සාරා හිටියේ ගොඩාක් ලොකු වේදනාවකින්. ටේ ගෙ හැසිරීම නිසා එයා ගොඩාක් බය වෙලයි හිටියේ . ටේ එයාගෙ කොන්ඩෙන් අතෑරියත් එක්කම එයා දණහිස් දෙක බිම ගහගෙන අඩන්න ගත්තා..

" අනේ දෙයියනේ මොකක්ද මේ උනේ ... ඇයි මටම මෙහෙම දෙයක් උනේ.. මට හොඳටම විශ්වාසයි එදා එහෙම දෙයක් උනේ නෑ කියලා .... ඒත් මම කොහොමද එදා ඇත්තටම උන දේ හොයාගන්නෙ ..."

ගොඩාක් වෙලා යනකං සාරා ඇඬුවා. කොච්චර ඇඩුවද කියනවා නම් එයාගෙ ඇස් දෙක ඇරගන්න අමාරු වෙන්නම. අඩලා අඩලා එයා හොඳටම හෙම්බත් වෙලා හිටියේ.. ඒත් එක්කම දොර අරින සද්දයක් එයාට ඇහුනා..

"යා... නැගිටිනවා.. තමුන් මුළු රෑම ඔතන වැටිලා අඩන්නද යන්නෙ... මට නිදාගන්න තියනවා.. නැගිටිනවා ඉතින් තමුන්ට ගැළපෙන වෙන ලස්සන තැනක් මම ලෑස්ති කරලයි තියෙන්නේ ..."

අඩලා අඩලා මුළු ඇගම හෙම්බත් වෙලා තිබ්බත්, ටේ ගෙ රළු කටහඬ ඇහුනත් එක්කම සාරා නැගිට්ටා. කදුලුත් පිහිදාගෙන එයාගෙ බඩු ටිකත් අරන් එයා ටේ ගෙ පස්සෙන් ගියා.

ඒක පොඩි කාමරයක්... දූවිලි ගොඩාක් ඒකෙ තිබ්බා . ඒ වගේම හරිම කළුවරයි .
සාරා පොඩි කාලෙ ඉදලාම කළුවරට බයයි.ඒත් දැන් එයාට ඉස්සරහට ඉන්න වෙන්නෙ මේ කළුවර කාමරේ. කරකියා ගන්න දෙයක් නැතුව එයා දණිස් දෙක බදාගෙන බිම වාඩි උනා. අහින්සක සාරා මුළු රැයක්ම ඉකි ගගහා ඇඩුවත් ඒ කිසිම දෙයක් ගානකටවත් ගත්තෙ නැති ටේ අමුතුම සතුටක් එක්ක එදා රෑ හොදින් නිදා ගත්තා...

Tme passed

In the morning

යා... නැගිටිනවා දවසෙම නිදා ගන්නද කල්පනාව.

Sara's poov :

උදේ පාන්දර මාව අවදි උනේ Taehyung ගේ කටහඬට.මුළු රෑම අඩපු නිසා මගේ ඇගට එච්චර පණක් තිබුනෙත් නැහැ. ඒත් මට Taehyung ව තරහ ගස්සන්න ඕන උනේ නැහැ. ඒ නිසාම අමාරුවෙන් හරි මම නැගිට්ටා.

" මට බඩගිනියි ඉක්මනට කන්න මොනාහරි හදලා දෙනවා...."

"හ.. හරි ටේ.. මම හදලා තියන්නම් ...."

මම ඉක්මනට නැගිටලා ඇවිත් උදේට කන්න කෑම හදලා මේසෙ උඩින් තියලා washroom එකට ගිහින් wash එකක් දාගත්තා... මම එනකොට ටේ කෑම කාලා යන්න ගිහින්.

 REBORN 🚫 (By Sash) [ Completed ]Where stories live. Discover now