ඔන්න ආයෙම පටන් ගත්තා. මම හොදාකාරවම දන්නවා මාව දාලා යන්නෑ කියලා. මං කීයට ගියත් එයාලා ඉන්නවා මං එනකං😏 ඒක ඉතින් තාත්තට කියන්නයෑ.

" උබ ගිහිල්ලා ඔය ඉන්න කොල්ලො එක්කං හොදට මුහු වෙයං. උං එක්ක කතා බහ කරලා විනෝද වෙන්න තමා තියෙන්නේ "

මුහු වෙන්න... ඔව් ඔව් මුහු වෙන්න නං දෙයක් නෑ මුහු වුනා... විනෝද වුනා... දැන් විදවනවා😞

"මෙහෙ දීපං ඕක. බූරුවා. මේක ඔතන්නත් හැට පැයක් යනවා උබ කවදා හැදෙයිද මංදා අප්පා"

"හරි තාත්තේ මං යන්නද එහෙනම්"

"හ්ම් පරිස්සමිං ගිහින් එන්න... නරක් වෙන්න කලින් පාං කන්න... ඇතුලට පරිප්පු දැම්මේ"

පරිප්පු🥴.... ෂිට්...ගම කාලා..... මොනවා කරන්නද... කට වහගෙන යන තැනක යන එක ඇගට ගුනයි. නැත්තන් තාත්තාගේ තවත් දේශනයක් අහන් ඉන්න වෙනවා

***************************

"ආහ් ඉදුවර මල්ලී.... නගින්න නගින්න... ඉක්මන් කරන්න. අයියලා කලින් ගියාත් එක්ක. අපිට එයාලව පාස් කරන්නා තියා ලං වෙන්නවත් බැරුවැති නේද? Driver uncle.... යං නේද සේරමලා ආවා..."

"ගනිං කනිෂ්ක අයියාට කෝල් එකක්. අපි පිටත් උනා කියලා"

"ඕනෙ නෑ බම්. ඔන්න ඔහෙ යමං.... phone එකේ සල්ලිත් නෑ"

"තොට අයියා එක්කං රෑ තිස්සේ මල් නෙලන්න හොදයි. වැදගත් වැඩකට call එකක් ගන්න කිව්වම සල්ලි නෑ..."

"නෑ යකෝ සිරාවට සල්ලි නෑ... ඩේටා විතරයි බම් තියන්නේ"

"මේ ඒක නෙවේ රුයිතා...නිකමටවත් කනිෂ්ක අයියා උබට කිව්වෙ නැද්ද ඇයි මේ එකපාරටම trip එකක් organise කරේ කියලා?

"අයියා දන්නෙත් නෑ. හැබැයි තීක්ශන අයියාට අයිති හෝටලේකටලු යන්නේ. ලොකු අයියලා පස් දෙනාලු මුලින් plan කරේ one day trip එකක් යන්න නිකං ආතල් එකට. පස්සේ තීක්ශන අයියයි, ශොනාල් අයියයි කියලා අපිවත් එක්කං යමු කියලා....හේතුවක් නං කිව්වේ නෑ"

කවුරු හේතු නොදන්නවා උනත් මට නම් හේතු සාධක ලස්සනට ගැලපෙන ගමනුයි තිබුනේ....

"ආහ්.... එහෙනං තීක්ශන අයියාගෙ බලු කුක්කා දන්නවා ඇතිනේ විස්තරේ."
ස්නෝපිගේ කටට සදාචාරයක් නෑ. කියන්නං වාලේ කියවන වාචාල කටක්. ඒ හැමෝම මං දිහා බලං හිටියේ මගෙන් උත්තරයක් ගන්න.

༺ℌ𝔢 𝔠𝔞𝔫 𝔰𝔩𝔢𝔢𝔭 𝔴𝔦𝔱𝔥 𝔞𝔫𝔶𝔬𝔫𝔢࿐🍂(completed)Waar verhalen tot leven komen. Ontdek het nu