07

3.1K 498 169
                                    

"මල්ලි හොදින් නේද?"

"ඔයා කොහොමද මගේ ගෙදර තියන තැන හරියටම දන්නේ?"

"ගෙදර කවුද ඉන්නේ" එයා වට පිට බලමින් ඇහුවේ මම අහපු ප්‍රශ්නය නොසලකා හරිමින්.

"මම විතරයි. අයියා කොහොමද ගේ හොයා ගත්තේ"

"ආහ් ඔයා දන්නැතුව ඇති. අපි මෙහෙ එක පාරක් ඇවිත් තියනවා"

"මොකක්!!"

"ඔයා දවසක් සිහි නැති වෙලා... අපි ඔයාව අරං ආවා."

මට එයා කියපු කිසි දෙයක් ඒ වෙලාවෙ තේරුනේ නෑ. මොනවද මේ දොඩවන්නේ? මෙයා කොහොමද මගේ ගෙදර දන්නේ?....

"මල්ලී... මට ටිකක් ඔයා එක්ක කතා කරන්න ඕනෙ"

"කියන්න අයියා. හැබැයි තීක්ෂන අයියා සම්බන්ධ දෙයක් නම් එපා! ඒක තේරුමක් නෑ"

"මල්ලී. ඔයා මං කියන දේ අහනවද නැද්ද. වාඩි වෙන්න"

ෂොනාල් අයියා මට මින් පෙර නොපෙන්වපු දරදඬු බවක් පෙන්නුවා. ඇත්තටම ඒ වෙලාවේ මම හොදටම බය වුනා. මේ මගේ ගෙදර කියලා මට දැනුනේ නෑ. එයා ඇවිත් වැඩි වෙලා මටත් පුටුවක වාඩිවෙන්න කියලා තරවටු කලා.

"හ්ම්"

"මල්ලි අහනවා... ඇයි ඔයා එක පාරටම මෙහෙම හැසිරෙන්නේ?"

"ඇයි අයියෝ ඕවා මගෙන් අහන්නේ?"

"ඔයාගෙන් අහන්නේ නැතිව වෙන කාගෙන් අහන්නද? ඔයා තමයි හැමදේම දන්නේ. ඔයා තමයි හැමදේම වැරදියට තේරුම් අරං ඉන්නේ... ඔයා තමයි හැමදේම පටලවං ඉන්නේ..."

"මම මොනවද පටලවං ඉන්නේ... ඔව්... ඒක හරි... මේක පටලැවිල්ලක්... මහ පිස්සුවක්... මටත් එපා වෙනවා... ඇයි ථයා අයියාගෙන්ම අහගන්නෙ නැත්තේ... එයා තමයි හැමදේම කලේ එයා මට.....😖"

"මල්ලි මම කියන දේ අහන්න. ඔයාට වැරදිලා..."

"අනේ අයියා please ඕවා කියන්න එපා. මටත් සතුටුයි ඇත්තටම මට වැරදිවානම්. ඒත් ඇස් දෙකෙන් දැකපු දෙයක් නැහැයි කියලා පැත්තකට දාලා සතුටින් තරම් ශක්තියක් මට නෑ"

"ඇස් දෙකෙන් දකින හැමදේම ඇත්ත නොවෙන්න පුලුවන්... ඇස් දෙකෙන් නොදැකපු දේවල් ගොඩක් තියෙන්න පුලුවන්... මං කියන දේ එකම එක පාරක් අහනවද"

༺ℌ𝔢 𝔠𝔞𝔫 𝔰𝔩𝔢𝔢𝔭 𝔴𝔦𝔱𝔥 𝔞𝔫𝔶𝔬𝔫𝔢࿐🍂(completed)Where stories live. Discover now