අම්මා නැති උනාට පස්සෙ මගේ මුලු ලෝකෙම උනේ මගේ ඔප්පා.

එයා ඉගෙන ගන්න ගොඩාක් දක්ශයි. දැන් එත් එයාට ඕන උනේ එයාගෙම කියලා පොඩි Business එකක් කරන්න . දැන් එයාට එයාගෙම කියලා පොඩි ව්‍යාපාරයක් තියෙනවා. පොඩි කිව්වට පොඩිත් නෑ . එයාට car sale එකක් තියනවා.

මේ දවස් වල එයා ගොඩාක් busy  එයාට නන්ගි කෙනෙක් ඉන්නවද කියල වත් මතක නෑ

Jung Hoseok 's poov:

සාරා.... කෝ මගේ මෝඩ එළදෙන ඉන්නවද  .....මෙහෙ එනවකො ඉක්මනට සුභ ආරන්චියක් තියනවා කියන්න .

හෝසෝක් ගෙදරට එනවත් එක්කම සාර ගෙ නම කියලා හයියෙන් කෑ ගැහුවා.

Sara's poov:

මේ මොන මල විකාරයක්ද මම කියලා තියනව නේද මට ඔහොම කතා කරන්න එපා කියලා . ඇයි දැන් කෑ ගහන්නෙ තමුසෙට කෙල්ලෙක්වත් සෙට් උනාද . අනේ කවුද දෙයියනේ ඒ අවාසනාවන්ති

Just Hoseok 's poov:

යා.. මොකක්ද කිව්වෙ කාටද තමුසෙ කිව්වෙ. ඇයි මොකද මට කෙල්ලො සෙට් වෙන්නෙ නෑ කියලද තමුසෙ හිතුවෙ .

නෑ ඉතින් ඔය දිග එළු මූනට කෙල්ලෙක් සෙට් උනොත් ඉතින් ඒක සමරන්න වටිනව ඈ . සාරා හිනාවෙන ගමන් අයියගෙ පිටට තට්ටුවක් දැම්මා

මොකක්ද තමුසෙ කිව්වෙ...

ඒක කිව්වත් එක්කම හෝසොක් සාරව අල්ලන්න ගේ වටේම දිව්වා.

Author's poov:

යා යා මේ මොන මල විකාරයක්ද මට වැඩ තියනව ඕක නවත්තලා කතාවට එන්ටර් වෙනවකෝ

Hoseok and Sara :ආ සමාවෙන්න

Author: 😒

Hoseok 's poov: මේ අහනවකෝ ඕවා නෙවෙයි මගේ business එක ලොකු කරගන්න මට මරු චාන්ස් එකක් හම්බ උනා. හැබැයි ඒකට අපිට කොරියාවට යන්න වෙනවා. මොකද කියන්නේ

ඔප්පා එහෙම කිව්වත් එක්කම මට නිකං පාවෙනවා වගේ දැනුනා.කොරියාව 🥺 මම කොච්චර ආසාවෙන්ද හිටියෙ එහේ යන්න මගේ තාත්තගෙ පව්ලෙ අය එහේ නේද ඉන්නෙ. අනේ මට එයාලව දකින්න පුළුවන් වෙයි. මට තාත්තගෙ සොහොන ළඟටවත් යන්න පුළුවන් වෙයි 🥺

ඒයි කොහෙද තමුසෙ අතරමං උනේ මොකද කියන්නෙ හාද

Sara's poov :

ඔප්පා මගේ ඔලුවට තට්ටුවක් දැම්මම තමයි මම පියවි සිහියට ආවෙ.
ආයෙත් අහලා මම එකෙන්ම කැමතියි .

Hoseok 's poov :

එහෙනම් confirm . තව සතියකින් අපි එහේ යනවා. ඔයාට ඕන කරන බඩු ලෑස්ති කරගන්න.එහේ ගියාම මම ඔයාව එහේ  Music college එකකට දානවා. නිකං ඉන්න හිතන්නවත් එපා .

Sara's poov :

හරි හරි . ඔයා දන්නවනෙ music තියෙන්නේ මගේ ලේ වල .....

ඔප්පා කොරියාවට යමු කිව්වත් එක්කම මම හිටියෙ හරිම සතුටින්. කොරියන් යන්න දවස් දෙකකට කලින්ම මම මගේ බඩු ලෑස්ති කරගත්තා.

Present

Hoseok 's poov :
ඔක්කොම හරි නේද බඩු ටික ලෑස්තියි නේ මම cab එකකට එන්න කිව්වා flight එක යන්න පැය දෙකකට කලින්වත් අපි එතන ඉන්න ඕන.

මම ඔප්පා එක්ක flight එකට නැග්ගෙ ගොඩාක් දේවල් හිතේ තියාගෙන . මගේ අප්පා කොහෙද හිටියේ, ඇත්තටම මොකක්ද එදා Accident එක දවසෙ උනේ,අප්පගෙ පව්ලෙ අය කවුද මේ දේවල් හොයාගන්නකන් මට ඉවසිල්ලක් නෑ.

Author's poov :

ඉතින් ඔන්න සාරායි හෝසොක් නුයි කොරියාව බලා පිටත් උනා අවුරුදු 13ක් තිස්සෙ සාමකාමිව තිබුණ එයාලගෙ ජීවිත , කොරියාවට ආවට පස්සෙ කොහොම වෙයිද . ඒක දැනගන්න නම් කතාව අවසාන වෙනකන් ඉන්න වෙනවා 🌝

මේක මගේ පළවෙනි FF එක . ඔයාලගෙ අදහස් මට comment එකක් දාලා කියන්නකෝ 😙

ආ තව දෙයක් උඩ දාලා තියෙන ට්‍රේලර් එක බලන්න අමතක කරන්න එපා 🌝

සාරන්හේ ❤️

මම ගියා 😌✋

 REBORN 🚫 (By Sash) [ Completed ]Where stories live. Discover now