Chapter 07 🐯💕

817 147 25
                                    

" මන් කිව්වා අප්පා..මට තවත් මේ දේවල් කරන්න බෑ.. "

" කිම් ටේහ්‍යුන්..තමුසෙ මේවට අඩිය තිබ්බ දවසෙ මේ ගැන හිතන්න තිබ්බා..දැන් තමුන්ට ගැලවීමක් නෑ "

" අප්පා..ජෙබල්.. "

" තමුන්මයි මේ පාර තෝරගත්තෙ... "

ටේහ්‍යුන්ට තවත් වාද කරල වැඩක් නෑ කියලා තේරුන නිසා කොල්ල අප්පගෙ ඔෆිස් රූම් එකෙන් එලියට ආවා..තමන්ගෙ කාමරේට ගිය කොල්ල අතෙන් ලේ පයිනකම්ම බිත්තියට ගැහුවෙ හයියෙන් කෑගහල..

" ආහ්හ්හ්හ්..ඇයි උබ මෙච්චර මෝඩ උනේ ටේහ්‍යුන්..විදෝපන්..දැන් ඉතින්.. "

කොල්ලට එතකොටම මතක් උනේ නෙතූගෙ බෝල ඇස්..ඒ හුරතල් හිනාව..කෙල්ලගෙ පිම්බුනු රෝස තොල්..කොල්ලට හරි ලෝබයි නෙතූව නැති කරගන්න..

ටේහ්‍යුන් කලු පාට මාක්ස් එකකුයි ජැකට් එකකුයි දාගත්තෙ මිරර් එකෙක් එයා දිහාම බලන ගමන්..

" මියන්හේ මගෙ බෝල ගෙඩිය..මට ඒ වගේ තීරණයක් නොගෙන ඉන්න තිබුනා "

ටේහ්‍යුන් මුමුණල නයිට් ස්ටෑන්ඩ් එක උඩ තිබ්බ ගන් එකත් අරන් එලියට ගියේ හිතෙ ලොකු බරකින්..

ටික වෙලාවකින් කොල්ල ආයෙමත් ගෙදර ආවෙ ලේ නාගෙන..මූනත් එක්ක තුවාල කරන්..කොල්ලගෙ අතක් යන්තමින් ලේන්සුවකින් ගැට ගහල ලේ නොයන්න...

ජන්කුක් දොර අස්සෙන් මේ දිහා බලන් උන්නා..එයා දන්නවා මෙතන වෙන දේවල් හුගක් දරුණුයි කියලා..ඒ වගේම ජන්කුක්ගෙ ඔම්ම යූරා කවදාවත් මේ දේවල්වලට ජන්කුක්ව ගාවගන්න දුන්නෙ නෑ

මොකද එයා ටේහ්‍යුන්ට ආදරේ කරේ නෑ..වෛර කරා මිසක්..යූරට ඕනි ටේහ්‍යුන්ට ලැබෙන්න තියෙන දේපල ඔක්කොම ජන්කුක්ට ලියව ගන්න කොහොමහරි ..

" වෙල්ඩන් මයි බෝයි "

මිස්ට කිම් හරි සතුටින් ටේහ්‍යුන්ගෙ පිටට තට්ටු කරත් කොල්ලට වෙනද වගේ සතුටු හිතුනෙ නෑ..කොල්ලගෙන් ඔක්කොම කරගෙන වෙනම සතුට සමරන එයාගෙ අප්පා දිහා කොල්ල බලන් උන්නෙ එයා ගැනම අනුකම්පාවකින්

කොල්ලට තුවාල වෙලා තියෙනවා කියලවත් මිස්ට කිම්ට ගානක් උනේනෑ..එයාට ඕනි උනේ සල්ලි විතරයි..තාමත් සංසිදවන්න බැරි උනු සල්ලි වලට තියෙන පිපාසයක් මිස්ට කිම්ට තිබුනෙ ඒක එහෙම උනේ යූරා මේ පවුලට එකතු වෙලා විස පොවන්න ගත්තට පස්සෙ

" මට ආරංචියි ගලක් වගේ උන්නු මගෙ පුතා ලස්සන සුරංගනාවියක් හොයාගෙන කියලා..ම්ම්..ම්ම් "

යූරා අමුතු විදිහට හිනාවෙවී කියද්දි ටේහ්‍යුන්ගෙ ඇස් නන් රතු උනා..

" මොකක්ද වෙන්න ඕනෙ යූරා?? "

" ඔමෝ..මෙන්න තරහ ගිහින්..ඔහෝ හරි ආදරෙයි නෙ කෙල්ලට..පරිස්සමෙන් තියාගන්න ඉතින්..චූටි කෙල්ලෙක්නෙ..කවුද දන්නෙ එකපාරටම මොකක් හරි උනොත්..පිරිමි දෙතුන් දෙනෙක් ඔයාගෙ චූටි කෙල්ලව...

යූරාට අන්තිමේ ටික කියාගන්න බැරි උනේ ටේහ්‍යුන් එයාගෙ බෙල්ල මිරිකපු නිසා..ඒ වගේ දෙයක් නන් යූරා බලාපොරොත්තු උනේ නෑ..මේ අවුරුදු ගානටම ටේහ්‍යුන් මෙහෙම හැසිරිල නෑ...

" මොකක්ද උබ කියන්නේ ..ආහ්..මගෙ පන ටික යකො ඒ..තොපිව එක එකා කීතු කරනවා දැනගනින් මගෙ කෙල්ලට මොනාහරි වෙලා තිබුනොත්.. "

ටේහ්‍යුන්ගෙ ගොරෝසු කටහඬ මුලු මැන්ෂන් එකේම දෙදරුම් කෑවා..යූරව පොලොවෙන් අඩියක් විතර ඉස්සිල හුස්ම ගන්න බැරුව දැගලුවෙ ටේහ්‍යුන්ගෙ අත්වලට ගහ ගහ දගලන ගමන්..

ටේහ්‍යුන්ව මේ වෙලාවෙ දකින ඕනිම කෙනෙක් බයෙන් වෙව්ලන එක අනිවාර්යයෙන්ම වෙනවා...

" ටේහ්‍යුන්..නවත්තනවා ඕක "

කොල්ල යූරව අතෑරියෙ යූරා බිම වැටිල කැහැ හුස්ම ගනිද්දී ගැහෙනවත් එක්ක..ටේහ්‍යුන් එකපාරටම මිස්ට කිම් දිහා බැලුවේ මිස්ට කිම් පවා ගැස්සෙද්දි

" අප්පා..ඔයාගෙ මහ ලොකු වයිෆ්ට කියන්න මගෙ දේවල් වලින් ඈත් වෙලා ඉන්න කියලා ..එයාගෙම හොඳට මන් කියන්නේ .. හැබැයි මට අයිති දේකට මොනාහරි උනොත්..වෙන දේ හිතාගන්නවත් බැරි වෙයි.. "

ටේහ්‍යුන් එයාගෙ උගුර යටින් ආපු ගොරහැඩි කටහඩින් හරි සංසුන්ව කිව්වත් ඒක ඇග හිරිවට්ටන තරම් තර්ජනාත්මක උනා

ටේහ්‍යුන් මැන්ෂන් එකෙන් එලියට යන දිහා බලන් ඉදපු මිස්ට කිම් ලොකු හුස්මක් ගත්තෙ හුස්ම ගන්න එකත් අමතක වෙලා තිබුනු නිසා

" නිදන් ඉන්න කොටින්ව ඇහැරවන්න එපා යූරා.. "








Don't try to wake up
His inner beast...
He will make sure
Destroy anyone ..,
Who hurt his baby

<< මගෙ නපුරා💕>>k.thDonde viven las historias. Descúbrelo ahora