" හරි mr. ටේහියුන්, මට කියන්නකෝ මොකද උනේ කියලා.. මන් ඒක හරිගස්සන්නම්."

" ඔයාගේ ස්ටාෆ් එකේ ළමයා කන්න ගිහිල්ල, මං 1000ක්‌ වැඩ අස්සේ ඩොකියුමන්ට්ස් ටික ගන්න ආවම මෙතන පැය ගානක් බලන් ඉන්න ඕනිද අහ් 😡"

අනේ ඉතින් අසරණි කන්නත් නැ නේ 🥺 ඔහොම තමා මිනිස්සු.. ඒත් එක්කම පහල හිටපු අනික් ගැනු ළමයා දුවගෙන ගිහින් විස්තරේ ටාෂා ට කියලා බාගෙට කාපු කෑම එකත් විසික් කරලා දාලා අඩියට දෙකට එලියට ආපු ටාෂා ඉක්මනටම ටෙහියුන්ගේ ඩොකියුමන්ට්ස් ටික මැනේජර් ගේ රූම් එකටම ගෙනාව..

" එක්ස්කියුස් මී සර්, මේ අයි කමින්?"

" යස් ටාෂා කම්,.. "

" සර්, මෙන්න ඩොකියුමන්ට්ස් ටික "

ටේහියුන්ගේ තරහ ගිය ඇස් දැක්ක ගමන් ටාෂා වෙව්ල වෙව්ල කොළ ටික එයාගේ අතට දුන්න..
යක්ෂාවේශ වෙලා හිටපු ටේ ඒ ටික අරගෙන නැගිටින්න ගිහින් ආපහු ඉදගත්තා

"ඔයාලා එක්ක ගණුදෙනු කරන්න කලින් මට තව ටිකක් හිතන්න වෙයි වගේ.. මේ වගේ ස්ටාෆ් එකක්ද ඔයා බෙස්ට් කිව්වේ mr. අහ්හ්හ් මරුනේ, මෙයා බෙස්ට් නම් අනික් අය ගැන මට හිතාගන්න පුළුවන් 😑"

නක්කලේට වගේ හිනා උනා ටේහියුන් ටාෂා දිහා බැලුව.. කොල්ලා එතකොට තමා කෙල්ලගේ මුණ හරියටම දැක්කේ.. බිමට බර උන ඇස් දෙකෙන් කදුළු පනින්න ඔන්න මෙන්න වගේ 🥺

"හොද වැඩේ"
හිතින් එහෙම හිතපු ටේ තව ටිකක් බැනුම් අස්සවන්න ඕනි කියලා හිතාගෙන

"ඔහ්හ් ෂිට්, මේ බලනවා මේ කොළ වල වතුර 🤢 මොනාද ඕයි තමුසේ මේ කරන්නේ, පොඩි වැඩක් වත් කරගන්න බැරිද අහ්හ්හ් "

කෙල්ල කාල ආපු නිසා අතේ වතුර තිබ්බේ අනේ ඉතින් හදිස්සියේ ඕක පිහදගන්න මතක් උනේ නැ..

" චෙ..ස්.. චෙසොහම්නිද "

කෙල්ල කොරියන් වලින්ම කිව්වේ මේකා බොරු බොරු දේවල් වලට බෙරිහන් දෙන නිසා...

Tashaa pov.:-

මොන පිස්සෙක්ද මන්දා යකෝ මට කන්නවත් දුන්නේ නැනේ... අනේ මගේ බත් ඒක 😏... මේකා නම් ඉතින් හොදට ගිලල ගිලල එනවා ඇති..

CEO love ( COMPLETED) ✔️✔️Dove le storie prendono vita. Scoprilo ora