ටේ, ජිමින් දෙන්නා ඔප්පා එක්ක ගොඩාක් වෙලා කතා කලා. මට ඒ වෙලාවෙ එතන ඉන්න හයියක් තිබ්බෙ නැහැ. ඒ නිසා මම එතනින් ඇවිල්ලා හොරෙන් එයාලා කතා කරනවා බලාගෙන හිටියා.

ජිමින් marriage එක ගැන කිව්වත් එක්කම ඔප්පගෙ මූන හොඳටම වෙනස් උනා... ඊට පස්සෙ මට ඇහුනා ජිමින් කියනවා මමයි ටේයි එකිනෙකාට කැමතියි කියලත් මම ටේ ව marry කරන්න කැමතියි කියලත්.

දෙයියනේ .... ඔප්පා මගේ පැත්තට එනවා ..... මම දැන් මොනවද කියන්නෙ ... දෙයියනේ මම මොනවද කියන්නෙ ........

Hoseok :

සාරා... මොනාද මේ.. මොනාද මේ ජිමින් කියන්නෙ.. තමුසෙ කවද ඉදලා ද mister Taehyung ව දන්නෙ ... ඇයි තමුසෙට එයාව marry කරන්න ඕන ආ... කියනවා... තමුසෙ දැන් එච්චර ලොකුයිද ආ. ලොකු ලොකු තීරණ ගන්නෙ. අමතක කරන්න එපා තමුසෙ තාම college යනවා. අනික මං තාම මැරිල නෑ. උඹට නියම කාලෙ ආවෙම මම හොඳ කොල්ලෙක් උඹට හොයලා දෙනවා. Taehyung කියන්නෙ කවුද . ඌ හොඳ මිනිහෙක් නෙවෙයි කියලා දන්නෙ නැද්ද මෝඩියේ උඹ .... අනික...."

"Please ඔප්පා ඔය ඇති.. මට කැමති දෙයක් කරන්න මට අයිතියක් තියනවා.අනික ඔයා මගේ ඔම්මා වෙන්න හදන්න එපා... මම marry කරන්නෙ කවුද කොයි වෙලාවටද කියලා තීරණය කරන්නෙ මම ..... ඔයා මේකට මැදිහත් වෙන්න එපා ඒ නිසා.."

"සාරා... මොනාද මේ තමුසෙ කියවන්නෙ.මම තමුසෙගෙ අයියා. උඹව පොඩි කාලෙ ඉදලා ඇහැක් වගේ බලාගත්ත මටද උඹ ඔහොම කියන්නෙ ආ.... මොකක්ද උඹට මේ වෙලා තියෙන්නේ.... මේ මගේ නන්ගි නම් නෙවෙයි .. මට කියපන් උඹට Taehyung , marry කරන්න කියලා බල කලාද ආ.... බය නැතුව මට කියපන් මං උබේ අයියා.."

" කවුරුවත් මට බල කලේ නෑ ඔප්පා .... මම කැමැත්තෙන්මයි එයාව marry කරන්නේ ... අනික එයා හොඳ businessman කෙනෙක් .එයාට පුළුවන් ඔයාටත් වඩා හොඳට මාව බලාගන්න. ඉතින් ඇයි ඔයා මට ඉරිසියා කරන්නෙ ..."

"ඉරිසියා කරනවා..මේ මම. වාව් සාරා නියමයි .... මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කැප කරලා උඹව බලාගත්තට මට අහන්න වෙන ඒවා තමයි මේ. Thank you so much miss Sara... ඔයාට කැමති විදියට මීට පස්සෙ ඉන්න පුළුවන් . මම ආයෙ ඔයාට කරදර කරන්නෙ නැහැ. ඒත් ඔයාගෙ ඔප්පා විදියට මම ඔයාගෙ marriage එක කරලා දෙන්නම්. ඔයාට කැමති දවසක් කියන්න miss sara. අද උනත් මේක කරලා දෙන්න මට පුළුවන් ..."

 REBORN 🚫 (By Sash) [ Completed ]Where stories live. Discover now