"අයියා ඔය ආ පයින්ම යනවද?"මට එයාට කියන්න මොකුත් තිබුනේ නෑ. ඒත් ගේ ඇතුලටවත් නොගෙන යවන්න මගේ හිත දුන්නෙත් නෑ. ඉතින් මගේ කටට ආවේ ඒ වචන ටික විතරයි.

"ආහ් නෑ මල්ලි පයින් යන්නෑ මං කාර් එකේ ආවේ" එහෙම කියලා එයා යන්න ගියා.

මෝඩයෙක්😅 කියන දේ තේරුම් ගන්නෑනෙ. මට හිනාව නවත්ත ගන්න බැරි වුනා. හැබැයි කාලෙකින් මගේ මූණට හිනාවක් ගේන්න පුලුවන් උනේ ශොනාල් අයියාට.

"ගෙදරට ආව මිනිහෙක්ව ඇතුලටවත් නොගෙන යවන සිරිතක් තියනවද?"

"ඉතින් මං මොනවා කරන්නද. ඌ ඇතුලට එන්න එපැයි. අනික උබෙ යාලුවෙක්නේ. උබ දැනගන්න එපැයි ' එන්න අයියේ ඉදගන්න' .... 'මෙන්න අයියේ තේ එක'..... ' බොන්න අයියේ තේ එක'... එක කියලා සලකන්න"

"හ්ම්..." තාත්තා එක්ක තර්ක කරලා දිනන්න බැරි බව දන්න නිසා මගේ පිලිවෙත උනේ නිහඩ පිලිවෙත.

"අනික ඕකා ඇවිත් මෙතන ඉදගත්තා නං උට තේ දෙන්නත් එපැයි... කාන්ති නැන්දත් නෑ උදේ ඉදං....බඩගිනිත් එක්කං මේ ගෑනි කොහෙ ගියාද මංදා... මං බලලා එන්නංකෝ"

**********************

හෙට මට යන්න වෙන එක නං ඉර හද වගේ විශ්වාසයි. ඒත්.....

ඒත් එයාට මූණ දෙන්න තරම් හරියක් මට නෑ. ශොනාල් අයියා කියපු දේවල් ගැන මම එදා දවසම...ඊට පහුවදා දවසම... ඊටත් පහුවෙනිදා දවසම... මේ හැම දවසකම...හැම තත්පරේකම... හිතුවා. ඒත් මේ කිසි ප්‍රශ්නෙකට උත්තර මගේ ලග තිබුනේනෑ. මේ හැම දේටම උත්තරේ තියන්නේ එකම එක්කෙනෙක් ලග... තීක්ශන අයියා ලග...

************************

"ඉදුවර..... ලෑස්තිද.... ඉක්මන් කරන්න"

තාත්තාට වෙනදට නැති ජවයක්. ශොනාල් අයියා කිව්වා වගේ ✌ අත්දැකීම්✌ ලබා ගන්න ඕනෙ නිසා මම මේ ගමන යනවට එයා එක පයින් කැමති උනා. අනික හැමදේම free නං එයාට තව මොනවද. කිසී පාඩුවකුත් නෑනෙ.

"හදිස්සියක් නෑ අනේ"
පාන්දර හයේ හතේ ඉදං තාත්තා හොරණෑ පිබිනවා.

"උබව පලවෙනි trip එක දවසෙම දාලා ගිහාම තේරෙයි හදිස්සිය!! වෙලාවට වැඩ කරන එක මිනිහෙක්ට තියෙන්නම ඕනෙ දෙයක්!! දාලා ගියොත් අපරාදයක්... ඉක්මනින් මේ ටික ඔතා ගනින්කෝ.....

༺ℌ𝔢 𝔠𝔞𝔫 𝔰𝔩𝔢𝔢𝔭 𝔴𝔦𝔱𝔥 𝔞𝔫𝔶𝔬𝔫𝔢࿐🍂(completed)Where stories live. Discover now