....... ආ... නෑ... එක්කො ඕන්නෑ... මටත් වෙන වැඩ නැතුවට අනුන්ගෙ ප්‍රශ්නත් මගේ කරගන්නවනෙ......

Time skipped

මම wash එකකුත් දාගෙන දවල්ට කෑම ලෑස්ති කරන්න ගත්තා... එතකොටම වගේ ටේ ගෙදර ආවා....

" ආ.. ටේ.. ඔයා ගෙදර ආවද ... ඔයාට ගොඩාක් මහන්සි පාටයි.. ඔයා ඉක්මනට ගිහින් wash එකක් දාගෙන එන්නකො.. මං ඉක්මනට කෑම ටික ලෑස්ති කරන්නම්.."

" ම්ම්ම්... හොඳයි ..."

මම ඉක්මනට කෑම ටික ලෑස්ති කරනකොට මට ටේ කාමරේ ඉදලා කතා කරනවා ඇහුනා...

" ලිලී.... ඉක්මනට මෙහාට එන්න..."

" ඇයි මොකද උනේ ටේ... ඔයාට මොනාහරි ඕනද ...."

" ආ... ඔව් අර මේසෙ උඩ තියන wine glass එක අරන් දෙන්නකො..."

" මොකක්ද ... මේ මෙතන තියන එක ..."

" ඔව්..."

" අනේ... මොකක්ද ටේ... ඔයාට චුට්ටක් නැගිටින්න බැරිද ... බලන්නකෝ ඔයා අත දිගෑරියත් ඒක ගන්න පුළුවන් ... ඕකටද මට මේ පඩිත් නැගගෙන එක්ක කිව්වෙ..."

" හරි ඉතින් ආව එකේ ඔක මට දීලා යන්න..."

ඇත්තමයි මෙයා නම් මහ වදකාරයෙක්.. ඇත්තමයි මට මෙයාව දෙකට කඩන්න හිතෙනවා...

" ආ... මෙන්න... ඔය .. ඔය .. බලාගෙන... අයියෝ.. මොකක්ද ඒ කලේ.... මං wash එකක් දැම්මා විතරයි ... බලන්න wine ටික ඔක්කොම මගේ ඇගේ නේ... මේවා හේදුවට යන්නෙත් නෑ... ඇත්තමයි.. ඔයාගෙ අත පණ නැද්ද ටේ....."

" අයියෝ... සමාවෙන්න මගේ වැරැද්ද...... ඉතින් ඔය කොහෙද යන්නේ...."

" වෙන කොහේද wash එකක් දාගන්න යන්නෙ.. මට නම් මේවා අප්පිරියයි ..."

" ඉතින් ඒකට පහළට යන්න ඕන නෑ නෙ.. මේ... මෙතනම එකක් තියෙන්නෙ.."

" මේ... මේක... මං කොහොමද ඒකට යන්නෙ. මගේ ඇදුම් පහළ නෙ තියෙන්නේ ... මං පහළට යන්නම්.."

" නෑ.. ඉන්න... මගේ අතින් නෙ wine හැලුනෙ.. ඔයා මේකට යන්න මං ඇදුම් ගෙනල්ලා දෙන්නම්..."

" හොඳයි එහෙනම් ...."

" ආ... ඇතුලට ගියාම මට ඔය ඇදුම දෙන්න මං හෝදන්න දාන්නම්..."

 REBORN 🚫 (By Sash) [ Completed ]Where stories live. Discover now