PROLOGUE 🍃

2.6K 210 192
                                    

අහ්ම්ම්ම්...,

හායි මන් තමයි නෙතූ ලෝශශ්..නැත්තං කිම් නෙතූ..මගෙ අම්මා ලංකාවේ ඒත් මගෙ අප්පා කොරියාවේ..ඒ දෙන්න ඉතින් ලව් කරල කරලා තමා කසාද බැදල තියෙන්නේ ..මගෙ අම්මා ගිහින් තියෙන්නේ කොරියාවේ යුනි එකට..එතනදි තමා ඉතින් වෙන්න තියෙන දේවල් ඔක්කොම වෙලා තියෙන්නේ ...

මගෙ ඔප්පාව හම්බෙන්න ඉන්නෙ කියලා දැනගෙන තියෙන්නේ අපෙ අප්පා ලංකාවේ ඇවිත් ආච්චිගෙයි සීයගෙයි කැමැත්ත ගන්න ආපුවම...

ආහ්..ඉතින් උනු දේවල් ඔයාලම හිතාගන්න..මගෙ අසරණ අහිංසක අප්පා 😂

" චූටි කොරියාවෙන් කොල්ලෙක් එහෙම යාලු කරගන්නෙ නෑ කඩනවා අඩු "

මට ඉතින් කියන්න ඕනෙ කවුද දන්නෙ නෑ එහෙම කරේ කියලා ..ඒත් හැමදාම හිතෙන් කෑගහල කිව්වට අම්මගෙ මූන දිහා බලාගෙන ඉතින් කවදාවත් එහෙම දේවල් කියන්න වෙන්නෙ නෑ..අසරණ ජීවිතය ..මගේ

" එහෙමයි උත්තමාවියණී.. "

අම්මට දන ගාලා බඩගාලම වැදල ආශිර්වාදය එහෙම ගත්තා ඉතින්..නොමිලේ හම්බෙන ඕනෙ දෙයක් ඉතින්..🙂💔

ඔන්න ඉතින්

අද.................,

කෙල්ල ඉන්නෙ යුනි එක ඉස්සරහට වෙලා..ඔප්පා කෙල්ලව භාර දීලා එහෙම යන්න ගියේ කෙල්ල පොඩි එකෙක් වගේ නාහෙන් අඩද්දී..කෙල්ලගෙ පපුව දඩ බඩ ගාලා ගැහෙනවා..කෙල්ල ඉතින් බෑග් එකේ පටියත් තදේට අල්ලගෙන ගැම්මෙන් ඇතුලට ගියත් නැවතුනේ නිකන් ඇක්සන් සීන් එකක් දැක්ක නිසා

" ඔමෝ..ගුටි කෙලියක්..ඔලුව දැම්මා කියලා මැරෙන්නෙ නෑ..යමු යමු "

කෙල්ලත් ඉතින් ජන්මෙන්ම ඔපේ 🙂 ගියා ඉතින් ඔලුව පොඩ්ඩක් දාන්න..කෙල්ල ඉතින් ඉන්න විශාල ජන ගග පීරගෙන ඉස්සරහට ගියා..නෙතූගෙ ඇස් උඩ ගියේ කොල්ලෙක් බිම දාගෙන පොඩි කොල්ලෙක්ට නෙලනවා ඒ කොල්ල දාගෙන බිම පෙරලි පෙරලි ගුටි කනවා...

" ඔහ්..අම්න කාක්කෙක් "

නෙතූ කෑගැහුව පාර එතන උන්නු ඔක්කොම ලමයි කාක්කෙක් දැකල නෑ වගේ ඉතින් අහස දිහා බලනවා..කොටින්ම කිව්වොත් අර මැර කොල්ලත්..

<< මගෙ නපුරා💕>>k.thحيث تعيش القصص. اكتشف الآن