"තමුසෙ බීලම නැද්ද බං. පිස්සෙක් වගේ හැසිරෙන්න එපා ඕයි...ඕක අස්සේ ඇති සතෙකුත් නෑ.. ඕක ගස් ගොඩක් විතරයි. පොඩී"

"මාව මලක් වගේ බලා ගන්නවා කියලා දැන් කියනවා කැලේ යන්න බෑ කියලා... නරකයා... මම තරහයි...කතා..කරන්නේ..නෑ...මම"

"හරි හරි හෙට යමු" සදරු අයියාගෙ කටට හිනාවක් ආවේ වනිදු අයියා එවෙලේ හැසිරුනු විදිහට. වෙනදාට අපිට මවාපාපු චරිතෙට වඩා වෙනස් හුරතල් චරිතයක්. පොඩි බබෙක් වගේ සදරු අයියාව බදාගෙන එයාගෙ තුරුලේ හුරතල් වුනා.

"යේ.... මම හෙට යනවා... යං ඈ... ඔයා තමා හොදම. කෙල්ලෝ නරකයි. එයාලා මාව අඩවනවා🥺 හැමදාම"

"හ්ම්"

.

.

.

පැය හතරකට අධික විනෝද වීමකින් පස්සේ පියවි සිහියෙන් උන් අය බිම වැටිලා උන්නු එකා දෙන්නා ඇදගෙන තම තමංගේ කාමර වලට ගියා. ස්නෝපිගෙ මෝඩ වැඩ නිසා මගේ ඇගටත් සැර බීම ඇතුලු වෙලා තිබුනු නිසා මටත් මොකක්දෝ හෝන්දු මාන්දු ගතියක් තිබුනා. ඒත් කෑ ගහලා හිනා වෙන්න... කෑ ගහලා අඩන්න පුලුවන් ශක්තියක් ඒ තුලින් මට දුන්නත් මට ඒ තරම් ඉහේ අමාරුවක් තිබුනේ නෑ. මම හිටි තැනම වැතිරිලා හිටියේ ඔලුව උස්සපු ගමන් එන හිස කැරකිල්ල උහුලන්න බැරි නිසයි

පිරිසිදු කරන අය ඇවිත් අපි කාපු බීපු පිගන් කෝප්ප එකින් එක මේස වලිඅ හිස් කරා.

"ඉදුවර මල්ලී යං ඇදට ගිහින් නිදියන්න"

"යෝයෝ... ඔයා යන්න මම මෙතනමයි අද ඉන්නේ"

"මෙහෙ වරෙන් මනුස්සයෝ පිනිබානවත් එක්ක"

යෝයෝ මාව වාරු කරගෙන එතනින් අරං යද්දි මම ටිකක් තීක්ශන අයියා කලින් හිටි තැන දිහාවට ඇස් යොමු කරා. එයා කදින් හිටි විදිහටම නිදහසේ බොනවා. ඇස් අඩවන් කරගෙන ඉස්සරහා බලාගෙන මූණෙ කිසිම හිනාවක් නැතිව....

ශොනාල් අයියා මේසෙ උඩ ඔලුව තියාගෙන නිදි. පිරිසිදු කරන අය තීක්ශන අයියා හිටි මේසය ඇරෙන්න අනික් සේරම එකින් එක සුද්ද කරන්න ගත්තා. යෝයෝ මාව ඇදගෙන නොයන්න මම තාමත් ඒ දිහාව බලාගෙන ඉන්නවා.

༺ℌ𝔢 𝔠𝔞𝔫 𝔰𝔩𝔢𝔢𝔭 𝔴𝔦𝔱𝔥 𝔞𝔫𝔶𝔬𝔫𝔢࿐🍂(completed)Where stories live. Discover now