Practice කරනවා වගේම එයා නම්ජූන්ගෙ ගෙදර යන්නත් අමතක කලේ නෑ . හැමදාම උදේට එයා college යන්න කලින් නම්ජූන්ගෙ ගෙදර ගියා.. අකමැත්තෙන් උනත් එයා ටේ ට බොරු කිව්වා උදෙන්ම යන්න වෙන්නෙ practice නිසා කියල. මොකද එයා දැනගෙන හිටියා ටේ කවදාවත් පිරිමි කෙනෙක් තනියම ඉන්න ගෙදරකට එයාට යන්න දෙන්නෙ නෑ කියලා ...

" ජුනී ඔප්පා... ඔයාට දැන් හොඳයි වගේ නේ... . මීට පස්සේ මං එන්න ඕන නෑ නේද ඔයාව බලන්න ..."

" ආ... කවුද කියන්නෙ මට හොඳයි කියලා ... මේ බලන්නකො... ආව්... මගේ අත ... ආව්... ආ... අයියෝ... doctor කෙනෙක්ට එන්න කියන්න.. අයියෝ.. මං මැරෙන්න යන්නෙ...."

" ඔප්පා.... බොරු කරන්න එපා මට වැඩ තියනවා... බලන්න හෙට තමයි competition එක තියෙන්නේ .. තාම මම හරියට practice කරලත් නෑ ..."

" හරි ඉතින් ඔයාට දිනන්නනෙ ඕන මට පුළුවන් ඒක කරලා දෙන්න ..."

" ඒ කොහොමද ..."

" ඇයි ඔයාට අමතක උනාද මම කවුද කියලා ... ඔයාව තරගෙන් දිනවන්න මට විනාඩි පහක්වත් යන්නෙ නෑ... "

" යා... ඔප්පා.... "

" ආව්.. ඇයි ගැහුවෙ.. මට පුළුවන් කියලා නෙ මං කිව්වෙ...."

" මට හොර කරලා දිනන්න ඕන නෑ හරිද... මං දන්නවා මට අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන් කියලා .... ඔයා දන්නවද මම ඔම්මගෙ වයලීන් එක අරගෙන ගියපු හැම competition එකක්ම win කලා..."

" ඕ... බලන්නකෝ.. මෙයා වැඩ්ඩෙක් නෙ.. ම්ම්ම්.. මට විශ්වාසයි මේ competition එකත් ඔයා අනිවාර්යයෙන්ම win කරනවා කියලා ..."

"ඔව් අපි බලමුකෝ..... හරි එහෙනම් මම දැන් යන්න ඕන හරිද ...."

" අනේ ... යන්න කලින් මට පොඩි උදව්වක් ඕන... මේ බෙහෙත් එක මගේ පිටේ ගාලා යනවද .. මට ගාගන්න බෑ නේ ..."

" ප්..පිටේ... අ.. මේ.. "

නම්ජූන් එකපාරටම නැගිටලා ඇදගෙන හිටපු T එක ගලවනවත් එක්කම මට ටිකක් අපහසුතාවයක් දැනුනා.. ඒත් මම අහක බලාගෙනම එයාගෙ පිටේ බෙහෙත් ගෑවෙ එයාට තනියම ගාගන්න බැරි නිසා..ඒත් ඒ එක්කම තවත් කෙනෙක් එතනට ආවා...

"ලිලී....... practice කරන්න යනවා කියලා තමුසෙ මේවද කරන්නෙ ආ....."

ටේ එකපාරටම නම්ජූන්ගෙ ගෙදරට ආවත් එක්කම සාරව ගල් ගැහුනා.. ටේ ට මොනවද කියන්නෙ කියලවත් එයාට හිතාගන්න බැරි වුණා ...

 REBORN 🚫 (By Sash) [ Completed ]Where stories live. Discover now