"හ්ම්ම්..ජිමින් ගැන කියනවනම් එයා..ලියුකේමියා රෝගියෙක්.."ඩොක්ටර් කිව්වෙ ජිමින් දිහා බලාගෙන..ඒක අහද්දි තේහියොන් ජන්ග්කුක් දෙන්නටම හිතුනෙ මේවා අහන්නෙ නැතුව මැරිලා යනවනම් හොඳයි කියලා..කොහොමද හිතන්නෙ?එයාලගෙ සහෝරදරයට මේ වගේ කරුමක්කාර ලෙඩක් තියෙනවා කියලා?

"අපිට එයාව බේරගන්න පුළුවන් නේද?කියන්න ඩොක්ටර්.."තේහියොන් ඇහුවා..

"සමාවෙන්න පුතා..මේ වෙනකම් ජිමින්ට කරපු කිසිම ප්‍රතිකාරයක සාර්ථක ප්‍රතිඵල නැහැ..එයාට..තව ඉතුරු බොහොම ටික කාලයයි..මේ කාලෙදි එයාව සතුටින් තියන්න..පුළුවන් තරම්.."ඩොක්ටර් කියද්දි ජන්ග්කුක් අත්දෙකෙන්ම පපුව අල්ලගෙන කෑ ගහලා අඬන්න පටන් ගත්තා..තේහියොන් ඩොක්ටර් ගාව දණ ගැහුවෙ ‌ඩොක්ටර්ගෙ ඇස්වලත් කඳුළු පුරවලා..

"ඩොක්ටර්..චේබල්..අපිට එයාව ‌බේරලා දෙන්න ඩොක්ටර්.."තේහියොන් ඩොක්ටර්ගෙ අත්දෙකෙන් අල්ලගෙන කියද්දි ළග හිටිය නර්ස් අහක බලාගත්තෙ කඳුළු හංගගන්න වගේ...

"දරුවනේ...මට තේරෙනවා..ඒත්..අපිට ඇටමිඳුළු බද්ධ කරත් ජිමින්ව බේරගන්න බැරිවෙයි..මොකද ජිමින්ගෙ ඇඟේ තියෙන විකෘති රුධිර සෛල ප්‍රමාණය වැඩියි..විශාල වශයෙන් පිළිකා සෛල පැතිරිලා..සොරි පුතා.."ඩොක්ටර් තේහියොන්ගෙ ඔළුව අතගාද්දි තේහියොන් උන් තැනම වාඩිවෙලා ඔළුවට අත තියාගත්තා...

"අපිට මොනවත්ම කරන්න බැරිද ඩොක්ටර්?"ජන්ග්කුක් ඇහුවෙ වේදනාවෙන් මිරිකුණු කටහඩකින්..

"ඔයාලට කරන්න පුළුවන් හොඳම ‌දේ තමයි එයාව සතුටින් තියන එක.."ඩොක්ටර් එතනින් ගියෙ තේහියොන්ගෙ පිටට තට්ටුවකුත් දාගෙන..තේහියොන් නැගිටලා ඇවිත් ජිමින් ගාවින් වාඩි වුණා..

"ජිමිනා..උඹට පුළුවන්ද අපිව දාලා යන්න?ආ..උඹ දන්නවනේ...උඹ නැතුව අපිට මුකුත් කරගන්න බෑ..උඹ නැති වුණොත් මුළු ගෙදරම පිස්සන් කොටුවක් වෙයි බං..උඹ නැති ‌වුණොත් කවුද අපිට බනින්නෙ ගේ හැඩි කරලා කියලා?අනේ අපිව දාලා යන්න එපා බං.."තේහියොන් ජිමින්ගෙ අත් දෙක අතට අරගත්තා..

ජිමින්ගෙ ඇස්පිය යන්තම් හෙලවෙද්දි කොල්ලො දෙන්නා වුවමනාවෙන් ජිමින්ගෙ මූණට එබුණා..යන්තමට ඇස්පියන් ඇරගන්න තමන් එක්කම සටන් කරපු ජිමින් පෙනෙන නොපෙනන ගානට ඇස් ඇරියෙ අමරෙුවෙන්..කොල්ලට බොඳ වෙලා පෙනුනෙ තමන් ගාවින්ම ඉන්න ජන්ග්කුක්ගෙයි තේහියොන්ගෙයි අපැහැදිලි ඡායාවන්..

Love In The Moonlight | Jimin Centric | CompletedTempat cerita menjadi hidup. Temukan sekarang